Monday, November 26, 2012

The Black Heven -Chandana Ellewala



The Black Heven



‘පුලස්ති දේවසිරි‘ කියන්නේ මාගේ ඥාති සොයුරෙක්
මාසයක් දෙකක් වැඩිමල් උනාට ඌ මට කීවේ පොඩි මළය කියලා..
දේවසිරිව, කාටවත් ඇල්ලුවේ නැ, හම්පඩ ඩෙනිම් එකක් ලොකු ෂර්ට් එකක් ඇදල හිටිය ඌට අගල් 6 ත් විතර රැවුලක් තිබ්බා .

දේවා ගෙදර එනවට මගේ හාමිනේගේ කැමැත්තක්
තිබ්බේ නැ ඒකට හේතු උනේ කිසිම දේක වටිනාකමක් ඌට දැනුනේ නැති හින්දා, අගේ කිරීමක් නැති හින්දා.

මම ‘එල් ඊ ඩී ත්‍රිමාන‘ රූපවාහිනියක් ගත්තා. මිනිහා කීවේ මෙහම කතා
වක්

‘‘පොඩි මල්ලී
අපි කනවා එකෙන් වැඩ කරනවා ශක්තිය නැති උනාම
අයෙම කනවා‘‘

‘‘ඉතිං‘‘

මම කීවේ කේන්තියෙන්, ඒක අමුතුවෙන් කියන්න ඕන දෙයක් යැ...

‘‘වෙන්න ඕන ඕන් නැති දේවල් වලට ශක්තිය දෙන්න කෑම නොකා ඉන්න එක‘‘ කියල මිනිහා නෝන්ජල් හිනාවක් දැම්මා.
--------------------------------------------------------------------------
අද උදෙන්ම හාමිනේ ඉස්කොලේ සමීතියකට ගියා
මම අලුතින් ගත්ත රූපවාහිනිය පණ ගන්වන්න කලින්,
හදුන් කූරක් පත්තු කරා. ඊට පස්සේ සිගරට් එකක් පත්තු කරගෙනම, රූපවාහිණිය පණගැන්නුව.. කන්නාඩි දෙක දාගනෙ මම රූපවාහිනේ වෙලාව තිබ්බා

2012 11 25 උදේ 9.10 යි

පස්සේ මම චැනල් එකකට ටියුන් කලා
ඉස්සරවෙලාම ආවේ කළුසුදු පසුතලයක් ‘‘පරණ කතාවක් වෙන්න ඇති‘‘
මම මටම කියාගත්තා. එත් මාගේ ඇගේ රෝම කෙලින් වෙන්න ගත්තේ
රූපවාහිනේ මම යෙදූ දිනය දැක්කමයි ඒක දිස්වුනේ

1782 11 25 කියලා

මම විමතියෙන් ගල් ගැහිලම රෑපවාහිනියට කිමිදුනා

ඒක ගැමි පරිසරයක සවස 7 ට වගේ කාලයක්. එතැන උන්න එක චරිතයක් ‘‘මම‘‘ කියල මට හිතුනා. වයස 20 ක විතර මම මගේ ඇස්වලන් දැක්ක දේ රූපවාහිනියෙන් පෙනුනා.

"කැකුණතෙල්" පන්දම් කීපයක් පත්තු වෙමින් තිබුනා. කුඩප්පචිචි නයෙක් ගහල මැරිලා. උන්දා වල දලා අපි මල ගෙදර මිදුලේ උන්නේ.
සේතං මාමා බුලත් විටක් හපනවා. ‘දේවසිරි‘ අයියා පිලේ ඈදිගෙන උන්නා. සුදු සරමක් ඇදං උන්න උගේ රුවුල වැවිලා තිබුනා.

ඇගිලි දෙක අතරින් කෙල පාරක් ගහපු සේතං මාමා කියවන්න ගත්තා.

‘‘ලොකු හාමුදුරුවන්ගේ අපූරු බණ ටික. කට්ටිය මීක් නැ‘‘

‘‘අනේ ඔවු‘‘ මට කියවුනා ‘මලී‘ දොරලගට අවිත් හිනාවෙලා ගියා

‘‘එතකොට ඒ කාලේ හාමුදුරුවොන්ට උඩිං යන්න පුළුවන්ද ?‘‘

උක්කු අහපි. දේවසිරි හිනාවක් නගාගෙනම උත්තර දෙන්න ගත්තා

‘‘නැ මලේ හාමුදුරුවෝ උඩින් ගියේ නැ. යන්න ඕන තැනට රැස් යවල එතැන රූපයක් මැව්වා විතරයි. ‘‘

‘‘එතකොට හාමුදුරුවෝ කීවේ උඩින් යනකොට බවලත්තු නානාකොට දැහැන බිදිලා බිම වැටෙනවා කියලා‘‘ උක්කුං ප්‍රති උත්තර බැන්දා

මට මලීව මතක් උනා එකි නානකොට ඔළුවේ, තලපු ගොඩපර ගෙඩියක් ගානවා විතරක් නෙවෙයි දිය රෙද්ද දෙපාරක් ,තුන්පාරක් කඩල අදිනවා..
ඒං ඒ වගේ එකියක් දැක්කනං බිම තමයි........

‘දැනං පොඩ්ඩා මලයා ට උනේ ඒ වගේ දෙයක් හිතේ රැස් ඇරියා ලිද ගාවට හොදයි නැ කියපං....‘‘ දේවසිරියා කිව්වා ..

මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා දේවසිරි වටේට පත්තු කරල තිබ්බ පන්දම් මිදුලට ගෙනාවේ අපේ අම්මගෙන් බැනුම් අහ අහ. ඌ ඒක එක පේලියට හිටෙව්වා ඊට පස්සේ අපි ඔක්කොමට අඩ ගහලා .....

‘‘ බුදු හාමුදුරුවෝ" කීව එක හුගක් අයට තේරුනේ නැ. මේක අහපල්ලා
මෙතැන තියන පන්දම් පහ කියන්නේ ඇස ,කන, නාසය ,දිව ,ශරීරය, මේ කොනේ තියෙන්නේ "සිත" කියන පන්දම.. දැන් හිතාපල්ලා මේ එක එක පන්දම මම නිව්වම මොකද වෙන්නේ කියල
හයවෙනි පන්දම නිකම්ම නිවෙනවා... ඒකියන්නේ ශරීරේ මැරුණම හිත මැරෙනවා. උන්නාන්සේ කීවේ ශරීරේ නොමරා, මරා හිත හයිය කරගන්න කියලා, ඒ කීවේ භාවනා කරලා ඔය පන්දම් තාවතාලිකව නිවන්න කියලා...
එතකොට 6 වෙනි පන්දමට තෙල් වැඩියෙන් එන නිසා ඒක ලොකුවට දැල්වෙනවා... ඒකියන්නේ රැස් විහිදෙනවා කියන එක. ඒ රැස් නැත්තං නැත්තං කිරණ වලින් තමයි අර කීව විදියට තැන තැන රූප මැව්වේ‘‘

--------------------------------------------------------------------------
"කවදා හරි මේ ගෙයි ඉස්සරහ තියන මෙසේ තියන වීදුරුවක ගමේ පන්සලේ කියන බනක් දැක්කොත් උඹලා පුදුම වෙන්න එපා", ඒක වෙන්නේ කිරණ වලින්, හරියට "අන්ජනම" වගේ...
--------------------------------------------------------------------------

‘‘අම්මපා‘‘ මට කියවුනා

‘හිතපං පොඩ්ඩා දිවිය ලෝකේ බන කියන්න, ලංකාවට තුන් පාරක් එන්න
උන්නාන්සේ ආවේ ගියේ කොහොමෙයි කියල, මෙන්න මේ ‘කිරණ‘ වලින්... මට තිබ්බ ගැටළුව එතරම් කිරණ හදාගන්න උන්නාන්සේ ශක්තිය හදාගත්ත විදිහ..‘‘

‘‘කාලනේ බං අයියේ‘‘ මං කීවේ ඔලොක්කුවට.

ඊට පස්සේ වැස්සේම දේවසිරි නොපෙනී ගියා

---------------------------------------------------------------------------
මම රූපවාහිනියෙන් ඇස් ඉවතට ගත්තා
එත් අයෙමත් මාව පුදුමයෙන් පුදුමටපත් පත් උනා ,උන රෝගියෙක් වගේ මාව ගැහෙන්න ගත්තා
රූපවාහිනියේ දැන් දිනය වැටුනේ

2242 11 25 විදිහට

ලා නිල් පාටකින් රූපවාහිනිය වර්ණ ගැන්විල තිබුනා

-------------------------------------------------------------------------
ඒක ඉමක් කොනක් නැති විශාල වහලයක් වගේ එකක්
එතැන හිටියේ අවු 30 කට වඩා අඩු අය මම අවු 20 ක විතර චරිතයකට පන පොවමින් හිටියා...

තැන තැන කෙල්ලෝ කොල්ලෝ විනෝදෙන් ඉන්නවා. එකම විදිහේ ගොඩනැගිලි විතරයි, මට පිපාසයක් දැනුනා. එ සැනින් වතුර බෝතලයක් අතින් ගත්ත යන්ත්‍රයක් මා ඉදිරියට ආවා, මම කිව්වේ නැ, හිතුවා විතරයි..
කෙල්ලන්ගේ අතින් අල්ල ගත්ත කොල්ලෝ කාමරවලට ගියා කිසිම තහනමක් නැ..

‘‘පොඩි බ්‍රදර්‘‘

මගේ හිතට කවුද කතා කරනවා වගේ දැනුනා මම ඒ පැත්තට ගියා දෙරවල් කීපයක් ඉබේ ඇරුනා...

ඉස්සරහින් දේවසිරි වාඩිවෙලා හිටියා
‘දේවා‘ මට කියඋනා. මට සියල්ල අපහැදිලියි.

‘‘ඉන්න මම තේරුම් කරන්නං ඔයා දැන් ඉන්නේ වර්ෂ 2242

2010 දී විතර ලෝකයේ විද්ද්‍යඥ්ඥයින් ඉරාන සහ පාකිස්තාන පොළව යට තිබිල අළුත් මූලද්‍රව්‍යක් හොයා ගත්තා ඒක g88* ඒක රත්තරන් වලට වඩා ශත්කිමත් සුනම්‍ය ශක්තිමත් ලෝහයක්, ඔවුන්ට ඒක ඕන උනේ, විකිරණ වලින් ආරක්ෂා වෙන්න ලොකු ආස්තරණයක් වගේ එකක් හදන්න.......හරියට ලොකු කූඩාරමක් වගේ එකක්.
ඔවුන් ඒක සහරා කාන්තාරේ අත්හදා බැලුවා. සාර්තක උනා ඔවුන්
2020 ඉරාණයට සහ පාකිස්ථානය ට ප්‍රහාර එල්ල කරලා සියළුම g88* ටික ගත්තා ඒවයින් සහරාවල අති විහාල කූඩාරමක් හැදුවා
දැන් ඔයා ඉන්නේ එකේ කුඩා තැනක‘‘

මට පුදුමයි මම අහගෙන හිටියා....

‘‘ 2050 දී මේකට විරුද්ධව ලෝකෙම යුද්ධ ඇති උනා ඒ ගොල්ල අති විශාල ප්‍රමාණයක් න්‍යාෂ්ඨික අවි මුදා හැරලා ලොකෙන් භාගයක් විනාශ කරා. දේශපාලකයෝ සහ සල්ලි තියෙන මිනිස්සු ගෙවල මේ කූඩාරමට ආවා. මෙතැන විකිරණ වලින් ආරක්ෂිතයි..‘‘

‘‘පුදුමයි දේවසිරි මොකද මෙතැන කරන්නේ..‘‘ මම ඇහුවා

මට ප්‍රශ්න කෝටියත් තිබ්බා. ඇයි මහළු අය නැත්තේ, රක්ෂාවල් නැත්තං වගාවල් වගේ දේවල්... මොකද මම අවේ 2012 ඉදල නිසා.

‘‘ඉන්න මම පැහැදිලි කරන්නම්‘‘ දෙවා නිසොල්මනේ කියාගෙන ගියා

"මිනිස් සිතින් මුදාහරින තරංග තරම් විශිෂ්ඨ දෙයක් ලෝකේ නැති බව මට තේරිල තිබුනා".. බුදු හාමුදුරුවෝ භාවනා කරල කලේ, අනිත් අවයව තාවකාලික අඩපන කරල, මිනිස් සිතින් තරංග මවපු එක, ඒක
ජනපදකල්‍යානි වෙනුවෙන් යාමා මහ පෙලහර පාන්නත්, රුවන් ගෙයක් මාවාගෙන භාවනා කරන්නත් යොදාගත්තා..

‘‘මම පුළුවත් තරම් පරේශණ කරල ඒකට ක්‍රමයක් හොයාගත්තා ඒක මම මීට කලකට ඉස්සර G 88 ටීම් එකට දුන්නා. එකේ ප්‍රතිපළයක් හැටියට G88 පාලකයෝ වෙච්ච අපි අමරණීය උනා... ඇත්තටම මේ තියෙන්නේ කිරණ විතරයි.. ඒවාට ශක්තිය දෙන්න මිනිස්සු දාස් ගානක් සුවසේ නිදාගන්නවා...‘‘

‘‘මට තේරෙන් නැ ‘‘ මම කිව්වා

‘‘ඔයා වැඩිහිටියෝ දැක්කේ නැනේ.. අපි අවුරුදු 30 න්පස්සේ හැම කෙනෙක්ම මැරෙනකං ස්වාභාවික නින්දකට දානවා‘‘

දේව මට ස්ක්‍රීන් එකක් ඇරල පෙන්නුව. මිනිස්සු දස දහස් ගානක් පොලිමට නිදි - බට වලින් කෑම දෙනවා එයාල පංච ඉන්ද්‍රියම නිදි ගන්නවල මනිසින් උපද්දවන තරංග ලොකු පෙරුම් උපකරණයක යවනවා
එ ශක්තියෙන් තමයි දේවා ඇතුලු පාලකයන් නොමැරී ජීවත් වෙන්නේ...

‘‘අපේ දවසක් වෙනුවෙන් මිනිසුන් 10 ක් දින 50 ක් නිදාගන්න ඕන, දැන් අපිට පිරිස මිදිවෙලා තියෙන්නේ ඒක නිසා අපිට ඕන පුළුවන් තරම් ළමයි හදවන්න. ඔයා ඉස්සර වෙලාම දැක්කේ ඒක. මලී ඉන්නවනං ඔයාටත් පුළුවන්.‘‘

දේවා හිනා උනා

‘‘තව එකක් ඔයා බ්ලු ටූත් ගැන දන්නවනේ මෙහෙත් එ වගේ සිතන හැම දෙයක්ම යන්ත්‍ර වලින් කොපි කරගනන්වා ඒක ඒ වෙලාවෙම ලබා දෙනවා
ඔයාට දුන්න වතුර බෝතලේ වගේ.ඒක නිසා මේක 7 වන දිවියලෝකේ කියල මිනිස්සු හිතනවා. තව මිනිස්සු හිතන හැම පරිසරයක්ම අපි හොලේග්‍රෑම් වලින් මවනවා... ගංගා දිය ඇලි විතරක් නෙවේ අතීත පරිසර පවා...ඒ වගේම සියළු ආහාර නිෂ්පාදන කරන්නේ යන්ත්‍ර..‘‘

දේවාට සතුටුද ? මම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහුවා...

නැ පොඩි බ්‍රදර් මම උඹව 2012 ඉදන් මෙහෙට ගෙන්නුවේ මේක මහ අපරාධයක් කියල කියන්න, කීප දෙනෙක් අමරණිය වෙන්න ලක්ෂ ගානක් ජීවිත වලින් වන්දි ගෙවන්න ඕන, ඒත් දැන්නං මට කරන්න දෙයක් නැ

මම බුදු දහමේ අර්ථය වැරදියට යෙදෙව්වා....

______________________________________________
ටිං ටිං

දොරේ බෙල් එක වදින සද්දයක් ආවා
හාමිනේ ඇවිත් !
මම සිගරට් කොට ටික කොමඩ් එකට දාලා දොර ඇරියා...

‘‘දන්නවද අන්න දේවා ඇක්සිඩනට් වෙලා‘‘
මං හිතන්නේ.......

මට අයෙම හීන් දාඩිය දැම්මා

--------------------------------------------------------------------------
කුරුළු නිස්කලංකට විශේෂ ස්තූතිය

මෙහි එන ධාර්මික කරුනු සහ විද්‍යාත්මක කරුනු
නිර්මාණ පමණි...
=====================================================================

  • Athula Siriwardhane .
    චන්දන මෙතෙක් ලිවූ හොඳම සැහැල්ල
    මේකයි කියල මට හිතෙනවා.

    සංවරව සංයමයෙන් කතා කරනවා නම්
    බොහෝ දේවල් මේතුළ තියනවා.

    අපිට වගේම
    චන්දනටත් හැදෙන්න දේවල්
    එයින් ලැබෙන්න ඉඩකඩ තියනවා.

    මුලින්ම අඛිලට පිළිතුරක් දිය යුතුයි.

    අඛිල කතා කරල තියෙන්නෙ
    බෞද්ධයෙකුට වඩා
    බුදු පාක්ෂිකයෙක් වගෙයි..

    අද බහුතරය බුදුන් වහන්සෙට
    සලකන්නෙ එහෙමයි.
    සමහරු පක්ෂයි.. සමහරු විපක්ෂයි..

    දේශපාලනයෙදි වගේ පාක්ෂ්කව හිතුවොත්
    බුදු දහම දකින්න බැහැ.
    බුදු දහම කියන්නෙ
    තමන් කරන දේ,
    තමන් කියන දේ,
    තමන් හැසිරෙන විදිය දිහා
    තමන්ම බලා ඉඳලා තේරුම් ගත යුතු
    සරල පැහැදිලි සත්‍යතාවයන් පෙළක්.

    ඒක චන්දනගෙ සැහැල්ලෙන්
    කාටවත් ලබන්නෙත් බැහැ.
    ලබාගෙන තිබුණ කෙනෙකුගෙන්
    නැතිවෙන්නෙත් නැහැ.

  • Athula Siriwardhane .
    මට නම් මේකෙන් බුදු දහමට වෙන
    හානියක් පෙනෙන්නෙ නැහැ. අඛිල..

    මා තුලම බුදු දහම විමසලා බලල
    මම දකින්න ඉගෙන ගත්ත විදියට බැලුවාම
    බුදුන් වහන්සෙ කළේ මේදේයි කියන එක
    චන්දන අර්ථ දක්වලා තියන විදිය
    වැරදියි තමයි.

    ඒ චන්දනට තේරෙන හැටි සහ
    චන්දනගෙ කතාවට අවශ්‍ය
    අර්ථ කථනය..

    හරි වුණත් වැරදි වුණත්
    හැමෝඅම කරන්නෙ ඒකයි.

    ඒක කියෙව්වා කියල
    මම තේරුම් අරන් තියන විදිය
    වෙනස් වෙන්නෙ නැහැ.

    බුදුන් වහන්සෙගෙ දේශනා
    හාමුදුරුවරු අර්ථ දක්වන විදිය අහල
    නොමග යන තරම් මෙයින් කවුරුවත්
    නොමග යන එකක් නැහැ.

    තව කෙනෙක් තේරුම් අරන් තියන විදිය
    චන්දන කියල තියන විදිය අහල
    වෙනස් වෙනවා නම්
    ඊළඟට මේ වගේ දෙයක්
    ඇහුවම ආයෙත් වෙනස් වෙයි.

    බුදු දහම තියෙන්නෙ මොකටද කියලවත්
    දන්නෙ නැති අය නොමග යන්නෙ කොහොමද?

    දැනටමත් නොමග යන මිනිහා
    කොයි මග ගියාම මොකද?

    අපිට පෙනෙන මග නිවැරදියි කියලා
    දැනගන්න නම්
    දවසින් දවස අපේ දුක් විඳින ප්‍රමාණය
    අඩුවෙන්න ඕන.

    තමන්ගෙ ජීවිතවල
    දවසින් දවස දුක් විඳින ප්‍රමාණය
    අඩුවෙන්නෙ නැති නිසාත්
    දුක යටපත් කරගන්න කරන්න දේවල්
    ඕන තරම් තියන නිසාත්
    මිනිස්සු ඒවා කරමින් දුක හංගගෙන
    නොවිඳ බැරි දුක් ටික විතරක්
    අකමැත්තෙන් අමාරුවෙන් විඳිනවා.

    ඔය තරම් දුක් විඳින්නෙ නැතුව
    ඔය දේවල්ම විඳින්නෙ කොහොමද කියල
    බුදු හාමුදුරුවො කියල දුන්නට
    තමන්ගෙ දැනුම ගැන තරම්
    බුදු හාමුදුරුවන්ගෙ දැනුම ගැන
    විශ්වාස නැති අය
    කොහොමද දැනගන්නෙ.

    කාටවත් නොතේරෙන දෙයක් එක්ක
    ඕන කෙනෙකුට සෙල්ලම් කරන්න පුලුවන්.

    පුංචි දරුවෙකුට මොබයිල් ෆෝන් එකක් ලැබුණොත්
    සෙල්ලම් නොකර වෙන මොනව කරන්නද?

    බොහෝ දෙනෙකුට
    ජීවිතයත් එහෙමයි..
    බුදු දහමත් එහෙමයි.

  • .Athula Siriwardhane .
    ගයිරස්කෝපය
    හරියට භාවිතා කරන්න
    දන්නෙ නැති කෙනෙකුට
    ඒක වටින්නෙ නැහැ.

    බුදු දහමත්
    ඒ වගේමයි.

    ජීවිතයත් බුදු දහමත්
    ගයිරස්කොපයක් වගෙයි...

    ක්‍රමය දන්නව නම් ඕන තැනක
    සමබරතාවය රැකගෙන
    ක්‍රියාකාරීව ඉන්න පුලුවන්..

    නැත්නම් හිටෙව්වොත් වැටෙන එක තමයි වෙන්නෙ.

    ක්‍රමය හොයන්නෙ නැතුව
    තමන් වැටිලා ඉඳගෙන
    තමන් ඉන්න තැන හරි කියල
    ඔප්පු කරන්න හදල
    ප්‍රයෝජනයක් නැහැ.

    මේ සැහැල්ල තුළ කතා කළ යුතුදේ
    අර පන්දම් හය නිවන්නෙත් නැතුව
    පුච්චගන්නෙත් නැතුව
    ආලෝකයක් කරගන්නෙ කොහොමද කියන එකයි.

    මූලිකවම,
    චන්දන ඒකට සූදානම්ද?.



  • Chandana Ellewala
    ස්තූතියි අතුල

    -------
    ඒ චන්දනට තේරෙන හැටි සහ
    චන්දනගෙ කතාවට අවශ්‍ය
    අර්ථ කථනය..

    ‘‘ඒ චන්දනට තේරෙන හැටි‘‘ අයින් කරමු

    මම පැහැදිලිවම දැම්මා මේක නිර්මාණයට අදාල ව පමනය කියලා.....

  • Chandana Ellewala කොමෙන්ටු වලට ස්තූථියි

    ඇයි මේ අය
    g88* මූල දව්‍යක් නැ කියන්න උත්සහ නොගන්නේ...
    ඒක නිරමාණයක් බව පිළිගන්න නිසා

    එත් මේ නිර්මාණයට අදාලව ධාර්මික කරුනු ‘‘නිර්මාණිතයි‘‘ කියල පිළිගන්න සුදානම් නැ..

    ඒතරම්ම ඒවා (ධාර්මික කරුනු ) විශ්වාස කරන නිසාද ?


  • Athula Siriwardhane .

    චන්දනගෙ මුල් නිර්මාණ වල
    තිබුණ මූලික අඩුව
    හරයක් නොමැති වීමයි.

    මේකෙ හරයන් තියනවා..
    ඒත් ඔබ දන්නවා ඒ හර
    විකෘති වුණ ඒවා බව.

    ප්‍රකෘති සත්‍ය නොදන්නා විට
    සත්‍යය විකෘති නොකොට
    චන්දනට විකල්පයක් තිබුණාද?
    නැත්නම්
    සත්‍යය විකෘති කළේ ඇයි.?

    සත්‍යය දන්නවා නම්
    ප්‍ර සත්‍යය මීට වඩා
    සිය දහස් වාරයක් ගැඹුරුයි..
    ඒ වගේම සරලයි.

    සත්‍යය දන්නවා නම්
    සත්‍යය නිර්මාණයක් සඳහා
    වෙනස් කළ යුතු නැහැ..
    නොදන්නවා නම්
    සත්‍යය නිර්මාණයක් සඳහා
    වෙන කළ යුතු දෙකුත් නැහැ..

    රශෝමොන් සහ
    ද මේට්‍රික්ස් චිත්‍රපටිවල
    මිනිසාගෙ විඤ්ඤාණය
    බුදු දහමට අනුව
    ක්‍රියා කරන ආකාරය
    ඉතා හොඳින් නිර්මාණාත්මකව
    උපයෝගී කරගෙන තිබුණා.

    ඒවා අපිට පහසුවෙන් නොපෙනෙන සත්‍ය දැකලා
    ඒ සත්‍යය ආකෘතිය විදියට අරගෙන
    ඒ ගැඹුරු සත්‍යය පහසුවෙන් පෙනෙන තත්වයට
    අපි දන්න දේත් අන්තර්ගත කරලා
    සත්‍යය සරල කරමින් කළ නිර්මාණ.

    රශෝමොන් කියන්නෙ
    තනිකර කුරොසාවා නෙමෙයි.
    සියයට අනූවක් නැත්නම්
    සියයට හැටක් හැත්තෑවක්වත්
    අකුතගාවාත් එහි ඉන්නවා.
    අකුතගාවා බුදු දහම ඇසුරෙන්
    නිර්මාණ කළ
    මිනිස් මනස ක්‍රියාකරන ආකාරය
    ඉතා විශිෂ්ඨ අයුරින් හඳුනාගෙන
    නිර්මාණ වලට උපයෝගී කරගත්
    ලේඛකයෙක්.
    ඔහු විඤ්ඤාණය පිළිබඳ සත්‍යය
    ගව්ගාණකින් අපිට සමීප කළා.
    කුරොසාවා ඒ නිර්මාණය
    තවත් ගව්ගාණකින්
    අපට සමීප කළා.

    රෂෝමොන් බලන අය අතරෙන්
    විඤ්ඤාණය ගැන
    කිසිම හැඟීමක් නැති කෙනෙක් වුණත්
    චිත්‍රපටිය රස විඳිනවා.
    විඤ්ඤාණයෙ ක්‍රියාකාරිත්වය
    දන්න කෙනා කුරොසාවා ගැනත්
    අකුතගාවා ගැනත් විශ්මයට පත්වෙනවා.
    තමන්ගෙ මනසෙ ක්‍රියාකාරිත්වය
    දකින්න පටන් ගන්නවා.
    ඒ නිර්මාණ දෙපාරක් තලු ගහලා
    "පට්ට, මැක්සා" කියල
    ලයික් එකක් දාල
    අමතක කරන්න පුලුවන් නිර්මාණ නෙමෙයි.

    රෂෝමොන් අවුරුදු හැටක් විතර තිස්සෙ
    මිනිස්සු නැවත්ත බලන්නෙ
    එහි හරය ප්‍රකෘති සත්‍යය නිසා.
    ස්පීල්බර්ග්, වූඩි ඇලන්, රායි,
    මාර්ටින් ස්කොර්සෙසෙ වගේ අය
    රෂෝමොන් අගය කරන්නෙ
    ඒ සත්‍යය බුදු දහම ඇසුරෙන් දැනගෙන
    නොවෙන්න පුලුවන්.

    ඔවුන් ජීවිතයෙන්
    ඒ සත්‍යය ඉගෙනගෙන තියනවා.
    ප්‍රඥාව පහළ වෙන්නෙ
    බුදු දහමෙන් විතරක් නෙමෙයි.
    බුදු දහමෙන් ලැබෙන්නෙ
    ප්‍රඥාවෙ අග්‍ර ඵලයයි.

    බුදු දහම ඇසුරෙන්
    රෂෝමොන් කතාව දකින කෙනාට
    ඒක විශාල ආලෝකයක්.

    කෙටිකතාවක් විදියට
    වන ලැහැබකදී හෝ
    චිත්‍රපටියක් විදියට
    රෂෝමොන් හෝ
    රස විඳින කෙනා ඒවා බලල
    අමතක කරල දාවි.

    ඒත් ඒ නිර්මාණ තුළින්
    විඤ්ඤාණය ගැන සත්‍යය දැකල
    ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න කෙනා
    එයින් පරිවර්තනය වෙනවා.

    මාත් බිරිඳත් අතර කෙරෙන වාද විවාද
    සංවාද වලද නිතරම වගේ ඇහෙන
    "ඔන්න රශෝමොන් මානසිකත්වය"
    කියන ප්‍රකාශයෙන් පස්සෙ
    පැයගාණක කරුණු දැක්වීමෙ අවශ්‍යතාවය
    ඒ වචන ටිකට අඩුවෙනවා.

    ඔබේ නිර්මාණය දිහා අපි බලන්නෙත්
    "රශෝමොන්"මානසිකත්වයෙන් තමයි.

    චන්දනගෙ සැහැල්ල තුළ
    නිර්මාණ දෙකක් තියනවා.
    එකක් එහි අන්තර්ගතය....
    ඒක නිර්මාණය.

    මෙහි ආකෘතියත් නිර්මාණයක්.
    මෙහි ආකෘතිය විකෘතියක්.. :)

    චන්දනගෙ සැහැල්ල
    චන්දන අපිට පහසුවෙන් නොපෙනෙන සත්‍ය දිහා
    අපි ඉන්න තැනම ඉඳන් බලාගෙන
    ඒ සත්‍යය විකෘති කරලා
    ඒ විකෘති සත්‍යය ආකෘතිය විදියට අරගෙන
    ඒ විකෘති සත්‍යය ආධාර කරගෙන
    අපි දන්න දේත් අන්තර්ගත කරලා
    සත්‍යය මුවා කරමින් කළ නිර්මාණයක්.


    • Chandana Ellewala ප්‍රකෘති සත්‍ය මේ යැයි
      මට නං කවදාවත්ම හැගීමක් තිබුනේ නැ....

      මම කලේ ගොඩ නගන දෙය කාලීන සත්‍යට ආසන්න බව උපකල්පනය කිරීම පමනි....

      ස්තූතියි මටත් යමක් තේරුම් ගන්න සැලැස්සුවට.....


  • Athula Siriwardhane .
    බුදු දහම නොදන්න බෞද්ධයන්ට
    බුදු දහම විකෘති කිරීම
    කවුරු කළත් ප්‍රශ්නයක් නෙමෙයි.
    අඛිලට වුණත් ප්‍රශ්නයක් වුණේ
    එහෙම කියපු නිසා වෙන්න පුලුවන්..
    ඒ අතින්
    චන්දනගෙ සැහැල්ල වැරදි වෙන්නෙ
    බුදුදහම විකෘති වෙන නිසා නම් නෙමෙයි. :)

    උදේ ඉඳන් රෑ වෙනකන්
    හාමුදුරුවරු කරන්නෙත් ඒක තමයි.
    ඒක වලක්වන්න බැහැ.

    දහම විකෘති කළා කියල කියපු නිසා
    චන්දනට මම ගරු කරනවා.
    බාල නිර්මාණකරුවෙක් නම්
    එයින් අභිමානයක් ඇතිකරගෙන
    පිරිසකුත් හදාගන්නවා.
    නිරුක්ති පටිභාන පහළවෙලා කියල
    නිර්මාණාත්මක ගොන් බානක්
    තරඟේට තප්පුලන්නෙ
    ඔය පොට වැරදුන නිසයි.

    බුදු දහම නිර්මාණයක් නෙමෙයි.

    ඔබේ වගේ නිර්මාණ වලින්
    මතුපිට දූෂණය වුණාට
    බුදු දහමෙ හරය සම්පූර්ණ සත්‍යයක්.

    බුදු දහම සත්‍යයි කියල මම කියන්නෙ
    කුඩා කල සිට සිතට කාවැදුණ
    අමූලික ශ්‍රද්ධාව නිසා නෙමෙයි.
    ඒත් බුදු දහමෙ හරය ලැබෙනතුරු
    ජීවිතය පවට නොවැටි ආරක්ෂා වුණේ
    ඒ ශ්‍රද්ධාව නිසයි.

    හරය ස්පර්ෂ වුණාට පස්සෙ
    අවුරුදු විස්සකටත් වැඩි කලක්
    මම මට අදාළව මාතුළම කළ ගවේෂණ වලදී
    බුදුන් වහන්සෙ කිවූ දේවල් කරද්දි
    උන්වහන්සෙ සිදුවේවි කිවූ දේ
    මා හිතුවාටත් වඩා හොඳින් සිදු වූ නිසයි
    අද මම බුදුන් වහන්සෙ වදාල දේ අතුරෙන්
    මට නොවැටහෙන සත්‍යතා පිළිගන්නෙ.

    බුදු දහම කියල ලේඛනගත වුණාට
    ප්‍රායෝගිකව මට අදාල නොවෙන දේ ගැන
    මම සොයන්නෙ නැහැ.