Friday, June 7, 2013

මේ ස්ටීව් මැක්කරිගේ ඡායාරූප 2ක්..







මේ ස්ටීව් මැක්කරිගේ ඡායාරූප 2ක්.. එකම ස්ථානයක, එකම දැරියක්... ඉතා සුළු කාල පරාසයක් තුළ ගත් බෙහෙවින් වෙනස් ඡායාරූප දෙකක්. මේ දෙකෙන් වඩාත් ප්‍රචලිත ඡායාරූපය දෙවැනි ඡායාරූපයයි. එහෙත් නොමේරූ රසයක් ඇති අය පළමුවැන්නට කැමති වීමට ඉඩ තියනවා.



Athula SiriwardhanePHOTO-TALK [සේයා-රූ කතා බහ]

මේ ස්ටීව් මැක්කරිගේ ඡායාරූප 2ක්..
එකම ස්ථානයක, එකම දැරියක්...
ඉතා සුළු කාල පරාසයක් තුළ ගත්
බෙහෙවින් වෙනස් ඡායාරූප දෙකක්.

මේ දෙකෙන්
වඩාත් ප්‍රචලිත ඡායාරූපය
දෙවැනි ඡායාරූපයයි.
එහෙත් නොමේරූ රසයක් ඇති අය
පළමුවැන්නට කැමති වීමට
ඉඩ තියනවා.
Like · · Unfollow Post · Share · Edit · Yesterday

  • 52 of 89
    View previous comments
  • Athula Siriwardhane .
    1, පළමුවැන්නෙ සම්පිණ්ඩණය තුළ
    දැරියටයි ප්‍රමුඛතාවය ලැබෙන්නෙ..
    දෙවැන්නෙ ඇය මුහුණ දී තියන තත්වයට
    වැඩි තැනක් ලැබෙනවා.
  • Athula Siriwardhane .
    2, පළමුවැන්නෙ සම්පිණ්ඩණය තුළ
    දැරියත් පරිසරයත් අතර සම්බන්ධයක් නැහැ.
    ඇය කපල ඇලෙව්වා වගේ ස්වභාවයක් තියෙන්නෙ.
    දෙවැන්නෙ

    වර්ණ, හැඩතල ඉරියව්ව, කෝණය
    ස්ථානගත කිරීම ආදී සියල්ලෙන්ම
    ඇය පරිසරය සමග බද්ධ වූ ස්වභාවයක් තියනවා.
  • Palinda Perera matanam palaweni 1 hondai
    hadatala tika met wenawa hondata
    ara trikona walata bedala pennana rule 1 dammot hungak match wenawa wage
    tikak saturatoin wadi and aharpness wadi

    kotima qot kohenda me ganu lamaya metanta awe kiyalai mama balanne

    oka watura walak nam ko apu trail 1
    and ganu lamayage ange watura binduwak na
    mul 1 andumet nati sys...
    ane manda...
    monada kiyanna haduwe kiyala pinture baluwama nam "mata" kiyanna amarui
  • Athula Siriwardhane .
    3, පළමුවැන්නෙ සම්පිණ්ඩණය තුළ
    දැරියත් පරිසරයත් ඉතාම ත්‍රිමාණරූපීයි.
    දෙවැන්නෙ
    ඇයත් පරිසරයෙ ඇති දේවලුත්

    පැතළියට, සංකෙතාත්මකවයි පෙන්නුම් කරන්නෙ.
    ගංවතුර නිරූපනය කිරීමෙදි
    දෙවැන්න සාර්ථකයි.

    ඇස පිනවන රූපයකට වඩා
    Photo Journalism වලදි වැදගත් වෙන්නෙ
    අවස්ථාව නිරූපනය වීමයි.
  • Saumya Sandaruwan Liyanage ((Photo Journalism වලදි වැදගත් වෙන්නෙ
    අවස්ථාව නිරූපනය වීමයි.))
    මේ කතාවට අනුව නම් දෙවෙනි පින්තූරෙ පළවෙනි තැන ගන්නවා.
    ගංවතුර ගැන දැනෙනවා ඒ පින්තූරෙන්.
  • Athula Siriwardhane .
    මේ සංවාදයෙදි
    ස්ටීව්ගෙන් අහනවා
    ඔහු ඡායාරූපයක තිබිය යුතු අගය ලෙස
    හඳුන්වන්නෙ මොකක්ද කියල.

    ඔහු කියන්නෙ
    ඡායාරූපයක ඇති
    හදවතෙහි රැඳීමේ ගුණය කියලා.
    හොඳ ඡායාරූපයක් මතක හිටිනවා...
    ඡායාරූපයක ඇති
    රඳවා ගැනීමේ බලය...
    එහි අගය ලෙස ඔහු හඳුන්වනවා.

    ඔහු විස්තර කරනවා
    ඇෆ්ගන් දැරියගෙ ඡායාරූපය නිසා
    ඇෆ්ගන් යුද්ධයට ලැබුණ ප්‍රසිද්ධිය සහ
    ස්වේච්ඡාවෙන් ඔවුන්ට උදව් කිරීමට
    පිරිස් ඉදිරිපත් වූ ආකාරය.
    The internationally renowned photographer talks to Riz Khan about documenting humanity in times of war and peace.
  • Suneth Sanjeewa Kolambage "Ma weni bilinda" saha "Kolevari D" sampurnayen wenas awastha dekak...wenas yuga dekaka...wenas ratawal dekak nirmana..wenas basha dekaka nirmana....ema nirmana deken me photo deke wenasa penweema kotharam durata sarthakada....???? awasthawa nirupanaya anuwa deweni photo eka idiriyen innawa kiyala math hithanawa....
  • David Paker හ්ම්ම් කියපු දේවල් නම් ඇත්ත තමයි. මතුපිට පෙනුම විතරක් බලපු නිසා වෙන්න ඇති මම එහෙම දැක්කෙ. බොහොම ස්තූතියි පැහැදිලි කලාට.
  • Athula Siriwardhane .
    Suneth....
    ඒ දෙකේ කල්පවතින ගුණයයි
    මම සැසඳුවේ..
    පොඩි දරුවෙකුගෙ

    තොරතුරු විමසන රජ කෙනෙක් අපූර්වයි..
    ඒ වෙනස හඳුනන දරුවා අපූර්වයි..
    තෝරාගත් වචන අපූර්වයි..
    වසර සියගණන් කල් පවතින නිර්මාණයක්..

    කොලවෙරි ඩීත් විශිෂ්ඨ අපූර්ව නිර්මාණයක්..
    පොදුවෙ බොහෝ අයට ස්පර්ශ වුණා..
    ඒත් මතුපිටින් විතරයි..
    කල්පවතින ගුණය නැහැ.
  • Nuwan Prasanna Palihawadana Great explanation Athula... Began to see them after you told me...!
  • Amila Bandara totally agreed Rumesh Tharanga Hettiarachchi
  • Athula Siriwardhane .
    Buddhika De Sillva කල්පනා කළා ස්ටීව් කොහොමද ඡායාරූප ගන්න යන්න ඇත්තෙ කියල..

    මේ වීඩියෝ එක බලන්න..
    http://youtu.be/1jsrf0pYodE?t=1m44s
    For the first time, in this new book, Steve McCurry tells the stories behind some of his most famous photographs and includes previously unpublished ephemera...
  • Rumesh Tharanga Hettiarachchi I already saw every aspect Athula explained above and some more aspects too, before I comment. But at the first glance my eyes catch the first image and felt liking it and the same time my mind began to understand the attitudes in both images. But I still like the look (Saturated contrasted look) of first one and also feel the mood set in second image. That's how my mind works not that I am in immature kind I guess.

    And I guess, I enjoy and understand the depth in "Ma weni bilinda" but I rather prefer "Kolevari D" when I am in a dancing mood.

    Different creations serve different feelings. Artists should have the right to create what he feels without roping himself to any tight corners. And it is up to the viewer to understand what he fells according to his own perspective on the work of art.

    And it is said rules are meant to be broken. And I have learnt and used as my personal savior on Cinematography for movie making this simple fact> "If the look is "Aesthetically pleasing" don't think about rules just go with your instincts"

    As artists we should not narrow our minds by categorizing things as good or bad. With proper understanding about everything and respecting others' liking comes the perfect peace of mind to make a good creation.
  • Athula Siriwardhane .
    Artists mature...
    Art matures...
    Generalizing does not help..

    There are common factors
    which makes things similar.
    But not everything in general, good or bad..
    Some are higher and some are lower...
    Some are sometimes higher or lower..
    Some are always higher or lower..

    Our personal taste is not a measure
    to find what is mature....
    But with mature art
    our personal taste can mature.

    Maturity is a growth..
    which sets the holder free...
    not a kind of jewel to show off.

    Immature art shakes you...
    and mature art settles you...
  • Uditha Mahagamage මෙම පෝස්ටුවේ හෙඩිමට "එහෙත් නොමේරූ රසයක් ඇති අය පළමුවැන්නට කැමති වීමට ඉඩ තියනවා." යැයි දැමීම කෙතරම් දුරට සාධාරනදැයි ප්‍රශ්නයක්.
    කාටවත්, තව කාගෙවත් ෆොටෝ එකක් අරගෙන, වෙන කාගෙවත් මේරූ නොමේරූ බවට අර්ථකථන දෙන්න බෑ කියන එකයි මගේ හැගීම.
    මෙය හුදෙක් සමුහයේ පිරිස
    ගේ දැනුම වර්ධනය උදෙසාම පල වුවක්නම්, එය ඒ ආකාරයේ හෙඩිමකින් ආ යුතු නොවේද?
    මෙම සම්පිණ්ඩනයන්හිදී ප්‍රමුඛතාවය ලැබිය යුත්තේ දැරියද, ඇය මුහුණ දී ඇති තත්වයද යන්න එකිනෙකාට වෙනස්.
    "Photo Journalism වලදි වැදගත් වෙන්නෙ" කුමක්දැයි අසුවානම් මා සිතන්නේ අන් අයගේ "මේරූ" බව ගැන අදහසක් ගන්න තිබුණා, පුරෝකථනයක් රහිතවම.
    [[[එහෙත් නොමේරූ රසයක් ඇති අය
    පළමුවැන්නට කැමති වීමට
    ඉඩ තියනවා.]]]-------[[[ඇස පිනවන රූපයකට වඩා
    Photo Journalism වලදි වැදගත් වෙන්නෙ
    අවස්ථාව නිරූපනය වීමයි]]] ???

    "ස්ටීව් මැක්කරිගේ පරිකල්පනය තුළින්, සෙස්සන්ගේ පරිණතභාවය සෙවීම"

    අදහස් හුදෙක් පරස්පර වු හෙඩිම හා අර්ථදැක්වීම සම්බන්ධයෙන් පමණි.
  • Athula Siriwardhane Uditha...
    කාටවත්, තව කාගෙවත් ෆොටෝ එකක් අරගෙන,
    වෙන කාගෙවත් මේරූ නොමේරූ බවට
    අර්ථකථන දෙන්න පුලුවන්.
    දක්වලා තියන හේතුත් සමග බලල

    පිලිගන්න හෝ පිලි නොගන්න
    අහන අයට පුලුවන්....
  • Sameera Liyanage ස්ටීව් මැක්කරි වගේ පරිණත ජායාරූප ශිල්පියෙක් පරිණත සහ අපරිණත ජායාරූප ගන්නවා කියලයි එතකොට ඔබ කියන්නේ? තුසිත කිව්වා වගේ මේ ෆොටෝ දෙක කතා 2ක් කියනවා නේද? ඒ වගේම ප්‍රවීනයෙකුගේ වෙනස් ආකාරයේ නිර්මාණ 2ක් එකම කෝණයකින් විග්‍රහකිරිම හරි අපරිණත නැද්ද?
  • Nuwan Prasanna Palihawadana Again, I respect the obvious maturity of Rumesh and Uditha...
  • Indranatha Thenuwara වාර්තා ඡායාරූපයක් ලෙසින් ගත්තොත් ඡායාරූප ශිල්පයේ අක් මුල් සමග මේ පින්තූරය නිර්වචනය කරන්න බැහැ.
    නමුත් පින්තූර දෙකේ ම බරපතල නොමේරූකම් තියෙනව.
    ප්‍රධාන අරමුණට බද්ධ වන වෙනත් අරමුණු සහ රූප හැඩතල නොතිබිය යුතුය කියන එක කාරණාවක් ලෙස ගත්තොත් පළමු ඡායාරූපවේ දැරිය
    ගෙ හිසත් එක්කම බද්ධ වෙච්ච කළු පදාසයත් තියෙනව. පින්තූරය දිහාව ඇස් පුංචි කරල බැලුවාම පෙනෙන්නෙ ඒ පදාසෙ ඇගේ හිසෙන් මතු උනා වගෙයි.
    දෙවන පින්තූරෙ දැරියගෙ ඇස් මට්ටමින් ම පසුබිමේ තියෙන සුදු රේඛාව ගමන් කරනව. ඒකත් බරපතල දෝෂයක් වගේ ම ඒතෙක් දැරියගෙ හිස මතින් ලොකු කළු කොටුවක් බද්ධ වෙනව.
    මටනම් වාර්තාවක් හැටියට මිසක් වෙනත් කිසිම ආකාරයකින් හොඳ පින්තූරයක් නෙමෙයි.
  • Thilina Tharanga Perera Oops..
  • Athula Siriwardhane .
    තේනුවර අඩුවක් විදියට දකින රේඛාව
    මම දකින්නෙ සුදු කොටුවක් විදියටයි..
    ඇගේ හිස මතු වෙන්න ඒ කොටුව
    ආධාර වෙනවා කියලයි

    මට හිතෙන්නෙ...
    ඒ වගේම ඒ කොටුවත්
    සුදු වැටත් නිසා හැදෙන
    අදෘෂ්‍යමාන ත්‍රිකෝණය
    ඇයට අවධානය ලැබෙන්න හේතුවක්..

    ගංවතුරෙන් දුක් විඳින මිනිස්සු
    ගංවතුර ජීවිතේ අංගයක් විදියට බාරගෙන
    ගංවතුර බහිනතුරු
    ගතකරන සාමාන්‍ය ජීවිතයට
    හොඳ උදාහරණයක්..
  • Athula Siriwardhane Sameera Liyanage [[[ස්ටීව් මැක්කරි වගේ පරිණත ජායාරූප ශිල්පියෙක් පරිණත සහ අපරිණත ජායාරූප ගන්නවා කියලයි එතකොට ඔබ කියන්නේ?]]]

    සත්තකින්ම ඔව්..
    ඔහු එක වෙලාවක
    ඡායාරූප 10ක් විතර ගන්නෙ

    ඒ නිසයි..

    ඡායාරූපයක් කියන්නෙ
    සම්පූර්ණයෙන්ම
    ශිල්පියාගෙ පරිණත බව මත
    තීරණය වන දෙයක් නෙමෙයි.

    ශිල්පියාගෙ පරිණත බව මත
    රාමුවත්... මොහොතත්
    තීරණය වෙන බව ඇත්ත.
    ඒත් එකම තැනක
    එකම දේක තත්පර කිහිපයක් තුළ
    සියල්ල වෙනස් වෙනවා.

    ඇෆ්ගන් මෝනාලිසා ගන්න
    ස්ටීව් මැක්කරි දැරූ වෙහෙස පිළිබඳව
    කියවා බලන්න.
    http://ridmasankalana.blogspot.com/2013/06/steve-mccurry.html
    ridmasankalana.blogspot.com
    මම ලඟකදී ඉදං මේ ෆොටෝ එක මොකක්ද කියලා දැනගන්න කැමැත්තෙන් හිටියේ... National Geographic Mission Cover Shot රූපවාහිනි වැඩසටහනේ තේමා පටය යනකොටත් මේක පෙන්නවා... මේ තියෙන්නේ හොඳ විස්තරයක් කරලා :)
  • Chamila Suranga ඒ විතරක් නොවෙයි...අර අගුවක් තුලින් දුවන පුංච් කොළුව ගන්නත් ඔහු සෑහෙන වෙහෙසක් ගත්ත කියල සදහන් කරනව....හරක් ...ගැහැණු වගේ බොහෝ දේ අරගෙන අවසානයේ තමයි ඔහුට සතුටු හිතෙන පිංතූරෙ අරන් තියෙන්නෙ
  • Athula Siriwardhane http://youtu.be/C0plNvaR0bg?t=4m26s
    The legendary photo-journalist and Magnum Photographer Steve McCurry spoke to Phaidon.com about the stories behind some of his iconic photographs taken from ...
  • Athula Siriwardhane .
    ස්ටීව්ට යම් පසුබිමක් හිතට වැදුණාම
    ඔහු එතනට වෙලා හොඳ අරමුණක්
    සකස් වෙනතුරු කල් මරනවා.
  • Dinesh Deckker Athula Siriwardhane
    මේ ෆොටෝ දෙකම මටනම් මහා ලොකු විශේෂයක් පෙන්නේ නැහැ.

    ඔබ දකින විදිහට මම මැක්කා වගේ දක්ෂයෙක් නොවෙන්න පුළුවන්.
    මම ෆොටෝ ගන්නේ මට ඕන විදිහට අනුකරනවලට හෝ වෙනත් දේ වලට නොවෙයි.

    කවදාවත් තවත් මැක්කෙක් හෝ වෙනත් කෙනෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ.
    ගන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඉගෙන ගන්නවා එත් කඩේ යන්නේ නැහැ.
    අනික් එක මම කිසිම විදිහකට එක සීමාවකට කොටුවෙලා නැහැ.(Wildlife / Candid / Potraits / Experimental Photography and whatever possible )

    නමුත් වැරද්දක් දැක්කොත් එක කියනවා.
    මොකද මහා ලොකු photographer කෙනෙක් ගත්තා කියල හැම photo එකක්ම කලාත්මක කෘතියක් වෙන්නේ නැහැ.
    නමුත් කඩේ යන උදවිය නම් හරි සර් ලස්සනයි සර් කියන පස්සෙන් යනවා...
  • Athula Siriwardhane .
    Dinesh..
    ඔබේ ප්‍රකාශයෙන්
    ඔබව දකිමි..
  • Saranga Mohottige A big name behind a photo doesn't make all his photos masterpieces.
    Hard to find such pleasing content in this exact photo by McCurry.
    For me in both of the photos, the setting seems to be complicated and unreal.
    Not what you really expect from a photo journalist.
  • Dinesh Deckker අනික් එක මැක්කා (Steve McCurry) මෙචර මහන්සි උනා අච්චර මහන්සි උනා ෆොටෝ එක ගන්න කියනවා.
    ඔබ දන්නවාද මෙහි වනජීවී චායාරූප පලකරන බොහොමයක් සැහෙන්න කට්ටක් කනවා කියල එක ෆොටෝ එකක් ගන්න.
    මම පැය 5කට වඩා එක තැන හැංගිලා හිටපු අවස්ථා තියෙනවා.
    (Pramitha Dilruk Sooriyapperuma, Damith Pathirana, Suresh Kaushalya, Kithagama Wimalarathana Himi)
  • Athula Siriwardhane .
    මහන්සි වීමත් දෙවිදියක්.. Dinesh..
    ගෘහ නිර්මාණ ශිල්පියා මහන්සි වෙලා
    කරන දේ වෙනස්..
    මේසන් බාස් මහන්සි වෙලා කරන දේ වෙනස්.
  • Athula Siriwardhane .
    මේ ඡායාරූප හොඳ නැහැ කියා
    විවේචනය කරන අය
    එතනින් නොනැවතී
    ඔවුන් අගය කරන හොඳ ඡායාරූප

    සමූහයට ඉදිරිපත් කරනවා නම්
    නවකයින්ට ලොකු හොඳක් වෙන්න පුලුවන්.

    එහෙම නැත්නම්
    සාමාන්‍ය සිංහල රෝගයක් වන
    කකුලෙන් ඇදීමෙ ඇබ්බැහිකම නිසා
    එසේ කරනවා කියා තමයි
    මට හිතෙන්නෙ.

    මේ ඡායාරූප වලට වඩා
    හොඳ ඡායාරූප ටිකක්
    උදාහරණ ලෙස පළ කරන්න කියා
    මේ සංවාදයට සහභාගිවූ
    විදවතුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

    සාමාජිකයන් ප්‍රතිචාර දක්වයි..
  • Dinesh Deckker එතකොට (Steve McCurry) ගෘහ නිර්මාණ ශිල්පියා?
    ලංකාවේ මහන්සිවෙලා හොඳ ෆොටෝ එකක් ගන්න photographers ලා මේසන් බාස් ලා?
    එහෙමද ඔබ කියන්න හදන්නේ?

    පාරේ යන හැම එකවම ෆොටෝ ගහනවට වැඩ ලොකු දෙයක් photography කියන්නේ...

    ඔබ පින්තූරයක් කියන්න පින්තූරයක් අරන් නැති නිසා එක තේරෙන්නේ නැහැ.
    මොකද automode දාගෙන viewfinder එකවත් නොබලා ෆොටෝ ගහන පොරවල් එක්ක මොන කතාද?
  • Athula Siriwardhane .
    දිනේශ්..
    අපි සාමාන්‍යයෙන් ගන්න
    කබලිකාර ආහාර හැරුණාම
    තවත් ආහාර වර්ග තුනක් තියනවා.

    2.ස්පර්ශ ආහාර
    3.මනෝ සංචේතනික ආහාර
    4.විඥ්ඥාණ ආහාර කියලා.

    මිරිස් ඇඹුල් කන්න වගේ
    ද්වේෂයත් හිතට ආහාරයක්..
    ඔබත් කවුරු සමග හෝ
    මොකකට හෝපැටලිලා
    තෘප්තියක් ලබන්න කැමති ඇති.

    ඔබ තර්ක කරන්නෙ
    රණ්ඩුවක් අවුලුවා ගන්න බලාගෙන.
    මට එහෙම ගායක් නෑ දිනේශ්..

    ඔබ වෙහෙස වෙන එක අපරාදෙ..

    ඔය කාලය ගත කරලා
    ඔබ අගය කරන ඡායාරූප ගැන..
    ඔබ අගය කරන ඡායාරූප ශිල්පීන් ගැන..
    අපිට කියන්න.
  • Dinesh Deckker "මහන්සි වීමත් දෙවිදියක්.. Dinesh..
    ගෘහ නිර්මාණ ශිල්පියා මහන්සි වෙලා
    කරන දේ වෙනස්..
    මේසන් බාස් මහන්සි වෙලා කරන දේ වෙනස්."

    නැහැ. මම ඉදිරිපත් කරන තර්ක වලින් ඔබ මගහැර යනවා මොකක් හෝ කියලා...
    හරි මෙහෙම අහන්නම්කො
    ලංකාවේ චායාරූප ශිල්පියෙක් මහන්සි වී දුර්ලභ චායාරූපයක් ගතහොත් ඒක අගය කරන්න ඕනේ නැද්ද?
    මැක්කා No 1 අනික් ඔක්කොම වැඩක් නැද්ද?
    ඔබේ තර්කයේ හැටියට අනික් ඔක්කොම මේසන් බාස්ලා

    ඔබ ඉන්නේ එක රාමුවකට කොටුවෙලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
    මටනම් හිතෙන්නේ සහ පෙනේනේ ඔබ ලිං මැඩියෙක් වගේ...
  • Dinesh Deckker පොඩි ප්‍රහ්නයක් අහන්න කැමතියි...
    National Geographic එකට පින්තූර අපටත් upload කරන්න පුළුවන් බව දැන ගත්තේ කොහෙන්ද? (ඇහිඳ ගත්තේ කොහෙන්ද )
  • Athula Siriwardhane Email ekakin..
  • තුෂාර පල්ලියගුරුගේ තරහකට කියනවා නෙමේ අතුල මහත්තයෝ , මට නම් අපේ ගෙදර උන්දැ මගේ CAMERA එකෙන් බණ්ඩාරවෙලදී ගත්ත ඔය වගේ ළමය්න්ගේ පින්තූරඅපේ ගෙදර කිහිපයක්ම තියෙනවා ... මූලික රීති උල්ලංගණය වුනු චායාරූපයක් . විශිෂ්ට චායාරූප ශිල්පියෙකු වූ මැකීයුරි ගේ වුනත් ආධුනිකයෙකුට ආදර්ශයක් ලෙස උලුප්පා පෙන්විය නොයුතුම ගුණයේ බව නම් මම නොබියව ප්‍රකාශ කරනවා ..!!!!
  • Athula Siriwardhane .
    දිනේශ්..
    ඔබට තේරෙනවද
    මෙතන මම හැරෙන්න වෙනත් කෙනෙක්
    ඡායාරූප ශිල්පීන් ගැන..

    ඔවුන්ගෙ අත්දැකීම් ගැන ලියන්නෙ නැහැ.
    ස්ටීව් මැක්කරි බොහෝ අයට
    දරන්න බැරි හිසේ කැක්කුමක් වෙන්නෙ
    ඒ නිසයි..
    අර තුෂාර කියපු සෙට් එකේ
    කීප දෙනෙක් ගැන ඔහුත්
    ඔබ අගය කරන අය ගැන ඔබත්
    ලියන්න පටන් ගත්තොත්
    ස්ටීව් මල්පොකුරක එකක් වෙලා
    ඔබලාගේ අමාරු සුව වේවි.
    සමූහයටත් හොඳක් වෙයි.
    මම මැක්කරි ගැන ලියන්නම්.

    වෙනත් ශිල්පීන් අගය කරන අය
    නම් ලැයිස්තු පළ කරනවාට වඩා
    හෘදයංගමව ඔවුන් ගැනත්
    ඔවුන්ගෙන් ඉගෙන ගත් දේත් ලියන්න.
    මමත් ඔවුන් ගැන මට හිතෙන දේ ලියන්නම්..
  • Dinesh Deckker "පොඩි ප්‍රහ්නයක් අහන්න කැමතියි...
    National Geographic එකට පින්තූර අපටත් upload කරන්න පුළුවන් බව දැන ගත්තේ කොහෙන්ද? (ඇහිඳ ගත්තේ කොහෙන්ද )"

    නැහැ.
    මම දන්නවා කොහෙන්ද ඇහිඳ ගත්තේ කියලා.


    එක මනුස්සයෙක් myshot එකේ screenshot එකක් දාල තිබ්බා තමන්ගේ පින්තූරේ National Geographic එකට තේරුනා කියලා. ඔබතුමාත් එකට Like කරලා Congratulations කියලත් දාල තිබුනා. නමුත් මම ඒ මිනිහා කරලා තිබුන බොරුව පෙන්නුවා Photo - Talk එකෙත් පොස්ට් එකක් දැම්මා.
    screenshot පවා මා ලඟ ඇති.

    මෙන්න ඊට සති තුනකට විතර පස්සේ ඔබතුමාගේ post එක කල එලි බැස්ස.
  • තුෂාර පල්ලියගුරුගේ මැකියුරි වනාහී මගේ සිත් ගත් මාද බෙහෙවින් අගය කරන, රස විදින චායාරූප අපට දයද කල මද ගුරු කොට සලකන විශිට වූ ඇසක් හිමි මිනිසෙක් බව කරුණාවෙන් සලකන්න ..!!
  • Athula Siriwardhane .
    තුෂාර පල්ලියගුරුගේ [[[. මූලික රීති උල්ලංගණය වුනු චායාරූපයක් . ]]]
    මේ පිළිබඳව විස්තරයක් කරන්න පුලුවන්ද? තුෂාර.
  • Dinesh Deckker බොරු කියද්දී හෝ වැරදි කරද්දී නවකයන් නොමග යැවීම වලක්වන්න ඔබ කැමති උනත් අකමැති උනත් මම කතා කරන පුද්ගලයෙක්. National Geography නම භාවිතා කරලා ඒ පුද්ගලයා කල විහිලුව හෙළි කලේ ඒ නිසයි.

    ඒ වගේම Auto Mode ගැන / ආධුනිකයන් එක රාමුවකට කොටු කිරීමට විරුද්ධ ඒ නිසා.
  • Dinesh Deckker Steve McCurry is a talented Photographer and I like some of his photos. But he is not the All Mighty as you are trying to prove.
  • Amila Bandara මම නම් මෙතන දැකපු ප්‍රධාන දෙයක් තමයි අතුල මහත්මයා යමක් අහපුවාම ඒකට සෘජු පිළිතුරක් නොදී වෙනත් දේවල් වලට කතාව යොමුකිරීම. මම Dinesh Deckker කියන බොහෝ දේවල් සමඟ එකඟ වෙනවා. අතුල මහත්මයා ඡායාරූපකරණය පිළිඹඳ බොහෝ දේවල් දන්නවා ඇති. නමුත් මම ෆොටෝ ටෝක් තුල අතුල මහත්මා පලකල ඡායාරූපවල බලපුවාම මට ඒ දේ පෙනෙන්නේ නැහැ. සමහර විට මගේ රසඥතාවය "නොමේරූ" එකක් නිසා වෙන්න ඇති.
  • Athula Siriwardhane .
    Dinesh, ඔබ මේ රණ්ඩු වෙන ශෛලිය
    ඉතාම බොළඳ බාලවර්ගයේ ශෛලියක්.
    මේ තත්වයට පත්වූ අය බ්ලොක් කිරීම
    මගේ සිරිතක්...


    ඔබේ අභියෝගය නිසා
    තාරකට කිව්වෙත් මම බව ඔබට කියනවා.
    http://oi43.tinypic.com/e13ui0.jpg
    ඒත් ඒක ලොකු දෙයක් නෙමෙයි..
    මැගzසීන් එකේ ඡායාරූපයක් ගියත්
    මට නම් ලොකු දෙයක් නෙමෙයි..
    අපි ඉගෙන ගත් දෙයක් විතරයි
    අපිට ඉතිරි වෙන්නෙ.
  • තුෂාර පල්ලියගුරුගේ පලවෙනි පින්තූරයේ focus කරද්දී ඇස මූලික අරමුණ කෙරේ රදවන්නේ නැති වීමට ඉදිරියෙන් ඇති සුදු කොටු බදකයක් වෙලා තියෙනවා . හිස මතු වෙන්නේ අදුරෙන්.
    දෙවෙනි තුලම පලවෙනි රූපයේ ලක්ෂණ මතු කරමින්ම ඇස මට්ටමින් තිරස් අතට ගමන් කරන "White Patch " එක මූලික රීතීන්ට පටහැනිය් .. මෙම චායාරූපය මැකියුරි වැරදි පිලිබඳ කියා දීමට ගත චායාරූපයක් දෝය් මට සක හිතෙනවා ...
  • Athula Siriwardhane .
    ඇස මට්ටමින් තිරස් අතට ගමන් කරන
    "White Patch " එක පටහැනි
    කුමන මූලික රීතීන්ටද?
  • තුෂාර පල්ලියගුරුගේ Object එක කොය් වෙලාවකවත් මතු නොවීමට හේතු ඔබ ඔබෙන්ම විමසා බලනවානම් ඉතා අගය කරමි.
  • Athula Siriwardhane .
    කියන්න දෙයක් නැති වුණාම
    බොහෝ අය අනුගමනය කරන
    ආරක්ෂාකාරී පියවරට ඔබ ඇවිත් තුෂාර..
  • තුෂාර පල්ලියගුරුගේ In a portrait like this Mr. Athula Your subject's eyes and nose will be sharp. Everything else that might have been distracting will be blurred into blobs of color. Hope you get it by now
  • Athula Siriwardhane This is not a portrait.. in the first place..

  • තුෂාර පල්ලියගුරුගේ Now what is the main object of this? House or the child?
  • Athula Siriwardhane Whole situation... A girl in flood..
  • තුෂාර පල්ලියගුරුගේ It good as a news photography but with errors in photography which violate basics of its specially the main object which is number one. yeah the story is powerful enough but not the photograph . to but i still emphasize there re plenty we can talk about and yeas you wont agree cause i talk about the photograph not the story
  • Dinesh Deckker මැක්කා ගොඩක් අරන් තියෙන්නේ candid.
    නමුත් සතෙක් ගේ ෆොටෝ එකක් ගන්න candid එකක් ගන්නවාට වඩා අමාරුයි.
    මොකද සත්තු කැමරාවට රඟ පාන්නේ නැහැ නේ

    අතුල ඔයා මාව බ්ලොච්ක් කලත් මම නම් block කරන්නේ නැහැ.

    එකම එක ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා මාව block කරන්න කලින්.
    එළකිරි community එකේ මොකද උනේ?
  • Athula Siriwardhane .
    එළකිරි වලින් ලැබූ පෝෂණය
    මාව ශක්තිමත් කළා..
  • Saranga Mohottige dan nam athi wage
  • Athula Siriwardhane .
    Amila Bandara [[[[ අතුල මහත්මයා ඡායාරූපකරණය පිළිඹඳ බොහෝ දේවල් දන්නවා ඇති. නමුත් මම ෆොටෝ ටෝක් තුල අතුල මහත්මා පලකල ඡායාරූපවල බලපුවාම මට ඒ දේ පෙනෙන්නේ නැහැ. සමහර විට මගේ රසඥතාවය "නොමේරූ" එකක් නිසා වෙන්න ඇති.]]]

    දැනුම රැස් කිරීමත් නිර්මාණකරණයත්
    බොහෝ සෙ
    යින් වෙනස් ක්‍රියාවලීන් දෙකක්.
    දැනුම රැස් කිරීම
    නිර්මාණකරනයට උපකාරක වුණත්
    දැනුමෙන් නිර්මාණ කරන්න බැහැ.

    ඒ නිසා මගේ දැනුම
    මගේ ඡායාරූප වලින්
    ප්‍රකට නොවීම සාමාන්‍ය කරුණක්.. Amila.

    මම මොනවා හරි දැනගත්තම
    අනික් අයත් සමග බෙදාගන්න
    මට තියන ආශාව නිසා
    කරදර පැමිණියත්
    මමත් හැමදාම ඉගෙන ගනිමින් ඉන්නෙ.

    මම කිසිම ක්ෂේත්‍රයක
    අති දක්ෂයෙක් හෝ විශිෂ්ඨයෙක් නොවෙයි.
    මම වෙනත් වෘත්තියක නියැලෙන ගමන්
    ඡායාරූපකරණය හදාරණ
    ආධුනික ඡායාරූප ශිල්පියෙක්...
    සාහිත්‍යය වැනි
    වෙනත් දේවලුත් කරනවා.

    ඒත් මම ඡායාරූප ශිල්පය
    බෙහෙවින් රස විඳිනවා.
    ඔබ දුටු මගේ දුර්වල ඡායාරූප
    ඒ රස වින්දනයේ ප්‍රතිඵල...

    ස්ටීව් මැක්කරිගෙන්
    මම බොහෝ දේ ඉගෙන ගන්නවා.
    ඔහු මිනිසුන් දෙස බලන
    දයාබර බැල්මට,
    සමානාත්මතාවයට මම
    ඉතා ගරු කරනවා.

    මගේ ඉදිරි ජීවිත කාලය තුළ
    ස්ටීව් ගේ මට්ටමේ ඡායාරූප කිහිපයක් හෝ
    මට ගන්නට ලැබුණොත් මම සතුටු වෙනවා.
    මගේ වෙහෙස නිසි ඵල ලැබුවා
    කියා මට කියන්න පුලුවන්.
  • Dinesh Deckker candid photography අරන් wholesale දමන නමුත් තමන්ගේ පින්තූරේ නොදමන මේ සොඳුරු මිනිසා( Athula Siriwardhane)අද ෆොටෝ එකකින් දකින්න ලැබුනා.
  • Dinesh Deckker Thank you Thank you... Any Body want to see your Mentor?
    After all he is one of the great tutor in Photo Talk.
  • Athula Siriwardhane .
    They have seen the best of me..
    not the shell you are after..
  • Udayantha Udy Warnasuriya "නොමේරූ රසයක් ඇති අය පළමුවැන්නට කැමති වීමට ඉඩ තියනවා" කියලා අතුල සර් කිව්වම හැමොම කියනවා දෙවෙනි එක තමයි හොද කියලා. අය්යෝ සල්ලි! එහෙම මුකුත්ම නොකියා දාන්න බලන්න තිබ්බේ මේක.
  • Amila Bandara මම නම් කිව්වෙ මට හොඳ පළවෙනි එක කියලා
  • Udayantha Udy Warnasuriya Athula Siriwardhane [[[මම වෙනත් වෘත්තියක නියැලෙන ගමන්
    ඡායාරූපකරණය හදාරණ
    ආධුනික ඡායාරූප ශිල්පියෙක්...]]]
  • Athula Siriwardhane .
    නොමේරූ රසයක් තියන
    වෘත්තීය ඡායාරූප ශිල්පීන් මෙන්ම
    මේරූ රසයක් තියන
    සාමාන්‍ය රසිකයන්ද ඉන්නවා.

    මේරූ රසය නිර්මාණයට අවශ්‍ය වුණාට
    රසය මෝරන්න නිර්මාණ කළයුතු නැහැ.
  • Athula Siriwardhane .
    මේ සංවාදයේ අවසානයයි..
    100 වෙනි කමෙන්ට් එක මේ..

No comments:

Post a Comment