Thursday, October 3, 2013

Portrait Talk




Athula Siriwardhane's post in
PHOTO-TALK [සේයා-රූ කතා බහ]

https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash4/q72/1011450_10200496964093324_305796892_n.jpg

My thread · August 26

  • Razel Raslan ලස්සනයි..
  • Athula Siriwardhane No01
    Athula Siriwardhane's photo.
  • Vidarshana Rathnayake meka Portrait ekak neme....meka nomaga yaweemak
  • Athula Siriwardhane
    Athula Siriwardhane's photo.
  • Shiroz S Manawadu Vidarshana Rathnayake Obage adahasata hethuwa pahadili karanawada. dana gannema sadahai
  • Vidarshana Rathnayake Portrait එකක් වීම සදහා මුලින්ම පලලට චඩා උස වැඩි විය යුතුයි.....
  • Shiroz S Manawadu http://en.wikipedia.org/wiki/Portrait_photography palalata wada usa wadi weema reethiyakda....neethiyakda...

    en.wikipedia.org
    Portrait photography or portraiture is photography of a person or group of people that displays the expression, personality, and mood of the subject. Like other types of portraiture, the focus of the photograph is usually the person's face, although the entire body and the background or context may…
  • Shiroz S Manawadu Athula Siriwardhane me pilipandawa thawa dana ganeemata kamathi... palalata wada usin wadi wiya yuthu yanna pilibanda adahasa
  • Shiroz S Manawadu http://photo.tutsplus.com/.../

    photo.tutsplus.com
    I love portrait photography. I'm sure many of you do, too. However, doing a great portrait is one of the most challenging kinds of photography out there. So,
  • Athula Siriwardhane .
    A classic portrait by Arnold Newman, Shiroz...

    Athula Siriwardhane's photo.
  • Shiroz S Manawadu meme udaharanayen adahas wanuye portrait ekaka diga palala wadagath nowana bawada? meme artha dakweema niwaradida... Portrait photography or portraiture is photography of a person or group of people that displays the expression, personality, and mood of the subject. Like other types of portraiture, the focus of the photograph is usually the person's face, although the entire body and the background or context may be included
  • Vidarshana Rathnayake අපි දන්න සරල ජයාරුප කරනය තුල තියෙන්නේ portrait හා එහි විරුද්ධ වචනය landscape නමුත් චායාරුප කරණයේ රිතින් බිදින්න පුලුවන් ක්‍රම තියනවා ඒ තමා රිදම් එක තෙරුම් ගැනීම... ඒක තෙරුම් කරලා දේන්න පුලුවන් අය ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවේන් ලංකාවේ..සමාන්‍ය ඔන කෙනෙක් මුලින්ම කැමරාව අල්ලන්නේ හරස් අතට....මේ කණ්ඩායම් ඇතුලේ ඉන්න ගොඩක් අය දැනුම පිපසයකින් ඉන්න අය... මේ වගේ ඡයාරුප පලකිරිමේ සිදුවන්නේ අර පිපාසයෙන් සිටින අය අතරමන් වීමයි.....සරලව portrait ගැන කතා කරද්දී මේ ජයාරුප වලදි පලලට වඩා උස වැඩි විය යුතු අතර... low angle එකෙන් portrait ගන්නෙ නැහැ ඇගේ නැමේන තැන් වලින් කොරෝප් කරන්නේ නැහැ.....
  • Athula Siriwardhane .
    A great portrait by Steve McCurry

    Athula Siriwardhane's photo.
  • Athula Siriwardhane .
    Another great portrait by Steve McCurry

    Athula Siriwardhane's photo.
  • Vidarshana Rathnayake ඔබ තුමාට මේ ජයාරුප වල හැඩ තල පැහැදිලි කරන්න පුලුවන්නද ?
  • Athula Siriwardhane .
    Shiroz,
    කඩදාසියක හැඩය විස්තර කෙරෙන යෙදුමක්
    ඡායාරූපයට ආදේශ කිරීමෙන්
    අවුලක් ඇති වී තිබෙනවා.
    මේ පිළිබඳව
    කාලය නාස්ති කරන එක තේරුමක් නැහැ.
    The terms portrait and landscape refer to different orientations of the paper -- whether it is oriented vertically or horizontally. A page with portrait orientation, typical for letters, memos, and other text documents, is taller than it is wide.

    Not all printers are capable of generating text in landscape mode.

    Orientation is also a characteristic of monitors. Portrait monitors are often called full-page monitors .
    http://www.webopedia.com/TERM/P/portrait.html


    www.webopedia.com
    This page describes the term portrait and lists other pages on the Web where you can find additional information.
  • Vidarshana Rathnayake eka atta...
  • Indranatha Thenuwara portrait හා landscape කියන වචන දෙකෙන් කියන අර්ථය නෙමෙයි අලේඛ්‍ය ඡායාරූප portrait කියන එකෙන් කියන්නෙ.
    Athula Siriwardhane මහතා පෙන්වල තියෙන පින්තූර දෙකේනම් බරපතල දෝෂ තියෙනව. ඒ දෙකේ ම වැලමිට ලඟින් කැපිල. මේව හොඳ පුද්ගල පින්තූර බව ඇත්ත. නමුත් “ආලේඛ්‍ය ඡ
    ායාරූප“ portrait නෙමෙයි. කොහේ හෝ දැකපු පුද්ගලයකුගේ පින්තූරයක් ගත් පමණින් ඒක ආලේඛ්‍ය ඡායාරූපයක් වන්නෙ නැහැ. ඒ නිසා ආලේඛ්‍ය ඡායාරූපකරණය හදාරන ආධුනිකයකුට විශිෂ්ට ආලේඛ්‍ය ඡායාරූප කියල මේව පෙන්නුවොත් ඔවුන් ලොකු ආගාධයකට ඇද වැටෙනව.
    මේ පෙන්වල තියෙන පින්තූර දෙක ම තව නොසෑහෙන්න ක්‍රොප් කර ගත්තොත්, අඩු තරමින් ආදර්ශ පින්තූරයක් හැටියට පෙන්වතෑකි.
    ආලේඛ්‍ය ඡායාරූපයකදි සම්මතයන් පමණක් නොව ඉන් පෙනී සිටින පුද්ගලයාගේ ආත්ම මනෝ භාවයත් උද්දීපනය වෙන්න ඕන.
  • Indranatha Thenuwara
    Indranatha Thenuwara's photo.
  • Indranatha Thenuwara
    Indranatha Thenuwara's photo.
  • Indranatha Thenuwara අනෙක “ආලේඛ්‍ය ඡායාරූප“ portrait කියන්නෙ පුද්ගලයකුගෙ මුහුණ පමණක් පෙන්වන පින්තූරයන් ම පමණක් නෙමෙයි.
    “ආලේඛ්‍ය ඡායාරූප“ portraitයකට සම්පූර්ණ පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙකු හෝ ඇතුළත් විය හැකියි. ඒ වගේ ම ඔහු සිටින පරිසරයත් ඊට ඇතුළත් විය හැකියි.
  • Shiroz S Manawadu Bohomathma Sthuthi harawath maga penweem walata...oba siyalu denata... Indranatha Thenuwara Athula Siriwardhane Vidarshana Rathnayake
  • Athula Siriwardhane .
    මම දකින විදියට
    තේනුවරගෙ පළමු ක්‍රොප් එකේ
    පුද්ගලයා වමට බර වැඩියි..

    ස්ටීව්ගෙ දෙවෙනි ඡායාරූපය
    තවත් ක්‍රොප් කලොත්
    මුහුණට වඩා තලප්පාව
    මතු වෙනවා.
    තේනුවරගෙ ක්‍රොප් එකෙන්
    ඒ බව පැහැදිලියි.
  • Athula Siriwardhane .
    මේ දෙකෙන්
    ක්‍රොප් කරපු ඡායාරූපයෙ 1
    බයාදු ගතියක් ඇවිත් තියනවා..
    ඉරියව්වෙන් වැදගත් කොටසක්
    ඉවත්වීම නිසා.

    Athula Siriwardhane's photo.
  • Athula Siriwardhane .
    මේ ඡායාරූපයෙත්
    ක්‍රොප් එකෙන් අපි දකින චරිතයට වඩා
    වෙනස්, ගැඹුරක් ඇති චරිතයක්
    ස්ටීව්ගෙ ඡායාරූපයෙන් පේනවා.

    Athula Siriwardhane's photo.
  • Indranatha Thenuwara Athulaගෙත් මගෙත් පින්තූර කියවීම බොහොම වෙනස්.
    අතුල මට වඩා බොහොම ඉහළ චිත්‍ර ශිල්පියෙක්.
    මම අතුලට වඩා ඉස්සරහින් ඉන්න ඡායාරූප ශිල්පියෙක්.
    නමුත් අපි දෙන්නාම එක පටු තැනකදි හිර වෙනව.
    අතුල බරපතල මැක්කරිවාදියෙක්. ඒ නිසා අතුල එතැන කොටු වෙනව. ඒ නිසා අතුල මැක්කරිගෙ පින්තූරත් එක්ක කියන ඒව මට ගෝචර වෙන්නෙ නැහැ.
    මම ඊරිසියාකාර සහ සාම්ප්‍රදායික ඡායාරූප ශිල්පියෙක්. ඒ නිසා මම බොහෝ විට සම්මතයන් තුළ හිර වෙනව....!!
  • Athula Siriwardhane .
    හොඳ පැහැදිලි කිරීමක්..
  • Chandana Liyanage මැක්කරි lankawe hitiyanam wenadeth meken pahadili wenawa...
  • Athula Siriwardhane .
    Candid Portrait..

    Athula Siriwardhane's photo.
  • Tharuka Gamage මැක්ක lankawe hitiyanam Athula Sir niasa miniha divi nasa gena ekko athula sir ekka set wela මැක්ක ta pissu wattuwata yanna wenawa
  • Athula Siriwardhane Tharukata thamange maanasika mattamen ehaata hithaaganna beri weema saamaanyayi..
    Steve McCurry wage ayata warnanaa ihata gahanawa nam ea warnanaa karana aya wata karagena eyin mathwelaa innawaa winaa eyin ehaata yanna lebenne ne..
  • Athula Siriwardhane .
    Steve McCurry Awards
    2011 Leica Hall of Fame Award St. Moritz, Switzerland
    2011 Prix LiberPress Girona, Spain
    2009 Ambrogino D’Oro Milan, Italy

    2006 Lowell Thomas GOLD
    2006 First Place, Buddha Rising, National Geographic, Dec. 2005 National Press Photographers Association
    2006 Honorary Fellowship New Zealand Institute of Professional Photography (NZIPP)
    2005 Honorary Fellowship The Royal Photographic Society of Great Britain, London
    2005 Photojournalism Division-International Understanding through Photography Award Photographic Society of America
    2003 The Lucie Award for Photojournalism International Photography Awards
    2003 Distinguished Alumni Award Pennsylvania State University
    2003 Co-recipient of the New York Film Festival Gold for documentary, Afghan Girl: Found" New York Film Festival
    2002 Distinguished Visiting Fellow College of Creative Studies, University of California
    2002 Doctor of Humane Letters, honoris causa Fairleigh Dickinson University, NJ
    2002 Photographer of the Year - PMDA Professional Photographer Award PMDA
    2002 Photographer of the Year American Photo Magazine
    2002 Special Recognition Award United Nations International Photographic Council
    2002 Award of Excellence for "Women of Afghanistan" French Art Directors Association
    2001 Award of Excellence, Book Series: "South SouthEast Photography Annual, Communication Arts
    2000 Book of the Year: "South SouthEast"

    Magazine Feature Picture Award of Excellence: "Women in Field, Yemen
    Picture of the Year Competition
    1999 Lifetime Fellow Award Pennsylvania State University, PA
    1998 Our World Photo Winner, "Red Boy"

    Our World Essay Finalist, India
    Life Magazine: 'The Eisenstaedt Awards'
    1998 Award of Excellence, Portraits: Red Boy Picture of the Year Competition
    1998 Southern Asian Journalistic Award: Outstanding Special Project: National Geographic Story, India: 50 Years of Independence

    Southern Asian Journalistic Award: Outstanding Photograph: Red Boy

    1997 Magazine Feature Picture Award of Excellence: Fishermen Picture of the Year Competition
    1996 Magazine Feature Picture Story Award: '"Beggar

    Magazine Feature Picture Story Award: Burma: The Richest of the Poor Countries
    Picture of the Year Competition
    1994 Arts and Architecture Distinguished Alumni Award Pennsylvania State University
    1993 Award of Excellence for Rubble of War National Press Photographers Association
    1992 Oliver Rebbot Memorial Award: Best Photographic Reporting from Abroad on Gulf War Coverage Overseas Press Club
    1992 Magazine Feature Picture Award of Excellence: Fiery Aliens

    First Place, Magazine Science Award: Camels under a Blackened Sky First Place, Gulf War News Story: Kuwait: After the Storm
    Picture of the Year Competition
    1992 First Place, Nature and Environment: Oil-Stricken Bird, Kuwait

    First Place, General News Stories: Kuwait after the Storm Children's Award: "Camels under a Blackened Sky
    World Press Photo Competition
    1990 Award of Excellence, "Spanish Gypsy White House News Photographers Association
    1987 Medal of Honor for coverage of the 1986 Philippine Revolution Philippines
    1986 Oliver Rebbot Memorial Award: Best Photographic Reporting from Abroad for work done in the Philippines Overseas Press Club
    1984 Nature Category, First Place

    Nature Series Category, First place Daily LIfe Category, First Place Daily Life Series, First Place
    World Press Competition
    1985 Oliver Rebbot Award Citation: Monsoons and The New Faces of Baghdad
    1984 Magazine Photographer of the Year National Press Photographers Association
    1980 Robert Capa Gold Medal for coverage of the war in Afghanistan for Time Magazine
  • Athula Siriwardhane .
    Steve McCurry Publications
    =The Iconic Photographs Phaidon Press Limited, 2011
    =The Unguarded Moment Phaidon Press Limited, 2009
    =In the Shadow of Mountains Phaidon Press Limited 2007

    =Looking East Phaidon Press Limited 2006
    =Steve McCurry Phaidon Press Limited 2005
    =The Path to Buddha: A Tibetan Pilgrimage Phaidon Press Limited 2003
    =Sanctuary: The Temples of Angkor Phaidon Press Limited 2002
    =South Southeast Phaidon Press Limited 2000
    =Portraits Phaidon Press Limited 1999
    =Monsoon Thames and Hudson 1988
    =The Imperial Way - Photographs by Steve McCurry and Text by Paul Theroux Houghton-Mifflin Company 1985
  • Indranatha Thenuwara Athula පළ කරල තියෙන නිල් පාට කමීසය හැඳි පුද්ගලයාගේ පින්තූරය, ආලේඛ්‍ය ඡායාරූප ගැන කතා කරන ත්‍රෙඩ් එකක අගුවකවත් තියන්න බැහැ. ඒක ඉතාම පැහැදිලි ව වාර්තා ඡායාරූපයක්...!
  • Athula Siriwardhane .
    Candid portrait කියලත් අංශයක් තියනවනෙ, තේනුවර..
  • Athula Siriwardhane .
    මේ ඔබ ලින්ක්ස් පළ කරන සයිට් එකකින්..
    http://digital-photography-school.com/...


    digital-photography-school.com
    Your challenge is to take and share some candid portraits. Feel free to do it any way that suits you – you might hit the streets for some street portraits, you might take your camera to a party or family gathering for some shots there – or you might like to just photograph the family around the home...
  • Indranatha Thenuwara තව නම් දානනත් පුලුවන්නෙ අතුල. ඒව ඡායාරූප තාක්ෂණයේ අනු විෂයයන් වෙන්න පුලුවන්. නමුත් ඡායාරූප කලාවට කිසි සේත් අයිති නැහැ.
  • Athula Siriwardhane .
    නිල් පාට කමීසය හැඳි පුද්ගලයාගේ පින්තූරය,
    ආලේඛ්‍ය ඡායාරූපයක් නොවෙන බව මම පිළිගන්නවා.
    Candid portrait කියලත් අංශයක් තියනව...
    පාරෙ යන කෙනෙකුට දකින්න ලැබෙන පමණින්

    ඔහුගෙ චරිතය මම එහි දකිනවා.
    විශේෂයෙන්ම ඔහුට වැඩක් නොලැබුණොත්
    ඔහුගෙ ප්‍රතිචාරය...
    ඔහු ජීවිතය දිහා ප්‍රශ්න දිහා
    උපේක්ෂාවෙන් බලන කෙනෙක් බව
    මම ඔහු දුටු ගමන්ම දැණුනා.
    ඒ නිසාමයි ඔහු ගත්තෙ..
  • Tharuka Gamage Ane manda Athula saar ge threda eke pinthooray commentui galapanna gihin pissu beth beela wage "olmoronddam gathiyak" mata danenawa
  • Athula Siriwardhane Eka magea waradak wennethi Tharuka..
  • Sameera Weerasiri හොද සනංවාදයක්...
  • Indranatha Thenuwara ඒ පින්තූරෙ ආලේඛ්‍ය ඡායාරූපයක් නෙමේය කියල ඔබම පිළිගන්නවනම්..
    ඇයි ඒ පින්තූරෙ Portrait කියල නම් කරපු ත්‍රෙඩ් එකක පළ කළේ..?
    එතකොට මේ ත්‍රෙඩ් එකේ මුලයි, මේ පින්තූරෙයි පමණක් දකින කෙනෙක්, සහමුලින් ම වැරදි අවබෝධයක්නෙ ලබන්නෙ.
    ඔබ Candid portrait කියල වෙනම ත්‍රෙඩ් එකක් ඇරල ඒකෙ මේ පින්තූරෙ පළ කළානම් හරිනෙ..!!
  • Athula Siriwardhane Eka Candid portrait kaLath prashnaya wisandeyi..
  • Athula Siriwardhane .
    Candid portrait..

    Athula Siriwardhane's photo.
  • Indranatha Thenuwara අතුල ඔය පළ කරන ඒව “පින්තූර“නම් මේවට මොකක්හරි නමක් කියනවද..?
    https://www.facebook.com/indranathathenuwara/media_set...

  • Athula Siriwardhane නියමයි.. තේනුවර..
    මම කැමති ෆොටෝ ගොඩක් තියනවා,
  • Indranatha Thenuwara ඒව සියල්ලම ඔබ කියන Candid portrait උනත්, මම ඒව ආලෙි්ඛ්‍ය කියන ඡායාරූප කැටගරිය යටතෙ ආදර්ශ ඡායාරූප ලෙසින් පළ කරන්නෙ නැත්තෙ ඇයි කියල කියන්න පුලුවන් ද..? Athula
  • Chandana Liyanage Though Portrait and Candid portrait end up with word 'portrait', those are entirely two different things done at completely different environments hence with entirely two different tastes; therefore measuring factors too are different; therefore comparison is irrelevant.
  • Athula Siriwardhane .
    Thenuwara...
    ඔබ ඒව ආලෙි්ඛ්‍ය කියන ඡායාරූප කැටගරිය යටතෙ
    ආදර්ශ ඡායාරූප ලෙසින් පළ කරන්නෙ නැත්තෙ
    ඔබ ගුරුවරයෙක් විදියට පිළිගත්,

    විශේෂ ප්‍රතිරූපයක් තියන,
    ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් නිසා.
    ඔබ කියන දේ අන්ධ භක්තියෙන් පිළිගන්න
    අනුගාමිකයන් පිරිසක් ඉන්න නිසා.
    ඔවුන් ඔබ පෙන්වන වෙනස
    හඳුනා නොගත්තොත්
    ඔබ වැරදිකරුවෙක් වෙන නිසා.
    ඔබේ වෘත්තීය ප්‍රතිරූපයට
    එම වාතාවරණය හානිකර නිසා.

    ඔබට සංවාදයකට ඉඩ තියල
    ප්‍රකාශයක් කරන්න බැහැ.
    ඔබ කියන දේ
    අවසාන ප්‍රකාශය විය යුතුයි..
    ඔබට එහෙම වැරදුණොත්
    ඔබේ ප්‍රතිරූපය බිඳින්න
    කැස කවමින් පිරිසක් බලා ඉන්නවා.
    ඔබ මට මොන විදියට සැලකුවත්
    අවශ්‍ය පිළිතුරෙන් එහාට
    ඒ ප්‍රතිරූපයට හානිවෙන දේ නොකරන්න
    මමත් ප්‍රවේශම් වෙනවා,
    මිතුරෙක් ලෙසින්...

    ඔබ මගෙන් බලාපොරොත්තු වුණ පිළිතුර
    මේක නොවෙයි..
    ඒත් මම වඩාත් වැදගත් කොට දකින්නෙ
    මේ හේතුඵල රටාවයි...
    ඔබේ ජීවිතයේ වටිනා බොහෝ දේ
    පරිත්‍යාග කොට තනාගත්
    ඔබේ ප්‍රතිරූපය ඔබ රැකිය යුතුයි.
    ඒ ප්‍රතිරූපය දරාගත නොහැකි අයගෙන්
    රැකගත යුතුයි..

    එහෙම නැත්නම් ඔබටත්
    ඒ ඡායාරූප පළ කරලා
    ඇතිවෙන සංවාද තුලින්
    යමක් ඉගෙනගන්නට සැලැස්විය හැකියි.
    මම ඉගෙන ගන්නෙත්
    අනික් අය ඉගෙන ගන්න පොළඹවන්නෙත්
    ඒ ක්‍රමයටයි..
    මට වැරදුණොත් ඒක
    ඉගෙන ගන්න අවස්ථාවක්.
    මගේ ප්‍රතිරූපයක් නැහැ..
    තියනවා නම් මුහුදු රළ වගෙයි.
    හුළඟ හමන විදියට
    ඉහළ පහළ යනවා....
    බිඳෙනවා.
    බිඳුණාම මුල ඉඳන් පටන් ගන්නවා.

    ඔබට අවකාශ තියෙන්නෙ
    නිශ්චිත විවරණ වලටයි.
    බහුවරණ මග හරින්න වෙනවා.
  • Asitha Mirando This is the real PHOTO TALK.....me sanwadhayen api godak dhewal igena gannawa
  • Indranatha Thenuwara නැහැ Athula
    ඒ එක්කවත් නෙමෙයි.
    ඇත්තෙන්ම ඒව ආලේඛ්‍ය Portrait කියන නියම කැටගරියෙ ආදර්ශ පින්තූර හැටියට පෙන්වන්න බැරි නිසා....!!!!!
    ඒ වගෙම ඒව ඔබ කියන Candid Portrait කැටගරියට ඇතුලත් කරන්නත් බැහැ. ඒ මම ඒව ගත්තෙ ඔවුන් නොදනුවත්ව උනත් හොරෙන් නොවන නිසා.
    පින්තූර
    ය ගන්න නියම මොහොත එනකම් දර්ශන දක්නයෙන් එල්ලය අරං හිටපු නිසා. මට දැනෙන රූප රාමුවකට අනුගත කරන්න කැමරාවෙන්ම කො‍ටු කර ගත් නිසා.
    ස්වයංක්‍රීය නාභිගත Auto Focus වීම සහ, ද්වාර මූලික Shutter Priority පහසුකම දෙක උනත් අනාවරණ අගය EV - Exposure Value මට අවශ්‍ය පරිදි වෙනස් කරමින්, ඇත්ලු අනෙක් සියලුම කාරණා මම ම හිතපු නිසා..
  • Indranatha Thenuwara ඔබ සමග මගේ ඇති මිත්‍රත්වය මෙවන් සංවාදයකින් ලඝු වන්නෙ නැහැ.
    ඒ වගේම මා තුළ ඉන්නා ඔබ ගැන ප්‍රතිරූපයට හානි වනවාටත් මා කැමති නැහැ.
    ඒ වගේම කිසියම් කාරණයක් නිසාවෙන් දුහුණකු වැරදි අර්ථ කථනයක් ලබයිනම්, මිත්‍රකම නිසාවෙන් මුවින් නොබැන සිටීමෙන්, ඊට වඩා බරපතල මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් සිදුවෙනවාය කියා මට හිතෙනවා..!
  • Rumal Jayamuni මේක හරිම හොඳ සංවාදයක්! ගොඩක් දේවල් මතුවෙනවා.. දැනගන්න ලැබෙනවා! ස්තුතියි ඔබ දෙපළටම Athula සහ Indranatha මහත්වරුණි!
  • Indranatha Thenuwara ආලේඛ්‍ය ඡායාරූපයක් වෙන්නනම්, පළමුවෙන් ම එහි නිරූපිත පුද්ගලයාගේ චෛතසිකත්වය උද්දීපනය වෙන්න ඕන. දෙවනුව ඔහුගෙ පුද්ගලානුබද්ධ පෞරුෂය පෙනෙන්න ඕන. තෙවනු ව ඉන් ඔහුට වඩා හොඳ ප්‍රතිරූපයක් මැවෙන්න ඕන. සිව්වනු ව අපට ඔහු ගැන අනුකම්පාවක් නොව ගෞරවණීය ප්‍රසාදයක් මතු වෙන්න ඕන.
    පස්වනු ව ඒ පින්තූරය ප්‍රතිනිර්මාණය කරන්නට දායකත්වය දුන් ඡායාරූප ශිල්පියාගේ ප්‍රතිභාවත්, ආත්ම දමනයත් පෙන්නුම් වෙන්නත් ඕන.
    ඒ ආලේඛ්‍ය ඡායාරූපය ගැන මගේ මතය.
  • Indranatha Thenuwara මේ මා අදහන විශිෂ්ටතම ආලේඛ්‍ය ඡායාරූප ශිල්පියා වන යූසුෆ් කාෂ් Yousuf-Karshමහතා.
    Indranatha Thenuwara's photo.
  • Indranatha Thenuwara මේ යූසුෆ් කාෂ් ලෝ පතල කරවූ, වින්සන්ට් චර්චිල් අගමැතිවරයාගේ ආලේඛ්‍ය ඡායාරූපය.
    Indranatha Thenuwara's photo.
  • Indranatha Thenuwara මේ යූසුෆ් කාෂ් නිර්මාණය කළ ඇල්බට් අයින්ස්ටයින් නම් වූ ගණිත විද්‍යාඥයාගේ ඡායාරූපය
    Indranatha Thenuwara's photo.
  • Indranatha Thenuwara මේ යූසුෆ් කාෂ් නිර්මාණය කළ අර්නස්ට් හෙමිංවේ සාහිත්‍යධරයාගේ ආලේඛ්‍ය ඡායාරූපය. “මහල්ලා සහ මහ මුහුද“ නම්වූ විශිෂ්ට නවකතාව රචනා කරන ලද්දේ එතුමන් විසිනි.
    Indranatha Thenuwara's photo.
  • Indranatha Thenuwara මේ යූසුෆ් කාෂ් නිර්මාණය කළ තෙරේසා මව්තුමියගේ ආලේඛ්‍ය ඡායාරූපය.
    Indranatha Thenuwara's photo.
  • Chandana Liyanage Candid photographerta Mr Indranatha Thenuwara kiwwa 1-4 control kirime awasthawak naha. ohuta aththe paswanna pamanai "ප්‍රතිභාවත්, ආත්ම දමනයත්"...! enisa mee stream deka sansandanaya kala nohaki..
  • Chandana Liyanage Mr Athula Siriwardhanege 'nil kamisa karaya' saha einstein portrait pictures deka balanna..... mata nam dekama rasavindiya haki...
  • Athula Siriwardhane .
    Thenuwara...
    යූසුෆ් කාෂ්
    Portrait කලාවේ ඉහළම අන්තයේ සිටින
    කිහිපදෙනාගෙන් කෙනෙක්..

    ඔබ ඔහු අනුගමනය කරමින්
    ඉතාම දුලබ වුණත්
    තවමත් ලංකාවේ ජීවත් වෙන
    සුවිශේෂී චරිත සහිත පුද්ගලයන්ගේ
    Portrait පෙළක් ඉදිරිපත් කරන්නට
    කටයුතු කරනවා නම්
    එය ශ්‍රී ලාංකේය
    ඡායාරූප කලාවට කරන
    විශාල සේවයක් වේවි..
    ඒ සඳහා ඔබේ දැනුමත්,
    අත්දැකීමත් ප්‍රමාණවත්.

    අපට හොඳ Portrait ප්‍රදර්ශනයක්
    බලන්න අවස්ථාව ලැබේවි..
  • Athula Siriwardhane .
    ඔව් චන්දන..
    Portrait එකේ ඉන්න කෙනාගෙ චරිතය වගේම
    ඒ මොහොතෙ ඉන්න හැඟීමත්
    ඡායාරූපයට බලපානවා.


    ඔබ නිල් කමිසකාරයා තුළත්
    අයින්ස්ටයින් තුළත් විඳින්නෙ
    ඔවුන් ඉන්න හැඟීම.

    මේ මගේ අර්ථ දැක්වීම..

    Portrait ඡායාරූපයක
    චරිතය සහ හැඟීම ප්‍රධානයි.
    Portrait ඡායාරූපයක අරමුණ
    කෙනෙකුගේ පෙනුම, චරිතය, පෞරුෂත්වය
    සහ හැඟීම ප්‍රකාශනයයි.
    එහෙයින්
    චරිත ප්‍රකාශන ඡායාරූපයක්
    සාමාන්‍ය ඡායාරූපයක් නොව
    නිසල ඉරියව්වක සිටින කෙනෙකුගේ
    සංවිධිත ඡායාරූපයකි.

    යුසුෆ් කර්ශ්ගෙ දක්ෂතාවයත්,
    ඔහුට පෙනී සිටින පුද්ගලයාගෙ චරිතයත්,
    එම පුද්ගලයාගෙ තියන හැඟීමත්,
    තුනම එක්වීමෙනුයි
    Portrait ඡායාරූපයක් හැදෙන්නෙ.
    ඔහු ඡායාරූප ගත කළේ
    ලෝකයේ ඉහළම පෙළේ නායකයන්,
    විද්වතුන්, කලාකරුවන්...
    ඔවුන් අද සිටින නායකයන්,
    විද්වතුන්, කලාකරුවන් මෙන්
    හිස් ජිල්මාට්කරුවන් නෙවෙයි..
    සැබෑ උදාර චරිත.

    අද එවන් චරිත පවා
    මානසිකව අඩපණ කරනු ලබලා.

    වසර ගණනකට කළින්
    අමරදේවගෙ තිබුණ
    අභිමානය අද ඔහු ළඟ නැහැ.
    යුසුෆ් කර්ශ්ටවත්
    අද අමරදේව තුලින්
    අපි ගරු කරන්න පුරුදු වී සිටිය
    අමරදේවයන් සොයාගන්න බැහැ.
    ඔහු ළඟ දණ ගැසිය යුතු
    හිස් මිනිසුන්ට වඳින්න තරම්
    අද අමරදේව
    චරිත ශක්තියෙන් පිරිහිලා.

    යුසුෆ් කර්ශ් වැනි
    ඡායාරූප ශිල්පීන් මෙන්ම
    ඔහු ඡායාරූප ගතකළ විදියෙ
    උදාර චරිතත් අද නැහැ.

    අද ඉන්නෙ මුදලට යටවුණ,
    බොරුකාර හිස් ජීවිත ගත කරන
    හිස් මිනිසුන්...

    ඒ නිසා
    තේනුවර ගරු කරන තාලෙ
    Portrait ඡායාරූපය සිහිනයක්ම පමණයි.

    තේනුවරට මම කළ ආරාධනාව
    ඔහු පිළිගත්තොත්
    මේ සත්‍යයට මුහුණ දීම
    ඔහුට ලොකු අභියෝගයක් වෙයි.

    Athula Siriwardhane's photo.
  • Athula Siriwardhane .
    Photo by Yousuf Karsh
    Jawaharlaal Nehru

    Athula Siriwardhane's photo.
  • Athula Siriwardhane .
    Photo by Yousuf Karsh
    John F. Kenedy

    Athula Siriwardhane's photo.
  • Athula Siriwardhane .
    මේ ඡායාරූපය මම ගන්න හේතු වුණෙත්
    මේ මනුස්සයාගෙ චරිතයත්
    ඔහු ඉන්න හැඟීමත් විශේෂයි කියල
    මට දැනුන නිසයි.

    ඔහු සාමාන්‍ය සපත්තු මහන්නෙක් නොවෙයි.
    ඔහුගෙ පංතියේ කෙනෙක්
    ගැටළුවකට මුහුණ දුන් ස්වභාවය
    ඔහු තුළ නැහැ.

    අයින්ස්ටයින් හෝ නේරු මෙන්
    ලෝකයට බල නොපෑවත්
    මොහුත් ඔහු වෙසෙන සමූහය තුළ
    වැදගත් විදියට ජීවත් වෙනවා ඇතැයි
    මා විශ්වාස කරනවා.

    මා ඡායාරූප ගත කළේ
    මේ මනුස්සයාගෙ ශරීරය නොවෙයි..
    මා දුටු චරිතයයි.

    Athula Siriwardhane's photo.
    24 minutes ago · Like

No comments:

Post a Comment