Monday, July 29, 2013

Steve McCurry ද? Karl Taylor ද ?



  • RECENT POSTS

  • Vidarshana Rathnayake
    Athula Siriwardhane මහතා මිට දින කිහිපයකට පෙර Steve McCurry හා karl taylor පිලිබදව යම් අදහස් කිපයක් ඉදිරිපත් කර තිබෙනු මා දැක්කා නමුත් ඒ වේලාවේ ටිකක් කර්යය බහුල වු නිසා මට ඒ පිලිබදව පැහැදිලි අදහසක් දැක්වීමට නොහැකි වුනා මේහිදි මේ අදහස් දැක්වීම මට වැදගත් වනුයේ මම karl taylor ගේ සිසුවෙක් වන නිසා... steve mccurry යනු ජයාරුප ශිල්පියෙකි ඔහු දස්කම් දක්වන්නේ...photojournalist කියන විශය සදහා පමණි....ඔහුගේ විලාසාතා ජයරුප කරනය අසර්ථකයි...ඔහු ජායරුප වල එවා කලාව පමණක්ම ඇති බොරින් නිර්මානය...මම කවදාවත් ඔහුගේ මැක්‍රෝ ජායාරුප දැක නැත.. ඒ වගේ ලැන්ස්කේප් ද දැක නැත... අලෝක කරනය හා සැබැදි නිර්මාන දැක නැත... ඔහු photojournalist සදහා පමණක් අති දක්ෂයෙක්ය.... karl taylor- ඉට හාත් පසින්ම වෙනස් කෙනෙකි...ඔහු ජයාරුප කරණයේ සියලුම අංශ වලට දක්ෂයෙකි ඒ වගේම විඩියෝ කරණය...සහ ඩිසයින් කිනය විෂයන්ගේ ද දක්ෂයෙකි... මේ සිසුන් දහස් ගනනක් සිටින අතර අනියම් සිසුන් කොටි ගනක් සිටි...karl taylor යනු කලාව, තාක්ෂනය, අලෝකරණය යන අංශ තුනේම දක්ෂයෙකි.... — with Athula Siriwardhane.


    • Indranatha Thenuwara  
      විදර්ශනගෙ කතාවට මාත් එකඟයි. steve mccurry කියන්නෙ පවතින ආලෝක තත්ත්වයෙන් උපරිම ඵල නෙලා ගන්නා ඡායාරූප ශිල්පියෙක්.
      ඒ දක්ෂකම බොහෝ විට අයිති වන්නේ නිර්මාණාත්මක හැකියාවකට වඩා වාසනාව කියන කාරණයටයි.
       
    • Sameera Liyanage  
      mamath ekagai me kathaavata. Karl Taylor kiyanne mama dekka hondama photography teacher kenek. e wagema ohu wiwida anshawalin hakiyaawan penwanawaa
    • Mathra Prabhakara  
      මම photography ගැන නම් දන්නේ හරිම අඩුවෙන්.. නමුත් වාසනාව ගැන යමක් කියන්න ඕන...
      '' The harder you work, the more luck you have '' කියන කියමන නොසලකා හරින්න එපා කවදාවත්... ස්වභාවික තත්වයන් ඒ අයුරින්ම මිනිස්සු අතරට ගෙනත් එමගින් නමත් හදාගත්තනම් මම හිතන්නෙ
      ඔහු අතිදක්ෂයෙක්...කෟතිමව ආලෝකය ප්‍රයෝජනයට ගන්න නොදන්න ඔහු ස්වභාවික ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඇති..ඔහුට කෟකිම ආලෝකයක් ගැන හිතන්න ඕන කමක් පැන නගින් නෑනෙ එතකොට..ඔහු දක්ෂ දේට අදත්ෂ අයට තමයි තාන්ෂණය හෝ වෙනත් දෙයක් මත යැපෙන්න වෙන්නෙ.. එයයි මගේ අදහස !!!

    • Sameera Liyanage ස්ටීව් මැක්කරි කියන්නේ ඡායාරූපකරනයේ සර්වබලධාරී නෙවි නේද? අතුල මහත්මයා ඔහුගේ ඡායාරූප වලට ගොඩක් කැමති බව ඇත්ත. ඒත් එහෙමයි කියල ස්ටීව් මැක්කරි තමයි photographer අනිත් අය සොක්කෝ වගේ කියල හිතන එක නම් වැරදි මම හිතන්නේ. එක එක ඡායාරූප ශිල්පීන් එක එක අංශවල තමන් ගේ දක්‍ෂතා පෙන්වනවා. මේ සැරේ frame awards බැලුව වෙලාවෙදි මමත් එහෙම ඡායාරූපශිල්පීන් කීපදෙනෙක්ම දැක්කා.
      මම මේ ක්‍ෂේත්‍රයට ආධුනිකයෙක්. මට වෘත්තීය ඡායාරූපශිල්පියෙක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම විනොදාංශයක් හැටියටයි ඡායාරූපගන්නේ. මමත් ඡායාරූපශිල්පය ගැන මුලින්ම අත්පොත් තිබ්බේ කාර්ල් ටේලර් ගෙන්. ඔහු ඇත්තෙන්ම දක්‍ෂ ඡායාරූපශිල්පියෙක් වගේම හොඳ ගුරුවරයෙක්.

    • Vidarshana Rathnayake Mathra Prabhakara කැමාරාවත් තාක්ෂනයේ කොටසක්....තාක්ෂණය නැති ජයාරුපකරණය කියන්නේ හරියට කැමාරාවක් නැතුව පෙටෝ ගහනවා වගේ වැඩක්...

    • Vidarshana Rathnayake වාසනාව හොද පෙටෝ නිර්මානය කරනවා ඇති...එත් අවාසනවා තමා දක්ෂයෝ බිහිකරන්නේ...

    • Mathra Prabhakara මොන තරම් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් උනත් අවසානයෙදි එළියට එන නිර්මාණය අසාර්ථකයි නම් ඔහුගෙන් වැඩක් නෑ නේද අයියා ?? මම නම් දකින විදියට අවසාවයේදි නිර්මාණයයි ඇගයෙන්නේ..දක්ෂයින්ගේ කුණුගොඩවල් පවා සමඑර වෙලාවට ඕනවට වඩා ඇගයෙනවා..වියයුත්තේ නිර්මාණය තුළින් ඒ හරහා පුද්ගලයා ඇගයීමයි...අවාසනාවකට බොහෝ විට වෙන්නේ පුද්ගලයා මත නිර්මාණයේ ඇගයීමයි....

    • Mathra Prabhakara ස්ටීව් මැක්කරි ගේ ඡායාරූප කාර්ල් ටේලර් ගේ ඒවට වඩා හොදයි කියන එක නම් නෙවෙයි මේ කියන්න හදන්නේ... කවුරුවත් වැරදියට තේරුම් ගන්න එපා

    • Indranatha Thenuwara ස්ටීව් මැක්කරි කියන්නෙ මගෙත් ප්‍රියතම ඡායාරූප ශිල්පීන් අතලොස්සෙන් ඉහළින් ම සිටින්නෙක්. පවතින ආලෝක තත්ත්වය යටතේ පින්තූරයක් ග්‍රහණය කර ගන්න ඔහු තරම් දක්ෂයෙක් මාත් තවම දැකල නැහැ. ඒ වගේ ම ඒ ඡායාරූපවලින් ඔහු දකින ජීවන දර්ශනයත් අති ඉහළයි. නමුත් ඡායාරූප ශිල්පය කියන්නෙ පවතින ආලෝකයෙන් පමණක් ම පින්තූර ගැනීම නෙමෙයි.

    • Mathra Prabhakara අනිවාර්‍යයෙන් ඔබතුමාල හරි.. මම Photography හදාරලම නෑ.. මොන ක්ෂේත්‍රයක උනත් '' ඒ දක්ෂකම බොහෝ විට අයිති වන්නේ නිර්මාණාත්මක හැකියාවකට වඩා වාසනාව කියන කාරණයටයි'' කියන කාරණයට මම එකග නැති නිසයි සම්බන්ධ උනේ.. වාසනාව කියන දේ ගාවගත්තොත් සිද්වන , කරන කියන හැමදෙයක්ම වාසනාව හෝ අවාසනාව මත වෙනව කියලත් තර්ක කරන්න පුළුවන් ඕන කෙනෙක්ට...

    • Athula Siriwardhane .
      Steve McCurryගේ වාසනාවද,
      ඉවසීම හා කැපවීමද?
      ----------------------------------------------------------------------------
      එක් උදෑසනෙක, ඇෆ්ගන් සරණාගත කඳවුරෙහි සැරිසරමින් සිටි ස්ටීව් කූඩාරමක් පසුකර යද්දී කිසියම් පිරිසක් රැස්ව සිටින හඬ ඇසී විමසන විට ඒ
      දැරියන් සඳහාවූ කුඩා පාසලක් බව වැටහිණ.. ගුරුතුමිය ඔහුට ඇතුළට ආරාධනා කළාය.
      එහි ළමුන් අතර මෙම අසාමාන්‍ය, විශ්මිත, විනිවිදයන සුලු, නිල් කොළ අලු පැහැති දෑස් ඇති යුවතිය ඔහුට දක්නට ලැබිණ.. ඇය කූඩාරමෙහි පසෙක හිඳගෙන සිටියාය.
      මේ අතිශය අපූර්ව අවස්ථාවක් බව ස්ටීව්ට වැටහිණ..
      ඇය ඡායාරූපගත කළ හැකි වුවහොත් එය සුවිශේෂී පෝර්ට්‍රේට් එකක් වන බව ඔහුට හැඟිණ...
      ඇගේ ස්වභාවය අනුව ඇය ඡායාරූපයට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් මුලු දවසටම ඇය කැමති නොවනු ඇතැයි ඔහු සිතීය. ඡායාරූපයට මුහුණ දීම ඇයට පහසු කිරීම සඳහා ඔහු ඇගේ පන්තියේ අනික් සිසුවියන් ඡායාරූපයට නැගුවේය. එයින් ඇය තුළ ඡායාරූපයට මුහුණ දීමට උනන්දුවක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය.මේ අතර ඔහු ගුරුතුමියගේ අවසරයද ලබා ගත්තේය. ඇය කෙළින්ම කැමරාවට මුහුණ දීමට පසුබිම සකස් කරගැනීම සඳහා ඔහු ඇගේ වෙනත් ඡායාරූප 5-10ක් පමණ ගත්තේය.
      වැඩිවිය පැමිණි ඇෆ්ගන් කාන්තාවක් ඡායාරූප ගත කිරීම වරදක් විය හැකිය. ඇය මුහුණ දෙන ආකාරය ඔහුගේ තෘප්තියට හේතු නොවීය... සම්බන්ධතාවය ඔහුට අවශ්‍ය තරම් ප්‍රබල නොවීය... මේ අවස්ථාවේදී ගුරුවරිය ඇයට පහදාදීමක් කරන්නට ඉදිරිපත්වූවාය.
      "මේ ඡායාරූපගත කිරීම වැදගත්... අපි මොන වගේද, අපි ඉන්න තත්වය බාහිර ලෝකයා දැනගත යුතුයි."
                                ඇය දෑත් පහත දැම්මාය. ආලෝකය නිවැරදිව පතිත විය. කූඩාරම පසුබිමෙහි විය. ඇය කෙළින්ම ස්ටීව්ගේ කාචයට මුහුණ දුන්නාය. රාමු දෙකකින් ඔහු ඒ තියුණු, ඒකාග්‍රගත, විනිවිද යන බැල්ම ඡායාරූප ගත කළේය.

      Athula Siriwardhane's photo.

    • Athula Siriwardhane .
      තාක්ෂණය උපයෝගී කරගෙන
      කරන නිර්මාණ අතින්
      මම කැමති
      චිත්‍රපට, සජීවීකරණ චිත්‍රපට,

      වීඩියෝ ගේම් ආදිය සඳහා
      අවශ්‍ය වෙන චරිත සහ පසුබිම් තල
      නිර්මාණය කර ගැනීමට
      මග පෙන්වීමක් ලබා ගැනීම සඳහා
      සජීවී ලෙස නිර්මාණය කරන
      Concept Art නමින් හඳුන්වන
      චිත්‍ර වලටයි.
      https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/1075554_10200339620599835_870229382_o.jpg

    • Athula Siriwardhane Star-Wars-The-Force-Unleashed
      Athula Siriwardhane's photo.

    • Athula Siriwardhane .
      ස්ටීව්ට තරඟ කරුවො නැහැ.
      කාර්ල්ටත් එහෙමද?
      මම දන්නෙ නැහැ.

      මේ වර්ග දෙකෙන්
      වඩාත් දුෂ්කර
      මොන ඡායාරූප ගැනීමද?

    • Vidarshana Rathnayake දේකම දුෂ්කරයි...

    • Umesh Rukshan Karlge DVD set okkoma mamath buy kala.maxxa DVD

    • Vidarshana Rathnayake  
      Athula Siriwardhane ඔබ තුමගේ සැසදීම හා මම එකග නැත.....
      https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/q71/s720x720/579556_10200537106372121_742873145_n.jpg

    • Athula Siriwardhane  
      Me Karlgeda?

    • Vidarshana Rathnayake ඔව්...

    • Athula Siriwardhane Thanks..

    • Vidarshana Rathnayake
      http://karltaylorportfolio.com/reportage/

      karltaylorportfolio.com

    • Mathra Prabhakara දෙකම දුෂ්කරයි.. හරි... නමුත් දෙවැන්න නැවත ඡායාරූපයට නැගිය හැකිද??
      පළමු ඡායාරූපය ගන්න කෙනා දන්නව සියල්ලේ පාලනය තමා අත බව..වරදක් වුවත්ල නැවත තමන්ට වුවමනා අයුරින් විවිධ ආලෝක තත්වයන් සකසමින් තමන්ට සෑහෙන විදියට ඡායාරූප ගත කළ හැකියි...
      ඒත් දෙවැන්නේ තත්වය වෙනස්... නැවත කිසිදා නොඒවියැයි සැලකිය හැකි මොහොතක්, සීමිත කාලයක්, ස්වභාවික ආලෝකයක්, තමන්ගේ පාලනයෙන් තොර නිරූපණයක්....

    • Vidarshana Rathnayake ekakane sasadeema waradi kiwuwe

    • Mathra Prabhakara ඒක දැක්කෙ comment 1 දැම්මට පස්සෙ.. සමාවෙන්න !!!

    • Athula Siriwardhane .
      මැද ඡායාරූපය Karlගේ.
      ඉතිරි හතර Steveගේ.

    • Vidarshana Rathnayake ඔබ තුමාගේ අදහස පවසන්න...

    • Athula Siriwardhane .
      ස්ටීව් මැක්කරිගෙන් මිනිත්තුවක උපදෙසක්.
      ----------------------------------------------------
      විශිෂ්ඨ ඡායාරූප කියල මම හිතන්නෙ
      ඔබට අමතක කළ නොහැකි ඡායාරූප .


      ඔබ සමග රැඳෙන ඡායාරූප.
      ඔබට ඉගෙන ගත හැකි ඡායාරූප..
      ඔබ වෙනස් කරන ඡායාරූප.
      හැඟීම්බර කතාවක් කියන ඡායාරූප.

      හොඳ සම්පිණ්ඩණයක්, හොඳ රටාවක්...
      මනාව යෙදුණු වර්ණ, වැදගත්..

      ඒත් මම හිතනවා
      ප්‍රධාන වශයෙන්
      එහි වැදගත් කතාවක්..
      සිත්ගන්නාසුළු කතාවක්
      තිබිය යුතුයි.

      මගේ දර්ශනපථය වෙනස් කරවන
      මා යමක් ඉගෙන ගන්නා දෙයක්...




      Renowned photographer Steve McCurry describes what makes a great photograph.

    • Vidarshana Rathnayake
      මේ කොමෙන්ට් එක මම 20 වතාවකට වඩා දැකලා තියනවා....

    • Athula Siriwardhane .
      දැක්කා කියන්නෙ එකක් විදර්ශන..
      මේ කමෙන්ට් එකෙන්
      කියවෙන දෙයක් තියනවා.
      ඒ දේ කාර්ල්ගෙ ඡායාරූපවල නැහැ.

    • Athula Siriwardhane .
      Steve McCurry...
      මේ හැඟීම නිර්මාණයක් නෙමෙයි..



          
    • Vidarshana Rathnayake ඉතින්...මේ ලෙකේ ඉන්න හැම කලාකරුවෙකුට තමන්ගේ කියලා දෙයක් තියනවා... කර්ල් කියන්නේ කාර්ල්ට ස්ටිව් කියන්නේ ස්ටිව්ට.... මේ දෙන්නා දෙන්නෙක්....හැබැයි මේ කගෙවත් ජයාරුප පහත දාලා කතාකරන්න ඔබ තුමාට අයිතියක් නැහැ.....

    • Athula Siriwardhane .
      ඔබට ඒ අයිතිය තියනවා වගේම
      මටත් ඒ අයිතිය තියනවා.

    • Athula Siriwardhane .
      ඔබට ඒ අයිතිය තියනවා.................
      Vidarshana Rathnayake[[[[ steve mccurry යනු ජයාරුප ශිල්පියෙකි ඔහු දස්කම් දක්වන්නේ...photojournalist කියන විශය සදහා පමණි....ඔහුගේ විලාසාතා ජයරුප කරනය අසර්ථකයි..ඔහු ජායරුප වල එවා කලාව පමණක්ම ඇති බොරින් නිර්මානය.]]]]

    • Vidarshana Rathnayake බැරි දෙවල් කරන්න ගිහින් අසර්ථක වෙන දක්ෂයින් ඉන්න්වා... බන්දු සමරසිංහ සමන්‍ය චරිතයක් කලරා අසර්ථක වුනේ......

    • Athula Siriwardhane .
      මට දැනෙන වෙනස මේකයි.

      ස්ටීව්ගෙ ඡායාරූප
      ගහකින් කඩාගත් දොඩම් වලින් හදපු

      ස්වාභාවික දොඩම් යුෂ වගෙයි.
      කාර්ල්ගෙ ඡායාරූප
      සින්තටික් කෝඩියල් පානයක් වගෙයි.

      ඔබ කෝඩියල් වලට කැමතියි..
      මම සැබෑ දොඩම් යුෂ වලට කැමතියි.
      ඇත්ත ඒකයි..

    • Vidarshana Rathnayake නැත...මම ඔය දෙකටම කැමති... ඔබ තුමා කොටුවක් ඇතුලේ හිර වේලා ඉන්නේ...ඔබ තුමා ජායාරුපය හා චිත්‍රය අතර අතරමං වෙලා ඉන්නේ....

    • Athula Siriwardhane .

    • Sasi Kumar Subramaniam 'Steve' ge Photographswala thibena 'Soul'eka (athmaya-pranaya) 'karl taylor' ge Photographswala awamai,,

    • Athula Siriwardhane .
      මම හැමවිටම තෝරගන්නෙ
      සත්‍යයට බර දේ..
      ඒ කොටුව තුළ සිටීම
      මට මදිකමක් නෙමෙයි.


      හැම දෙයක්ම දැකිය යුතුයි..
      හැමදෙයක්ම
      අගය කළ යුතු නැහැ.

      කැමති දේ අගය කිරීම
      කවුරුත් කරන දෙයක්.

      කැමති දේ අගය කරන අයට
      බොහෝ දේවල් තියනවා.
      ඒවා කලින් කලට වෙනස් වෙනවා.

      අගයක් ඇති දේට කැමති වුණාම
      කැමති දේවල් සීමිතයි.
      කොටුවක් තුළට සීමා වෙනවා.

    • Nirmana Jayatunge Karl saha Steve hera thawath photographersla sitithi..?

    • Vidarshana Rathnayake මම ඔබ තුමගේ අකල්පය ගැන පුලුම වෙන්නේ නැහැ....ඔය ලංකාවේ ප්‍රවිනයිගේ හැටි...... චිත්‍රපටි කලාව විනාශ වී අවසන්, සංගීතය විනශ වී අවසන්... ටෙලි නාට්‍ය කලාව විනශ වී අවසන්... ජායාරුපකරණය ගැන මොන කතාද????......

    • Athula Siriwardhane .
      Sasi Kumar Subramaniam [[['Steve' ගෙ Photographsවල තිබෙන 'Soul'එක ( ආත්මය-ප්‍රාණය ) 'karl taylor' ගෙ Photographsවල අවමයි,,]]]]]
      සසි කියන්නෙත් මේකම තමයි..
      ස්ටීව්ගෙ ඡායාරූප
      ගහකින් කඩාගත් දොඩම් වලින් හදපු

      ස්වාභාවික දොඩම් යුෂ වගෙයි.
      කාර්ල්ගෙ ඡායාරූප
      සින්තටික් කෝඩියල් පානයක් වගෙයි.

    • Athula Siriwardhane .
      මම ප්‍රවීණයෙක්වත්,
      දක්ෂයෙක්වත් නෙමෙයි විදර්ශන.
      ඒත් රස විඳින දේ වැරදුණොත්
      මට වෙන දේ ගැන

      මම දන්නවා.
      මම ඒ රස විඳින දේ
      ජීවිත කාල කීයක්
      මා සමග රැඳේවිද
      මම දන්නෙ නෑ.
      කායිකවත්, මානසිකවත්..
      ආධ්‍යාත්මිකවත්
      ඇතුළට ගන්න දේ ගැන
      මම ඉතාම ප්‍රවේශම් වෙනවා.

    • Vidarshana Rathnayake ඔබ තුමාව මෙතෙක් කල් මම දැක්කේ පොටෝ ගන්න බැරි විචාරයෙක් ලෙස..... අද සිට මම එක වෙන්ස් කරගන්නවා..... එකත්රා සීමාවකට කොටු වුන පොටෝ ගහන්න දන්නේ නැති.. විචාරකයෙක්...


      Athula Siriwardhaneඔබ කොහොම මා ගැන හිතුවත්
      එයින් මට ඇති ඵලය මොකක්ද?
      මම මා වටා කල්ලි හදන කෙනෙක් නෙමෙයි.
      මම දවසින් දවසට ජීවත් වෙන කෙනෙක්.
      මම හෙටට කියල
      ප්‍රතිරූපයක් හදන්නෙ නැහැ.
      ඔබ කැමති රූපයක් ඔබ තියා ගන්න..

    • Vidarshana Rathnayake මම චාලි චප්ලින්ගේ චිත්‍රපටි වගේම ජේම්ස් කැමරන්ගේ විත්‍රපටිත් බලනවා...මේ දේකේම රස දැනේනවා.....ඒ වුනාම මට ලෙස්ට්ගේ චිත්‍රපටි මේලෝ රහක් නැහැ....

    • Athula Siriwardhane >
      චිත්‍රපටියක් උණත්
      කෑමක් වගේ
      රස නැතිවෙන්න හේතු දෙකයි තියෙන්නෙ.

      1, ශිල්පියාට රසඥතාවයක් නැති කම.
      2, රසිකයාට රසඥතාවයක් නැති කම.
      මම කියන්නෙ ශිල්පියා සහ රසිකයා ගැනයි
      සාමාන්‍ය මිනිස්සු ගැන නෙමෙයි.

    • Athula Siriwardhane .
      ලෙස්ටර්ගේ චිත්‍රපටි
      ඔබට මේලෝ රහක් නැත්නම්
      ලෙස්ටර්ද වැරදි, විදර්ශන

    • Athula Siriwardhane .
      රායි, බර්ග්මාන්, කුරොසාවගෙ චිත්‍රපටි
      ඔබ බලනවද?

    • Vidarshana Rathnayake නැහැ ලෙස්ටර් පෙරක් කියලා ඉහලට ගත්ත අය.....

    • Athula Siriwardhane .
      ඔබ කලාව දිහා බලන්නෙ
      දේශපාලන ඇසකින්..

      පුද්ගලයා එක්ක පැටලෙන කෙනාට
      නිර්මාණ මග හැරෙනවා.
      කවුරු හරි කාට හරි පොරක් වීම
      ඔබට ගැටලුවක් වෙන්නෙ ඇයි.
      ඔවුන් දෙදෙනාම
      හිස් පුද්ගලයන් වෙන්න පුලුවන්.
      පුද්ගලයාට ඉන්න ඇරල
      නිර්මාණ දිහා බලමු.

      පුද්ගලයන් විදියට
      මට කාර්ල් හෝ ස්ටීව් අදාළ නැහැ.
      ඒත් නිර්මාණ බෙහෙවින්ම අදාළයි.
      Unable to post comment. Try Again