Friday, March 30, 2018

බුදුන් වහන්සේ නිරාගමිකද? [ සිදුහත් කුමරු ඇදහුවාද?.]


Jerad Asanka Perera
 
Athula Siriwardhane බුදුන්වහන්සේ කිව්වේත් එතුමා පැවසූ නිසා පිළිගන්න එපා බුද්ධියෙන් විචාරා පිළිගන්න කියලානේ.
එතනදී නිරාගමිකයන් ආගමික දේවල් ගැන ප්‍රශ්ණ කිරීම බුදුන්වහන්සේ ගංගා නදීයේ පව් සෝදාහරින අය⁣ට කින්ඩිය දැමීම හා සමානයි.

Athula Siriwardhane
Athula Siriwardhane නිරාගමිකයන් ආගමික දේවල් ගැන ප්‍රශ්ණ කිරීම 
බුදුන්වහන්සේ ගංගා නදීයේ පව් සෝදාහරින අය⁣ට 
කින්ඩිය දැමීම හා සමාන කරන්නෙ කොහොමද Jerad???


බුදුන් වහන්සේ කියන්නෙ ශාස්තෘ වරයෙක්.

නිරාගමිකයන් කියන්නෙ
කිසිම ආගමක් ගැන අදහසක් නැති
ආගමික අතින් අන්ත නූගත් පිරිසක්..

නයෙක් පෙණේ පුප්පනකොට 
ගැරඬි කැට කැබිලිති අරන් යාම
සමාන වෙන්නෙ නෑ.
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera Athula Siriwardhane 
සමාන වෙන්නේ බුදුන්වහන්සේත් නිරාගමික හින්දා.
අාගමිකයන්ට තවත් අන්‍යාගමික නායකයෙක් ශාස්ත්‍රවරයෙක් වෙනවාද?

😂
මම බුදුන් තරම් නිරාගමික නැහැ. හැබැයි උත්සහ කරනවා.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane බුදුන් වහන්සේ නිරාගමිකද?.
බුදුන් වහන්සේ
ධර්මය ගුරු තන්හි තබා ගත්තා.

ඒ ධර්මය දේශනා කළා.

නිරාගමිකයන්ගේ ගුරුවරයා ධර්මයද?
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera Athula Siriwardhane 
බුදුන්වහන්සේ ඇදහුව ආගම මොකක්ද?
වඳින්න ගිය පන්සල් මොනවාද?

වැන්ද පිළිම සහ කාගෙවත් කෙනෙකුගේ මළකුණු කොටස් තියෙන තැන් කොහෙද?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane ඇදහීම 
බුදු දහමෙ හඳුන්වන්නෙ ශ්‍රද්ධාව විදියටයි...
ජරා ව්‍යාධි මරණ දුක් වලින් මිදෙන්න

මගක් තියනවා කියලා සිදුහත් ඇදහුවා.
ඒ මග සොයා ගනිද්දි ඔහු බුදු වුණා.
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera Athula Siriwardhane 
බුදුන්වහන්සේ නිදහස් මිනිහෙක් විදියට ආගමක වැඳ වැඳ බොරුව⁣ට අනිත් ආගමිකයන් එක්ක මරාගන්නේ නැතිව තමන්ගේම බුද්ධියෙන් විචාරා ලොකය දිහා බලපු එක නිරාගමික හැසිරීමක්.

දැන් ඔබ කොහොමද තක්කෙටම කියන්නේ බුදුන්වහන්සේ ජරා ව්‍යාධි මරණ වලින් මිදුනා කියලා?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
මගේ දෝණි ( අවු 9 යි )
මේ දැන් ටිකකට කලින්

මේ ප්‍රශ්නයට පිළිතුර දුන්නා.

[[[ ඔබ කොහොමද තක්කෙටම කියන්නේ බුදුන්වහන්සේ ජරා ව්‍යාධි මරණ වලින් මිදුනා කියලා?]]]

සිදුහත් කුමරුගෙ ඇදහීම මොකක්ද
කියල මම මගේ පවුලෙන් ඇහුවා.
කාටවත් බැරි වුණාම
මම දෝණිට පළමු අවස්ථාව දීල
උපකාරයක් වශයෙන් කිව්වා...
"අදහනවා කියන්නෙ පෙනෙන්නෙ නැති දෙය්ක්
තියනවා කියා විශ්වාස කිරීමයි.
සිදුහත් කුමරු ඒ වගේ
තියනවා කියල ඇදහුවෙ මොකක්ද" කියා
මම ඇගෙන් ඇහුවා.

දෝණි පටන් ගත්තෙ 
"මැරෙන්නෙ නැතුව ඉන්නෙ.... " කියලයි.
කියාගෙන යද්දි ඇය තේරුම් ගන්න ඇති...
නොමැරෙන ක්‍රමයක් සිදුහත්ට හමු නොවුණ බව.

ඉන් පස්සෙ ඇය කිව්වා...
"දුක් කරදර එන කොට
ගාණක් නැතුව ඉන්න විදිය" කියලා.

ඇත්තටම බුදුන් වහන්සේ හොයා ගත්තෙ
ජරා ව්‍යාධි මරණ ආදී දු වලින්
කම්පා නොවී දුක් දොම්නස්, සෝ තැවුල්
නැතිව ඉන්නා ක්‍රමයයි.

අථ නිබ්බින්දති දුක්ඛේ 
ඒස මග්ගෝ විසුද්දියා.

එහෙම ක්‍රමයක් බුදු දහමෙ ඇති බව
මමත් කාලයක් තිස්සෙ ඇදහුවා..
අවුරුදු 34දි මටත් හමු වුණා.
දුක් කරදර රැසක් මැද්දෙ
එහෙම දුක් නොවිඳ ඉන්න පුලුවන්..

ඒ මග තමයි බුදුන් වහන්සේ දුන්නෙ.
ඒ මග තමයි බොදුනුව්න් හොයන්නෙ.
සමහරුන්ට හමු වෙනවා..
හමු නොවෙන අය දුක් විඳිනවා.
නැත්නම් මෝහයට වැටිලා
නිරිවින්දනය වෙනවා.
ඒ දෙකම වැරදියි.
.

Sunday, March 4, 2018

පන්සල් කඩ හැදුවට වැඩක් නැහැ


Sanjeewa Marasinghe එතකොට ඔය කිලෝමීටරෙන් කිලෝමීටරේට පන්සල් කඩ හැදුවට වැඩක් වෙලා නැහැ වගේනෙ ??
Manage

Athula Siriwardhane
Athula Siriwardhane පන්සල් කඩ හැදුවට වැඩක් නැහැ 
මිනිස්සු 
මත්පැන් ගැන තියන උනන්දුව
ආගම දහම ගැන නැහැ...
මත්පැන් බොන භික්ෂූන් පවා ඉන්නවා.
සිරුර තුළ ඉන්නෙ නිරාගමිකයෙක් නම්
භික්ෂුව වුණත් වරදට යොමුවෙනවා.
ගිහියන් ගැන කවර කතාද?

මිනිස්සු හොයන්නෙ හරි දේ නොවෙයි..
විස වුණත් රස දේට මිනිස්සු ප්‍රියයි..
තීරණය තියෙන්නෙ ඔවුන්ගෙ අතේ..

බුදු දහමට කෙනෙක් යොමු වෙන්නෙ
දුක් විඳලා ආදීනව තේරුණාමයි.

මීට වසරකට කලින් මගේ යාලුවෙක්
විපස්සනාවලට යොමු වුණා.
දවසකට සිගරට් 35ක් 40ක් බිව් ඔහු
මත්පැන් පානයටත් ඇබ්බැහි වෙලා හිටියා.
දැන් වසරක් තිස්සෙ ඔහු ඒ දෙකෙන්ම
සම්පූර්ණයෙන්ම මිදිලා...

මිනිසුන් දුකෙන් මුදා ගන්න
එදා වගේම අදත් හෙටත් 
දහමට ශක්තිය තියනවා.
ඉන් ප්‍රයෝජන ගන්න හැකියාව
මිනිසුන්ටත් තියෙන්න ඕන.

මේ විදියට පිරිහෙන දරුවන්ට
වැඩිහිටියන් බවට පත්වෙද්දි
ඒ හැකියාව ඇති වෙන්නෙ නෑ.

Friday, March 2, 2018

දහම කියන්නෙ "හැම කෙනෙකුටම හරිදේ"


Hasitha Deshan හරි වැරදි තේරුම් ගත් මිනිස්සුන්ට දහමක් අවශ්‍ය වන්නෙ නැත...ඒවා ගැන අවබෝධයක් නැති ගොන්නුන්ට නාස් ලනුවක් දමා මෙල්ල කරනවා සේ ආගම යොද්වා බය කිරීමට සිදුව ඇත...
Manage
Kamal Nishantha
Athula Siriwardhane
Athula Siriwardhane ඔබ දහම කියන්නෙ
මිනිස්සු දිහා බලල හිතේ හදාගත්ත
විකාර රූපයකටයි..Hasitha.

[[[ ගොන්නුන්ට නාස් ලනුවක් දමා මෙල්ල කරනවා සේ ආගම ]]]

ඔබ හරි වැරදි කියන දේ 
ඔබට ආවේණිකයි.

ඔබ හරි කියන දේ මට වැරදි නම්
අපි දෙන්නගෙන් කෙනෙක් හෝ
අපි දෙන්නම වැරදියි.

හරි දේ හැම කෙනෙකුටම හරි.
වැරදි දේ හැම කෙනෙකුටම වැරදි.

හොරකම් කිරීම හොරාට හරි වුණාට
භාණ්ඩය අයිති කෙනාට වැරදියි.
හොරාගෙ භාණ්ඩයක් නැති වුණාම
ඔහුත් කියනවා හොරකම වැරදි කියලා.
ඒ නිසා 
භාණ්ඩයක අයිතිකරුවාගෙ කෝණයෙන්
හැම කෙනෙක්ම එකඟ වෙනවා
හොරකම වැරදියි, වැළකිය යුතුයි කියලා.

මිනිස්සු ඒ දහම පිළිගන්නෙත්, පිළිපදින්නෙත්
බුදුන් වහන්සේට වසර 2500ක් ගරු කළෙත්
සොරකම් නොකිරීමෙ ශීලය රැකීම හොඳයි 
කියලා හැමෝම දන්න නිසයි.

හොරකම හරියි කියා හිතන්නෙ හොරා විතරයි.

හරි වැරදි තේරුම් ගැනීම කියන්නෙ
හැම කෙනෙකුටම හරිදේ තේරුම් ගැනීමයි.
දහම කියන්නෙ ඒ සත්‍යතා පෙළ.
"හැම කෙනෙකුටම හරිදේ"
Manage
LikeShow more reactions
 · Reply · 1m

ඔබ යථාර්ථය කියන්නෙ බාහිර තොරතුරු වලටයි.



Hasitha Deshan Athula Siriwardhane බණ කියන්න එපා යතාර්ථය පිලිගන්න...
Manage
Athula Siriwardhane
Athula Siriwardhane බුදු දහම කියන්නෙ යථාර්ථය තමයි..
ඔබ යථාර්ථය කියන්නෙ 
යම් වෙලාවක ඉන්ද්‍රිය තුළින් දැනෙන
බාහිර තොරතුරු වලටයි.

මේ බණ තමයි.
බණ කියන්නෙ යථාර්ථය
මේ මොහොතෙ යථාර්ථය.

හැම මොහොතකම යථාර්ථය කියන්නෙ
ඵස්ස වේදනා සංඥා සංඛාර විඥ්ඥාණ.
මේ මොහොතෙත් අනික් සියල්ල අත්හැරියත්
ස්පර්ශ වේදනා දෙක ඔබ තුළ දකින්න පුලුවන්.

ඔබේ කයෙහි මොනම ස්පර්ශයක්වත්
ඔබට දැනෙනවද? නැහැ.
මොනම වේදනාවක්වත්
ඔබේ සිහියට අහු වෙන්නෙ නෑ.
ඔබ ඉන්නෙ යථාර්ථය ගැන
සිහියෙන් නොවෙයි.

මම කිව්ව නිසා දකින්න පුලුවන්.
එහෙම පෙනෙනවා නම් ඔබ තුළ සිදු වෙන දේ
මේ මොහොතෙ ඔබේ යථාර්ථය ඒක තමයි...
අනික් සියල්ලම හිතේ මැවෙන රූප.

බුදු දහම කියන්නෙ 
මේ මොහොතෙ යථාර්ථය තමයි..
රහත් වුණ කෙනෙකුට මේ මොහොතෙ
සම්පූර්ණ යථාර්ථය දැනෙනවා.
ඔබ ඉන්නෙ බිංදුවෙ.

ඔබ යථාර්ථය කියන්නෙ 
යම් වෙලාවක ඉන්ද්‍රිය තුළින් දැනෙන
බාහිර තොරතුරු වලටයි.
Manage

එන්ජිම රේස් වෙද්දි නියුට්‍රල් දාගෙන අක්‍රියව ඉන්න සිල්වතා



Jerad Asanka Perera නෑ නෑ. ඔය ලිංගික අතවරය කරන අවස්ථාවේදී ඔය අතවරය කරපු උන් නිරාගමිකයි. 😂
-අතුල සිරිවර්ධන තියරී-

Athula Siriwardhane
මම හරි නේද?

Manage
Athula Siriwardhane
Athula Siriwardhane හරියටම හරි.. Jerad Asanka..
ආගමික නම් අඩු ගානෙ 
සීලයවත් රැකෙන්න ඕන.

සීලයවත් නැති කෙනෙක් 
ආගමිකයි කියන්න පුලුවන්ද?
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera 
Athula Siriwardhane 
එතකොට හාවෝ එහෙම සිල්වන්තද? ආගමිකද?
මොකද උන් බේබදු කමෙත් නැහැ. මරාගන්නෙත් නැහැ..
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔබ ඔබේ බුද්ධිය භාවිතා කරලා
ඔය ප්‍රශ්නෙ විසඳාගන්න බලන්න.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane 
සීලය කියන්නෙ

වරදක් කරන්න හිතෙන කෙනෙක්
කයින් හෝ වචනයෙන්

වරදක් නොකර සිටීමයි.
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera ඉතින් එතකොට හාවා සීල්වන්ත නැද්ද? එහෙම බැලුවත් හාවා සිල්වන්තයිනේ
Manage
Athula Siriwardhane
Athula Siriwardhane සීලය කියන්නෙ
වරදක් කරන්න හිතෙන කෙනෙක්
කයින් හෝ වචනයෙන් වරදක් නොකර සිටීමයි.
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera එතකොට හාවාට වරදක් කරන්න හිතෙන්නේ නැති හින්දා සිල්වන්ත නැද්ද?
හාවා රහත් වෙලාද එහෙම වරදක් කරන්න හිතෙන්නේවත් නැත්තේ?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane හාවා ඉන්නෙ මෝහයෙන්..
ඌ කරන්නෙ මොනවද ඌට පෙනෙන්නෙ නෑ.
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera එතකොට බීපු මිනිහෙකුත් මෝහයෙන්ද ඉන්නේ?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
හාවා වැරදි නොකරන්නෙ 
මෝහය උගේ ස්වභාවය නිසා.

නිරාගමික රටවල්වල හිරගෙවල් අඩු
ඔවුන් හාවො වගේ
මෝහය නිසා හොඳින් ඉන්න නිසා.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane ඔහු කලින්ට වඩා මෝහයෙන් ඉන්නෙ..
Manage
Athula Siriwardhane
Athula Siriwardhane ඔහු සිල්වත් නෑ.. :D
බීපු මිනිහ 
මෝහයෙන් හිටියොත් වැරදි කරන එකක් නෑ.

ඒත් බීපු මිනිහෙකුගෙ රාගය හෝ
ද්වේශය මතු වුණාම වඩා භයානකයි.
ඔහුගෙ මෝහය නිසා ඒ ආවේගයෙන්
අපරාධකරුවෙක් වෙන්න පුලුවන්
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera //නිරාගමික රටවල්වල හිරගෙවල් අඩු
ඔවුන් හාවො වගේ
මෝහය නිසා හොඳින් ඉන්න නිසා.

//
එතකොට ආගමික රටවල් වල ගොඩක් හිරගෙවල් තියෙනවානේ. ඒ කියන්නේ ආගමික රටවල් වල තමයි මිනිස්සු මරාගන්නේ. ගෑණූ දූෂණය කරන්නේ..

එහෙම බැලුවාම නිරාගමික රටවල් හොඳ නැද්ද?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane ආගමික රට කියන්නෙ මතුපිටින් බලලනේ..
ආගමිකයි කියන්නෙ
සීල, සමාධි, ප්‍රඥා තියන අයටයි.

ඔවුන් හිරේ යන දේවල් කරන්නෙ නෑ.

ආගමික රටවල් වල ඉන්න මිනිස්සු
හාවො වගේ ඉන්නෙ නෑ.
ඔවුන් හැඟීම් බරයි..
ආගම භාවිතා නොකළොත් 
හැඟීම් බර වෙන්න වුණාම
බීපු මිනිහෙක් වගේ මත් වෙනවා.

බීපු මිනිහ 
මෝහයෙන් හිටියොත් වැරදි කරන එකක් නෑ.
ඒත් බීපු මිනිහෙකුගෙ රාගය හෝ
ද්වේශය මතු වුණාම වඩා භයානකයි.
ඔහුගෙ මෝහය නිසා ඒ ආවේගයෙන්
අපරාධකරුවෙක් වෙන්න පුලුවන්
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera රාගය ද්වේෂය බීපු මිනිහාගේ වගේම බීපු නැති උන්ගෙත් තියෙනවා. වැඩිපුරම ගැණු දූෂණය කරලා තියෙන්නේ බීලා නැතිව ඉන්න වෙලාවට. කර්පට් වෙන්න බීලා ඉන්න මිනිහෙක්ට ගෑණියෙක් දූෂණය කරන්න තියා ගෑණිව අල්ලගන්නවත් පුළුවන්ද?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
ඇයි ඔබ කර්පට් වෙන්න බීලා 
අන්තයට ගිය මිනිහා අල්ලගන්නෙ.

එතෙන්ට යනතුරු ඔහු අපරාධයට බරයි.
බීමතින් කරපු අපරාධ අනන්තයි..
රාගයෙන් ද්වේශයෙනුත් මත් වෙනවා.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
කර්පට් වෙන්න බීලා අන්තයට ගිය මිනිහාට 
රාගයක් හෝ ද්වේශයක් ඇති වෙන්න බැරි තරම්

ඔහු මෝහයට වැටිලා.

ඔහුගෙ කයත් වාරු නෑ..
හිත අසාධ්‍යයි..
Manage

Jerad Asanka Perera
Jerad Asanka Perera නිරාගමිකයන් කාටවත් ආගමේ නාමයෙන් හෝ ජාතියේ නාමයෙන් කිසිම හිංසාවක් නොකර ඉන්න එකම හොඳ නැද්ද? 
අනික සීලයක් රකින්න ආගමිකයෙක් වෙන්න ඕනේම නැහැ. නිරාගමිකයින් අනුගමනය කරන ක්‍රමය ලේසීයි.
"ඔබට අනිත් අය කරන දෙයකට ඔබ කැමතිද ඒ දේම අනිත් අයට කරන්න.
...See More

Manage

Athula Siriwardhane
Athula Siriwardhane ඉතින් 
ඔබ ඔය කියන ධම්මපදය ආගමිකයිනෙ..
Manage
Athula Siriwardhane
Athula Siriwardhane "ඔබට අනිත් අය කරන දෙයකට ඔබ කැමතිද ඒ දේම අනිත් අයට කරන්න.
ඔබට අනිත් අය කරන දෙයකට ඔබ අකමැතිද ඒ දේ අනිත් අයට නොකර ඉන්න."
ඔන්න ඔච්චරයි. ඕක අනුගමනය කරලා ඉන්න නිරාගමිකයෝ හොඳයි... ආගමිකයි
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .ඔබ ඔය කියන්නෙ,
බුදුන් වහන්සේ විසින් කුඩා ළමුන් පිරිසකට
සතුන්ට හිංසා නොකර ඉන්න දුන්

සරල අවවාදයක්...

අත්තානං උපමාකත්වා.
"තමා උපමා කරගනිමින්..."

නිරාගමික කෙනෙක් යහපත් නම්
එක්කො ඔහු ඉන්නෙ මෝහයෙන්..
නැත්නම් ආගමික උපදෙසක්
දැනුවත්ව හෝ නොදැනුවත්ව 
පිළිපදිමින්.
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera ආගමික වෙන්නේ කොහොමද?
පන්සලකට පල්ලියකට යන්නේ නැහැ. දේව භය නැහැ. යදින්නේ නැහැ. බණ අහන්නේ නැහැ. හාමුදුරුවන්ට දාන දෙන්නේ නැහැ. ඉතින් කොහෙද සීයේ ආගමික වෙන්නේ?


ඔයා නිරාගමික කියන වචනයේ තේරුම දන්නේ නැහැ. හොඳට ඉන්නවාට කියන්නේ හොඳ මිනිස්සු කියලා. උන් ආගමික ගොඩේ ඉන්නත් පුළුවන් නිරාගමික ගොඩේ ඉන්නත් පුළුවන්. නරක වැඩ කරන මිනිස්සුන්ට කියන්නේ නරක මිනිස්සු කියලා.. නරක මිනිස්සු ආගමික වෙන්නත් පුළුවන් නිරාගමික වෙන්නත් පුළුවන්. නැතිව ආගමික උන් හොඳ මිනිස්සුවත් නිරාගමික මිනිස්සු නරක මිනිස්සුවත් නෙමෙයි...
Manage
Athula Siriwardhane
Athula Siriwardhane ආගමිකයි කියන්නෙ 
ආගමික ඉගැන්වීම් අනුව ජීවත් වෙන කෙනෙක්..


අත්තානං උපමාකත්වා.
"තමා උපමා කරගනිමින්..."

"ඔබට අනිත් අය කරන දෙයකට ඔබ කැමතිද ඒ දේම අනිත් අයට කරන්න.
ඔබට අනිත් අය කරන දෙයකට ඔබ අකමැතිද ඒ දේ අනිත් අයට නොකර ඉන්න."
ඔන්න ඔච්චරයි. ඕක අනුගමනය කරලා ඉන්න නිරාගමිකයෝ හොඳයි... ආගමිකයි

Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera මම පන්සලක් පල්ලියක් ගැන විශ්වාසයක් නැහැ. එහෙ ගියත් යන්නේ අදහන්න වත් වත් පිළිවෙත් කරන්නවත් නෙමෙයි නිකං විදේශිකයකු සංචාරයක යනවා වගේ... බිව්වත් කාටවත් කරදරයක් කරන්න හිතන්නේ නැහැ. බීලා කාටවත් ගහලත් නැහැ. ගෑණුන්ට කරදර කරන්න ගිහින් නැහැ. ඉතින් මම වැරදිද? මම මගේ පාඩුවේ ඉන්නවා. මම ආගමේ නාමයේ කාටවත් වෛර කරන්නේත් නැහැ වෛරය වපුරන්නේත් නැහැ.. හැබැයි මම ආගමේ නාමයෙන් මිනිස්සු මරණ, අනිත් උන්ට කරදර කරන උන්ට විරුද්ධයි.. මොකද ඒ දුක් විඳින උන් මම උනානම් මම අකමැති හින්දා.. 
මම ආගමීක ඉගැන්වීම අනුව ජීවත් වෙන්නේ නැහැ. 
හැබැයි මට කරනවාට කැමති දේ මම අනිත් අයට කරනවා. මට වෙනවාට අකමැති දේ මම නොකර ඉන්නවා. 
මම ආගමිකද නිරාගමිකද?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
මත්පැන් බීල මෝහයට වැටුණ කෙනෙක්
ඒ තත්වයට තව කෙනෙක් පත් කරනවා නම්

අන්න ඒක නිරාගමිකයි.
ඔහු තමන්ට කරගන්න හිංසාව 
මෝහය නිසා පෙනෙන්නෙ නෑ.

මෝහයෙන් ඉන්න කෙනෙකුට 
මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නෑ.

"ඔබට අනිත් අය කරන දෙයකට ඔබ කැමතිද ඒ දේම අනිත් අයට කරන්න.
ඔබට අනිත් අය කරන දෙයකට ඔබ අකමැතිද ඒ දේ අනිත් අයට නොකර ඉන්න."
Manage
Athula Siriwardhane
Athula Siriwardhane ඔබ මෝහයට අහුවෙලා
ආගමට නැඹුරු ජීවිතයක් ගත කරමින්
නිරාගමිකයි කියා හිතාගෙන ඉන්න

සීලය තියන සමාධිය තියන
ප්‍රඥාව නැති යහපත් මිනිහෙක්..

Jerad Asanka Perera [[[ මම මගේ පාඩුවේ ඉන්නවා. මම ආගමේ නාමයේ කාටවත් වෛර කරන්නේත් නැහැ වෛරය වපුරන්නේත් නැහැ.. හැබැයි මම ආගමේ නාමයෙන් මිනිස්සු මරණ, අනිත් උන්ට කරදර කරන උන්ට විරුද්ධයි.. මොකද ඒ දුක් විඳින උන් මම උනානම් මම අකමැති හින්දා.. 
මම ආගමීක ඉගැන්වීම අනුව ජීවත් වෙන්නේ නැහැ. 
හැබැයි මට කරනවාට කැමති දේ මම අනිත් අයට කරනවා. මට වෙනවාට අකමැති දේ මම නොකර ඉන්නවා. 
මම ආගමිකද නිරාගමිකද?]]]
Manage
Jerad Asanka Perera

Jerad Asanka Perera
Jerad Asanka Perera මම මොන ආගමටද නැඹුරු? :D
Manage
Athula Siriwardhane
Athula Siriwardhane හැම ආගමකම වගේ සීලය සමාධිය තියනවා..
ඔබ හැම ආගමටම නැඹුරු ඇති..
බුදු දහමෙත් සීල සමාධි දෙක
ඔබ තුළ තියනවා.

නිරාගමිකයි කියා හිතාගෙන ඉන්න
සීලය තියන සමාධිය තියන
ප්‍රඥාව නැති යහපත් මිනිහෙක්..
Manage
Athula Siriwardhane
Athula Siriwardhane බීපු මිනිහ 
මෝහයෙන් හිටියොත් වැරදි කරන එකක් නෑ.
ඒත් බීපු මිනිහෙකුගෙ රාගය හෝ

ද්වේශය මතු වුණාම වඩා භයානකයි.
ඔහුගෙ මෝහය නිසා ඒ ආවේගයෙන්
අපරාධකරුවෙක් වෙන්න පුලුවන්
Manage
Jerad Asanka Perera
Jerad Asanka Perera හරි එතකොට රටේ හමුදාව නිරාගමිකද ආගමිකද?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane හමුදාවට හිතක් කයක් නැහැනෙ.
Manage