Monday, June 24, 2013

COME COME විඳින් කම් සුව..




Athula Siriwardhane
COME COME විඳින් කම් සුව..
Like · · Unfollow Post · 4 hours ago
    • Roshan Wijesinghe, Shanthalal Ariyarathna, Thilina Tharanga Perera and 18 others like this.
  • මනෝරම වීරසිංහ
    භික්ෂුව පෘථග්ජනයි! මොනා කරන්නද?
  • Asitha Mirando
    Hamudhuruwanta akapa dheyaki
  • Pasan Godakanda :|
  • Athula Siriwardhane
    මනෝරම වීරසිංහ [[[භික්ෂුව පෘථග්ජනයි! මොනා කරන්නද?]]]

    භික්ෂුව පෘථග්ජනයි!
    කියන එක හේතුවක් නෙමෙයි මනෝරම..

    අපිත් පෘථග්ජනයි.

    අපි ඔවුන්ට වඳින්නෙ
    ඔවුන් අපිට ඉහළින් ඉන්නවා කියන
    පිළිගැනීම මත.
    අපි දෙගොල්ලම එක නම්
    වඳින්නෙ පුදන්නෙ මොකටද?

    අපි කළ යුත්තෙ
    හාමුදුරුවො පෘථග්ජනයි කියලා
    අහක බලාගන්න එක නෙමෙයි.

    පෘථග්ජන භික්ෂූන් අතරෙන්
    සැබැවින්ම පිදිය යුතු,
    පෘථග්ජන සිත ජයගත්
    සුපේෂල ශික්ෂාකාමී
    බුද්ධපුත්‍රයන් වහන්සේලා සොයාගෙන
    උන් වහන්සේලා වැඳීමයි පිදීමයි.
    අනුගමනය කිරීමයි...
  • Anuradha Bandara
    Having the nature or attributes of a human being...
  • Charith Gunarathna
    Human Rights, no problem
  • Manura De Silva
    මචන් මාත් මේ පෙබරවාරියේ ඉස්කෝලේ කානිවල් එකේ ඩියුටි කරා

    ඕන තරම් පොඩි හාමුදුරුවරු ආව ගැලක්සියේ යන්න
    ඒක අපි කාටවත් අමුතු විදියට පෙනුනේ නෑ
    උන් රහත් වෙලා නෑනේ බන්. ලෝකේ දිහා ඔච්චර පටු විදියට බලන්න එපා
  • Athula Siriwardhane .
    Charith,
    Human rights are set by humans who think of themselves.
    Dhamma is wholistic...
    It includes everything and how a human suffers.


    Human rights are right as long as
    one suffers from his actions....
    What is right matters
    when one wants to come out of suffering.
    Monk vows to work for cessation of suffering...
    From his point of view
    he is set out to be a super human..
    where human rights does not apply...

    If he deviates..
    he becomes a human failure.
  • Kithagama Wimalarathana Himi .
    යම් කෙනෙකුගේ වැරැද්දක් දැක්කම එක සෘජුව ඔහුත් සමග කතා කරන්නේ නැතිව තැන් තැන් වල කතාකිරීම බුද්ධිය හීන මිනිස් ලක්ෂණයක් හැටියටයි මම දකින්නේ. මොකද මේ ඡායාරූපය ගන්න හැකියාව තිබුණා. නමුත් ඔහුගේ වැරැද්ද පෙන්නලා සෘජුව කතා කරන්න ආත්ම ශක්තිය නෑ.
    රටට බණ කියන
    පේස්බුක් වීරයන් සහ ජාතිවාදී පේස්බුක් වීරයන් අද අපට කෙතෙකුත් දක්නට ඇත. හැමටම පේස්බුක් වීරයෙකු වන්නට පුළුවන. නමුත් සෘජු ආත්ම ශක්තියක් ඇති මුහුණට මුහුණ කතා කරන මිනිසෙකු වන්නට බැරිය. කෙනෙකුගේ වරද මුහුණටම පවසා එය නිවැරදි කරන්නට හැකිනම් එයයි වටිනාකම. තැන්වල තැන්වල මේ ආකාරයෙන් කතා කිරීම නින්දා සහගතය.
    එසේ මුහුණට මුහුණලා කතා කිරීමේ සෘජු ආත්ම ශක්තියක් තිබෙනවානම් මා හට පවසන්න. ඒ සඳහා භික්ෂුන්ගෙන් පිරිපුන් සංවද මණ්ඩපයක් සකසා දියහැකිය. එවිට සෘජුවම තම මතය ඉදිරිපත් කල හැක. මෙසේ තැන තැන කතා කිරීමෙන් කිසිවෙකුටවත් වැඩක් නොවනු ඇත...
  • Gaya Prabuddhika
    Athula Siriwardhane අපි වැඳිය යුත්තේ බුදුන්, දහම්, සංඝ කියන ත්‍රිවිධ රත්නයටයි. අපි මේවා හඳුනා ගත යුත්තේ ගුණ වශයෙනුයි.

    බුදුරජාණන් වහන්සේගේ ගුණ (අනන්තයි, අප්‍රමාණයි) "ඉතිබිසෝ භගවා අරහං...." කියන ගාථාවේ තියෙනවා.

    ධර්මගේ ගුණ (අනන්තයි, අප්‍රමාණයි) "ස්වාක්
    ඛාතෝ භගවතා ධම්මෝ...." කියන ගාථාවේ තියෙනවා.

    ආර්ය මහා සංඝ රත්නයේ ගුණ (අනන්තයි, අප්‍රමාණයි) " සුපටිපන්නො භගවතෝ...." කියන ගාථාවේ තියෙනවා.

    ඉතින් අපි මේ ආර්ය මහා සංඝ රත්නය හඳුනා ගත් යුත්තේ ගුණ වශයෙන්. ඉතින් "සුපටිපන්නෝ භගවතෝ...." කියන ගාථාවෙ තියෙනවා "භගවතෝ සාවක සංඝෝ, යදිදං චත්තාරි පුරුසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ" කියල. ඒ කියන්නෙ "භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මාර්ග ඵල යුගල වශයෙන් හතරක් ද, වන අතර මාර්ග ඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් වන සේක" කියල.

    මාර්ග ඵල යුගල වශයෙන් හතරක් කියන්නෙ,
    1. සෝවාන් මාර්ග ඵලය නොලැබූ - සෝවාන් මාර්ග ඵලය ලැබූ අය.
    2. සකෘදාගාමී මාර්ග ඵලය නොලැබූ - සකෘදාගාමී මාර්ග ඵලය ලැබූ අය.
    3. අනාගාමී මාර්ග ඵලය නොලැබූ - අනාගාමී මාර්ග ඵලය ලැබූ අය.
    3. රහත් මාර්ග ඵලය නොලැබූ - රහත් මාර්ග ඵලය ලැබූ අය.

    මාර්ග ඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් කියන්නේ,
    1. සෝවාන් මාර්ග ඵලය නොලැබූ එහෙත් සෝවාන් මාර්ග ඵලය දක්වා ගමන් කරන අය.
    2. සෝවාන් මාර්ග ඵලය ලැබූ අය.
    3. සකෘදාගාමී මාර්ග ඵලය නොලැබූ එහෙත් සෝවාන් මාර්ගයේ සිට සකෘදාගාමී මාර්ග ඵලය දක්වා ගමන් කරන අය.
    4. සකෘදාගාමී මාර්ග ඵලය ලැබූ අය.
    5. අනාගාමී මාර්ග ඵලය නොලැබූ එහෙත් සකෘදාගාමී මාර්ගයේ සිට අනාගාමී මාර්ග ඵලය දක්වා ගමන් කරන අය.
    6. අනාගාමී මාර්ග ඵලය ලැබූ අය.
    7. රහත් මාර්ග ඵලය නොලැබූ එහෙත් අනාගාමී මාර්ගයේ සිට රහත් මාර්ග ඵලය දක්වා ගමන් කරන අය.
    8. රහත් මාර්ග ඵලය ලැබූ අය, වශයෙනි....

    - Gaya Prabuddhika
    2 hours ago · Like · 4
  • Gaya Prabuddhika
    ඉතින් අපි භික්‍ෂුවකට ඇගිල්ල දික්කරනකොට පරිස්සම් වෙන්න ඕන. ඒක අපේ යහපතට හේතුවෙන දෙයක් නෙවෙයි. අපිට කියන්න විදියක් නැහැ, අපි දන්නෙ නැහැ ඒ භික්‍ෂුව මොන මට්ටමේ කෙනෙක් ද කියලා. ඒක කියන්න පුළුවන් වෙන්නෙ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම විතරයි.... - Gaya Prabuddhika
    2 hours ago · Like · 1
  • Gaya Prabuddhika
    ඉස්සර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙම (ඒ කියන්නෙ දැනට අවුරුදු 2600ක් විතර කලින්) එක භික්‍ෂුවක් හිටිය හැමදාම හවසට බොනව. ඉතින් එක දවසක් මේ භික්‍ෂුව අපවත් උනා. ඒ කියන්නෙ මැරුණ. ඊට පස්සෙ ඒක දැකපු සක්‍ර දෙවියො ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිත් ඇහුව, දන්වා සි
    ටිය "බුදුරජාණන් වහන්ස, අර හැමදාම හවසට මත් පැන් බොන භික්‍ෂුව අපවත් උනා, දැන් ඒ භික්‍ෂුව මොන නිරයෙද, අපායෙද ඉන්නෙ?" කියල.

    ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ කියනවා "හා... හා... සක්‍ර දේවේඳ්‍රය, එහෙම කියන්න එපා... ඒ භික්‍ෂුව දැන් තවුතිසා දෙවුලොව මහානුභාව සම්පන්න දෙවියෙක් වෙලා දිව්‍ය සැප විඳිනවා" කියලා.

    ඊට පස්සෙ සක්‍ර දෙවියො අහනවා "එහෙම වෙන්නෙ කොහොමද? එයා හැමදාම බීවනේ" කියලා.

    ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ආයෙත් කියනවා "සක්‍රය, ඒ භික්‍ෂුව හැමදාම බීවට, ඒ භික්‍ෂුව සෝවාන් ඵලයට පත්වෙච්ච භික්‍ෂුවක් කියල.... - Gaya Prabuddhika
  • Dinesh Deckker
    කොන්ද පණ තිබ්බා නම් මේ වැරැද්ද මෙතනින් ඉදිරියට වෙන එක වලක්වන්න තිබ්බා..

    මෙතැනදී අරමුණ ෆොටෝ එකක් දාල like හෝ discussion එකක් කරගෙන වැදී බණ දේශනා කිරීමයි.
  • Athula Siriwardhane .
    Kithagama Wimalarathana Himi
    වගකිවයුත්තෙක්ම
    සංවාදයට පැමිණීම ගැන
    මා ස්තූතිවන්ත වෙනවා.


    ඔබේ යෝජනාව හොඳයි.
    හැකි හැම විටම මා ඒ අයුරින්
    ක්‍රියා කර තිබෙනවා.

    ඒත් කෙනෙකු ඔවදන් දුන් පමණින්
    තව කෙනෙකු පිළිගන්නේ නැහැ.
    ඔබ වැරදි බව මට පෙනෙනවා.
    පෙන්වා දුන්නාට
    නොපිළිගන්නා බවත් පෙනෙනවා.
    ඔබට ඔබේ වරද පෙනෙනවා නම්
    මෙහි වරද ඊට වඩා පෙනිය යුතුයි.

    ඔහුට පෙනෙනවාට වඩා හොඳින්
    ඔබට මෙහි වරද දැකිය හැකි බවත්
    මට විශ්වාසයි.

    ඔබ බලන්නේ ඔබ බලන්නට
    පොරොන්දු දී ඇති තැන නොවෙයි.

    බුදුන් වහන්සේවත්
    වැරදි කරන හැම කෙනෙකුටම
    වැරදි පෙන්වා දෙන්නට ගියේ නැහැ.

    බුදුන් වහන්සේට පිටුපාන්නට ශක්තියක් හෝ
    තමන් කරන දේ නොපෙනෙන තරම්
    අවසිහිය ඇති භික්ෂුවකට
    යහමග පෙන්වන්නට මට නොව
    බුදුන් වහන්සේට වුව නොහැකිය.

    ඔබ මෙතෙක් ශාසනාවතරණය කියවා නැත්නම්
    කියවා බලන්න.

    "මම ගිහියන්ගේ ආකාරයෙන්
    වෙනස් ආකාරයට පැමිණියේ වෙමි" යිද
    "මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරියයුතුය"යි ද
    පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව
    අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.
    -[ශාසනාවතරණය]

    ඔබ සතුන් සර්පයන් දෙසට යොමු කරන
    කැමරාව පසෙක තබා
    ඔබේ සිත ඔබේ සිත කය
    වෙනස් වෙන ආකාරය දේසට
    යොමු කළා නම්
    ඔබටත් මා දකින අයුරින්
    මෙහි වරද දකින්නට හැකිය.
    http://sansaranee.blogspot.com/2012/11/blog-post_9091.html

    2 hours ago · Like · 2 · 
  • Gaya Prabuddhika
    Athula Siriwardhane ඉස්සර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙදිම එක භික්‍ෂුවක් හිටිය. ඒ භික්‍ෂුව අනිත් අයට කථා කරන්නෙ වසලයා කියල ලූ... " ඒයි වසලය මෙහෙ වර, වසලය එව, වසලය යව..." කියල. ඉතින් ඒ භික්‍ෂුව අනිත් භික්‍ෂූන් වහන්සේලටත් කතා කරන්නෙ "වසලයා" කියල ලු. ඊට පස්
    සෙ අනිත් භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිනිලි කලා ලු අහවල් භික්‍ෂුව හැමෝම ඉස්සරහ අපිට වසලය කියනවා කියල.

    ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ කියනවා අනිත් භික්‍ෂූන් වහන්සේලාට "භික්‍ෂූනි, ඔබලාට වසලයා කියන භික්‍ෂුව එසේ මෙසේ භික්‍ෂුවක් නෙවෙයි. උන්වහන්සේ මහානුභාව සම්පන්න රහතන් වහන්සේ කෙනෙක්, උන් වහන්සේ හැමෝටම වසලය, වසලය කියල කියන්නෙ ඉස්සර ආත්ම භව 500ක් එක දිගටම රදල පරපුරක ස්වාමියෙක් වෙලා හිටපු පුරුද්දටය" කියල කියනවා.

    "ඒ වගේම උන් වහන්සේ ගැන අහිතක් ඇති කරගන්න එපා, එහෙම උනොත් ඒකෙ ඵල විපාක විඳින්නට වෙන්නෙත් තමාට ය" කියල කියනවා.

    ඉතින් අපි කොහොමද පිටතින් බලල භික්‍ෂූන් වහන්සේ කෙනෙකුට ඇගිල්ල දික් කරන්නෙ? අහ්? - Gaya Prabuddhika
  • Athula Siriwardhane .
    "මම ගිහියන්ගේ ආකාරයෙන්
    වෙනස් ආකාරයට පැමිණියේ වෙමි" යිද
    "මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරියයුතුය"යි ද

    පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව
    අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.
    -[ශාසනාවතරණය]
  • Gaya Prabuddhika
    Athula Siriwardhane
    මහත්මයා.... අනුන්ගේ සීලයක්, සමාදියක්, ප්‍රඥාවක් ගැන ප්‍රශ්න කරන්න යන්න එපා. තමන්ම තමා ගැනම බලා ගත්තම ඉවරයි නෙ. තමන් කරන කියන දේවල් වල වගකීම භාර ගන්න වෙන්නෙ තමන්ටමයි. තමන් කරන කියන දේවල් වල ප්‍රතිඵල තමන්ට ලැබෙයි. අනුන්ගේ දේවල් වලින් වැඩක් නැහැ. තමන්, තමන්ගේ සීලයක්, සමාදියක්, ප්‍රඥාවක් ගැන ප්‍රශ්න කරන්න කෝ - Gaya Prabuddhika
  • Kithagama Wimalarathana Himi .
    මම කෙනෙකුගේ වරදක් දුටුවහොත් එය සෘජුවම පැවසීමට තරම් ආත්ම ශක්තියක් ඇත්තෙක්මි. මෙසේ තැන තැන කතා කරමින් පහත් වින්දනයන් ලබන්නට තරම් බාලයෙකු ද නොවෙමි. ඔබ මේ ලෙස විවේචන කරමින් තැන තැන කතා කරමින් යම් පහත් තෘප්තියක් ඒ තුළින් ලබනවානම් එය දිගටම කරගෙන යන්න.
    මට කිසිම අයුරකින් ඔබ දකින අයුරින් දකින්නට උවමනාවක් ද නැත. එසේ ඔබ දකින අයුරින් මාද දකීමට පෙළඹුන හොත් මටද වන්නේ ඔබ මෙන් තැන තැන කතා කරමින් හුදු පහත් විනෝදයක් ලැබීමට පෙළඹිමය....
  • Athula Siriwardhane .
    ගයා කියන විදියට
    අපේ රටේ මගඵල ලැබූ භික්ෂූන්
    දහස්ගණනක් සිටිනවා.
    පෘථ්ග්ජන භික්ෂූන් සොයාගන්නට

    ආරණ්‍ය පීරන්නට සිදුවෙයි.

    බුදුන් වහන්සේ වදාරන්නේ
    පිදිය යුත්තා පුදන්නයි.
    මම පිදිය යුත්තන් තෝරන්නේ
    මගේ ශක්තියෙන්.
    මා කරන හැම දෙයම මා කරන්නේ
    එය වැරදි නම්
    විපාක විඳින්නට සූදානමින්.
    මා කළේ වරදක් බව
    මා හොඳින්ම ඉගෙන ගන්නේ
    ඒ ආකාරයෙනුයි.
  • Athula Siriwardhane .
    Kithagama Wimalarathana Himi ,
    ගිහි ගෙයටත් නැතිව
    මහණ කමටත් නැතිව
    දෙලොවක අතරමං වූ පැවිද්දා

    දෙකොණෙහිම අශූචි තැවරුණ
    සොහොන් පෙණෙල්ලක් වැනිය
    -------------------------බුදුන් වහන්සේ
  • Athula Siriwardhane -[ශාසනාවතරණය]
    http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/185070_3784266291897_831301485_n.jpg
  • Gaya Prabuddhika
    Athula Siriwardhane මහත්මයා. අනිවාර්‍යෙන්ම! අපේ රටේ මාර්ග ඵල ලාභීන් ඉන්නවා. ගිහි පැවිදි දෙගොල්ලොම. ඒක විශ්වාස කරනවා. හැබැයි ඒ අය රට වටේ අනිත් අයට ඒක කිය කියා යන අය නෙවෙයි. ධර්මයේ තියෙන්නෙ "ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන තුරු මේ ලොව මාර්ග ඵල ලාභීන්ගෙන් හිස් නොවේ ය" කියල.... ඒ අය ආරන්‍ය වල විතරක් නෙවෙයි, පංසල් වල, සමහර ගෙවල් වලත් ඇති - Gaya Prabuddhika
  • Athula Siriwardhane .
    Kithagama Wimalarathana Himi [[[ කෙනෙකුගේ වරද මුහුණටම පවසා එය නිවැරදි කරන්නට හැකිනම් එයයි වටිනාකම.]]]

    Kithagama Wimalarathana Himi .[[[මට කිසිම අයුරකින් ඔබ දකින අයුරින් දකින්නට උවමනාවක් නැත. ]]]

    මේ ආකල්පය ඔබට ඇති බව
    මා දන්නා නිසයි
    මා මුලින්ම මෙසේ කීවේ.

    කෙනෙකු ඔවදන් දුන් පමණින්
    තව කෙනෙකු පිළිගන්නේ නැහැ.
    ඔබ වැරදි බව මට පෙනෙනවා.
    පෙන්වා දුන්නාට
    නොපිළිගන්නා බවත් පෙනෙනවා.
    ඔබට ඔබේ වරද පෙනෙනවා නම්
    මෙහි වරද ඊට වඩා පෙනිය යුතුයි.

    ඔහුට පෙනෙනවාට වඩා හොඳින්
    ඔබට මෙහි වරද දැකිය හැකි බවත්
    මට විශ්වාසයි.

    ඔබ බලන්නේ ඔබ බලන්නට
    පොරොන්දු දී ඇති තැන නොවෙයි.

    බුදුන් වහන්සේවත්
    වැරදි කරන හැම කෙනෙකුටම
    වැරදි පෙන්වා දෙන්නට ගියේ නැහැ.

    බුදුන් වහන්සේට පිටුපාන්නට ශක්තියක් හෝ
    තමන් කරන දේ නොපෙනෙන තරම්
    අවසිහිය ඇති භික්ෂුවකට
    යහමග පෙන්වන්නට මට නොව
    බුදුන් වහන්සේට වුව නොහැකිය.
  • Dhananjaya Dassanayake  
    Athula hari... Atheethaye budunge kale ehema suraa paanaya kala swamin wahanse diwyaloke giya eka me photo ekata adaala ne..
    Athula e welawe hamuduruwonta waradda pennala denna giyaanam ithin sorry thamaa... Mata kanagaatu waradda dakinna one aya eka nodakeema... Apita hari marge pennanne kohomada thaman manmulaa welaa.
  • Athula Siriwardhane .
    අප භික්ෂූන් වහන්සේ දෙස බැලිය යුත්තේ
    පුහුදුන් අපේ කෙටි මිනුම්දඬුවලට අනුව නොවේ.

    අප අතර හැසිරෙන භික්ෂූන් වහන්සේ

    බුදුන් වහන්සේ විසින්
    ගරු කටයුතු, පිදිය යුතු
    භික්ෂූන් හැසිරිය යුතුයැයි
    පෙන්වාදී ඇති ආකාරයට
    හැසිරෙනවාද යන්න
    සිතෙහි තබාගෙනය..

    භික්ෂූන් වහන්සේලා හැසිරිය යුත්තේ
    "ඔබවත්, මම වත්, වෙනත් කෙනෙකුවත්"
    නියම කරන ආකාරයෙන් නොවේ.
    බුදුන් වහන්සේ නියම කළ ආකාරයෙනුයි.

    "මම ගිහියන්ගේ ආකාරයෙන්
    වෙනස් ආකාරයට පැමිණියේ වෙමි" යිද
    "මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරියයුතුය"යි ද
    පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව
    අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.
    -[ශාසනාවතරණය]

    ගිහි ගෙයටත් නැතිව
    මහණ කමත් නැතිව
    දෙලොවක අතරමං වූ පැවිද්දා
    දෙකොණෙහිම අශූචි තැවරුණ
    සොහොන් පෙණෙල්ලක් වැනියයි
    බුදුන් වහන්සේගේ උපමාව
    බැලූ බැල්මට
    නිග්‍රහයක් මෙන් පෙණුනද
    කරුණා පෙරදැරිවම කිවූ වදනකි.

    භික්ෂූන් ගිහියන් මෙන්
    අසංවරව හැසිරීමෙන්
    අසරණ වන්නේ ගිහියන්ය.
    අසංවර, අශීලාචාර ගිහියාට
    ආදර්ශයක්, ආලෝකයක් වන්නේ
    බුදුන් වහන්සේ විසින්
    ගරු කටයුතු, පිදිය යුතු
    භික්ෂූන් වහන්සේ හැසිරිය යුතුයැයි
    පෙන්වාදී ඇති ආකාරයට හැසිරෙන
    සංවර, සුපේෂල ශික්ෂාකාමී
    භික්ශුන් වහන්සේය.
  • Kithagama Wimalarathana Himi .
    හොඳයි මේ භික්ෂූව අසංවරව හැසිරෙනවාම යැයි සිතමු. ඒ පිළිබඳව මෙතන මෙසේ කතා කිරීමෙන් ඔබට මට හා අන් අයට එයින් ඇති පල කිම. මා කලින් පැවසුවා මෙන්, ඔබ මේ තුල ගිලී මේ පිළිබද විවෙචන කරමින් ඔබ ලබන පහත් විනෝදයෙන් මට තෘප්තිමත් වීමට අවැසි නැත. මීට වඩා කතා කිරී
    මට මට ද කිසිදු උවමනාවක් නැත. ඔබට හැකි සෑම අයුරින් අන්තර්ජාලය පුරා සැරිසරා තව බොහෝ කරුණ මෙහි ගෙන හැර දක්වමින් තව තව තවත් මේ පිළිබදව කතා කරන්න. එම විවෙචන තුලින් බලන පහත් වින්දනය ඔබ ලබන්න... ඔබට තෙරුවන් සරණයි....!!!
  • Arjuna Athukorala  
    mata hithena heti.... oya bhikshun wahanse kenek wenna behe. ganinnaanse kenek wenna bohoma ida thiyenawa. shasanaya bissnuss ekak karagaththa ewunnansela ada sulabhayi. anith athata siwura porawagaththa paster kenek wennath puluwan. kohoma wunath eaththa thiththayi.
  • Gaya Prabuddhika  
    Athula Siriwardhane ඔයා දැන් ට්‍රයි කලා ද වැරැද්ද නිවැරදි කරන්න. හරි දැන් ඔයාගෙ ෆොටෝ එකට ගොඩක් කොමෙන්ට්ස් වැටුන නෙ. දැන් සතුටුයි නේද? බ්ලහ් බ්ලහ් බ්ලහ්....

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමී... හරි! දැන් ඔයාගෙ තිබුන චේතනාව මේ ෆොටෝ එක දමල ගොඩක් ලයික්, කමෙ
    න්ට්ස් ගන්න නේ. ඔන්න ඔයාට ඒ ඔක්කොම ලැබුන. දැන් ඔයා දිනුම්... හික්ස්...

    ඔය ෆොටෝ එකෙ ඉන්න හික්‍ෂුවගේ චේතනාව දන්නෙ නැහැ නෙ, මොන හේතුවක් නිසාද කානිවල් එකට ගියෙ කියල නේද? ඒක නිසා ඔය වගේ ෆොටෝ එකක් දමල එයාට ඒයාටවත් සමස්ථ සංඝයාටවත් අපවාද, උපවාද කරන්න හදන්න එපා. ඒකෙන් ඔයාට කිසිම ලාභයක් ලැබෙන්නෙ නැහැ.

    අනිත් එක ඔය ෆොටෝ එකේ ඉන්න භික්‍ෂුව ෆේස්බුක් එකේ නැතිව ඇති. ෆේස් බුක් ගැන දන්නෙත් නැතිව ඇති. දැන් ඔය ෆොටෝ එක දමපු එකෙන් ඒ භික්‍ෂුවටත් වැඩක් නෑ.... අපිට වැඩකුත් නෑ....

    ඉස්සර කාලෙ බුදුරජාණන් වහන්සෙ දුප්පත් ගෙදරක දානෙකට වැඩම කලා. දානෙ ඉවර වෙලා ඒ ගෙදර හිටපු දුප්පත් බමුනට දෙන්න දෙයක් තිබුනෙ නැහැ. පිරිකර විදියට. ගෙරද සන්තකයටම තිබුනෙ එයාගෙ එක ඇඳුමක් විතරයි. ඊට පස්සෙ ඒ දුප්පත් බමුන එයාගෙ ගිහි ඇඳුමයි, එයාගෙ දුප්පත් බැමිණිගෙ ආභරනයකුයි බුදුරජාණන් වහන්සෙට පූජා කලා. බුදුරජාණන් වහන්සේත් ඒව පිළිගත්ත.

    ඇත්තම කියනව නම් ගිහියන්ගේ ඇඳුම්, පැලඳුම්, ආභරන භික්‍ෂූන් වහන්සේලාට පිලි ගැනීමට කැප නැහැ. ඒ උනාට බුදුරජාණන් වහන්සෙ ඒ දුප්පත් බමුනගේ ඒ අකැප දේවල් පිලි ගත්ත.

    ඇයි එහෙම කලේ? බුදුරජාණන් වහන්සෙ දැක්ක ඒ අයට දෙන්න දෙයක් නැති බව, ප්‍රතික්ශේප කලානම් එයාගෙ සතුට නැති වෙන බව... ශ්‍රද්ධාවට හානියක් වෙන්න ඉඩ තියෙන බව.... ඒක නිසයි උන් වහන්සේ ඒව පිලිගත්තෙ. එහෙම නැතිව ඒවට තියෙන ආසාවකට නෙවෙයි....

    බැරි වෙලාවත්, ඒ කාලෙ ඔයා එහෙම එතන හිටිය නම්?..... ඒකත් ෆොටෝ එකක් ගහල ෆේස්බුක් දමයි නේද? "මෙන්න හොරේ අහු උනා...." වගේ මාතෘකාවක් දමල... - Gaya Prabuddhika
  • Dinesh Deckker
    ෆොටෝ talk තියෙන්නේ ෆොටෝ ගැන කතා කරන්න..

    හරි.. එතකොට "මුත්‍රා කිරීම තහනම්" කියන තැනක මුත්‍රා කරන එකක් ෆොටෝ අරන් දැම්මොත් කතා කරන්නේ ෆොටෝ එක ගැනද ඒ වැඩේ කරන මිනිහා ගැනද?
    ඒ වගේ වැඩක් තමා අතුල කරන්නේ...

    හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය ගැන එවලේ ක්‍රියාත්මක වෙන
    වා වෙනුවට උපකල්පනයක් ("පිළිගනිද දැනේ නැහැ") යන මතයේ ඉඳන් මේ කරන බියගුළු නින්දා සහගත වැඩේ වැරදියි. බුදුදහම ගැන කතාකරන්න page එකක් වෙනම open කරගන්න.

    අර මම කිව්ව මුත්‍රා කරන මිනිහාට එවලේ පහදා දෙන්නේ (නැතිව හොඳින් හෝ නරකින්) දැන් discussion එකක් ගොඩ නගන එකෙන් මොකක්ද බලාපොරොත්තු වන්නේ?
  • Athula Siriwardhane .
    -Kithagama Wimalarathana Himi
    මගේ ප්‍රධාන අරමුණ
    ඡායාරූපමය වශයෙන් හා සමාජමය වශයෙන්
    මගේ කෝණය පිළිබඳව

    සහෝදර නවක ඡායාරූප ශිල්පීන්ගේ
    මතවාද විවේචන විමසීමයි.

    මේ පළ කිරීමේ තවත් අරමුණක්
    මේ පිළිබඳව
    ඔබේ අවධානය යොමු වීමෙන් ඉටුවුණා.

    එක් භික්ෂුවකගේ වරදක් හෝ හොඳක්
    ප්‍රසිද්ධියේ මතුවෙන විට
    අන් භික්ෂූන්ගේ අවධානය
    අනිවාර්යයෙන්ම යොමුවෙනවා.
    එවිට සිහි මුළා නොවූ, නුවණ ඇති,
    කුලප්පු නොවූ සන්සුන් සිත් ඇති භික්ෂූන්
    තමා දෙස බලා තම වරද දකින්නටත්
    එය හදාගන්නටත් පෙළඹිය හැකියි.

    එකම එක් භික්ෂුවකගේ,
    එකම එක වරදක් හෝ නිවැරදි වුණොත්
    සාරා සැකි කප් සුවහස් කල්
    අප වෙනුවෙන් දුක් විඳි
    බුදුන් වහන්සේට මා තුළ ඇති
    අනන්ත අප්‍රමාණ ණයගැති බවෙන්
    අංශු මාත්‍රයක් හෝ
    මිදුණා වෙයි.
  • Athula Siriwardhane .
    Dinesh...
    සිතුමිණි නිතර පවසන අයුරින්
    ඡායාරූපයක සුන්දර බවින් එහා ගිය
    එහි තාක්ෂණික ගුණ,

    කලාත්මක ගුණ ඉක්මවා ගිය
    කතිකාවක් අඩංගු විය යුතුයි.

    අපි ගන්න හැම එකකම එහෙම වෙන්නෙ නැහැ.
    එහෙම වුණාම ඒත් ෆොටො ටෝක් තමයි.

    අපි කතා කරන්නේ
    ඡායාරූපය ගැන තමයි දිනේශ්.
    අපි කතා කරන්නේ
    මේ ඡායාරූපය ගන්නට
    අරමුණු වුන හේතුව සහ
    ඒ අරමුණට අදාළ කරුණුයි.

    ඔබට ඒ ප්‍රශ්නය අදාළ නොවුණාට
    ඒ ප්‍රශ්නය සමාජයට හා
    භික්ෂු සමාජයට අදාළ බව
    කමෙන්ට්ස් කියෙව්වොත් ඔබට පෙනෙයි.
  • Athula Siriwardhane .
    අවුරුදු දෙදහස් හයසිය ගණනක් තිස්සේ
    පූජනීය ලෙස සලකන
    සමාජයේ ගෞර්වයට පාත්‍රවිය යුතු
    උදාර සංකේතයක්

    තමාගේ වගකීම පිළිබඳව
    හැඟීමකින් තොරව හැසිරෙන අවස්ථාවක්
    විශේෂ කොට සැලකිය යුතුයි.

    ඒ හැරෙන්නට
    ඡායාරූපයක් ලෙස
    මෙහි ගතයුත්තක් නැහැ.
  • Dinesh Deckker
    හරි ඒ කියන්නේ ඔබේ FB ගිණුමේ මේ වගේ පොස්ට් කරන්නේ සංග සමාජය යහමගට ගෙනියන්නද?

    https://www.facebook.com/photo.php?fbid=10200150079381423&set=a.1482153900526.2063628.1434194439&type=1&theater

    ඔබේ ගම වඳුරඹ නේද?
    නමත් සිරිවර්දන..

    ඔබතුමා වඳුරඹ සිරිවර්දන මෛත්‍රී බුදුන් කියාගන්න පුද්ගලයා ගේ නෑදා කෙනෙක් නෙමෙයි නේද?

    Photo-Talk එකේ වැදගත් පින්තූරයක් දානකො අපටත් බලන්න.. ඔබ කියන කලාත්මක එකක්...

    Photo
    දේශපාලනේ කරන පැවිද්දො දැක්කම
    කෑම දෙන වෙලාවට
    සත්තුවත්තෙ ගියා වගේ හැඟීමක්
    ඇති වෙනවා...

  • Athula Siriwardhane .
    හොඳ ප්‍රශ්නයක්..දිනේශ්,
    ස්තූතියි..
    වඳුරඹ සිරිවර්ධන
    මා කුඩා කල සිට දන්නා කෙනෙක්.

    ඒත් මගේ පුද්ගලික ජීවිතය
    මෙහි පළ කිරීම අදාළ නැහැ.

    ඔබේ ප්‍රශ්නය
    ඔබ ලින්ක් එක දක්වන ත්‍රෙඩ් එකේම අහන්න.
    මෙහි කාට හෝ ඔබේ ප්‍රශ්නයට
    මා දෙන පිළිතුර ගැන
    කුතුහලයක් ඇත්නම් ඔවුන් එහි ඒවි.

    ඊයේ ඔබ මෙවැනි ප්‍රශ්නයක් අසා
    ඔබ විහිලුවක් වූ වෙලාවේ
    කමෙන්ටස් සියයත් ඉක්මවා
    කමෙන්ටස් එකසියපණහත් ඉක්මවා යනතුරු
    ඔබ ගැන කරුණාවෙන් ඊට සම්මාදම් වූවත්
    දිනපතාම එය කරන්නට බැහැ.

    මින් පසු මගේ පුද්ගලික හැසිරීම් පිළිබඳව
    ඔබට ඇති ප්‍රශ්න ඔබේ වෝල් එකේ දමා
    මට ටැග් කරන්න. මම එන්නම්..

    මෙහි කතා කරනවා නම්
    ඍජුවම මා දක්වන අදහස් හා ගැටෙන්න.
  • Dinesh Deckker  
    අනේ මට නම් මගේ දැනුම මදි ඇති ඔබ share කරන ගොඩක් ෆොටෝ මෙලෝ රහක් නැහැ...

    හරි අපි මොහොතකට හිතමුකෝ සමාජීය කතිකාවතක් ගොඩනගන්න share කළා කියලා
    කලකට ඉහතදී එළකිරි එකෙන් ඔබතුමාව එලෙව්වේ මේ වගේ සමාජය යහමග යවන්න හදලාද?
    එහෙම නම් එක වැරදියි....


    සමාජය යහමග අරින්න වෙන group එකක් හදලා මේකේ photography ගැන කතාකරමුද?
  • Athula Siriwardhane .
    Dinesh Deckker
    ඡායාරූප ශිල්පියෙක් කියන්නෙ
    කැමරාවක් සහ ඇඟිල්ලක් විතරද?
    ඔහුට හිතක් නැද්ද?

    ඔහුට දර්ශනයක් නැද්ද?
    ඔබට දර්ශනයක් නැද්ද?

    ඔබේ දර්ශනය සමාජගත කරන්න
    ඔබ ඡායාරූපය ටෙලි නිර්මාණ
    භාවිතා නොකරන්නේද?

    පරිසර වේදියෙක් ලෙස
    කසල ශෝධනය කිරීම
    හැඟීමෙන් ඔබ යෙදෙන එක කාර්යයක්.

    කසල දමන්නන්ට සංවේදී වන
    ඡායාරූපයක් මෙහි පළ කර බලන්න.
    එවිට ඔබේ දර්ශනයට අදාළව
    ඡායාරූපයෙහි අගය
    සාකච්ඡා කරන්න පුලුවන්.
    ඔබ සාර්ථක නම්
    ඔබට සතුටු වෙන්න පුලුවන් වෙයි.

    ඔබ මට පහර දෙන්නේත්
    කසල ශෝධකයෙකුගේ මානසිකත්වයෙන්..
    මා මෙම ඡායාරූපය ගත්තේත්
    ඒ මානසිකත්වයෙන්.

    ඔබේ මානසිකත්වයට
    පදනම සකස් කරන්නේ
    පටු මනසකින් යුත්
    පරිසරවේදීන් පිරිසක්.

    මගේ මානසිකත්වයට පදනම වන්නේ
    බුදුන් වහන්සේ භික්ෂුවකට
    ජීවත් වන්නට අනුදැන වදාල විනයයි.

    අපි දෙන්නාම කරන්නට හදන්නේ එක දෙයක්..
    මට ඔබව පෙනෙනවා.
    ඔබට මා පෙනෙන්නේ නැහැ.
  • Urszula Orlikowska wow
  • Arjuna Athukorala
    hamba mulawiyek halal kiyala harakekuge bellakkapana pinthurayak. kurusa paadiliyek premaya gena kiya kiaya deriyakage hiri othap bindina pinthurayak aragena ohege pora talk pituwata daanna oheta konda pana nehe neda.. anika oheta makkeyi hamuduruwo
    ooke nethnam dandumonare giyath? honda welawata dewanampiyathissa yugaye camera nothibune. thibunanam potomoola ussagena missaka pawwata gaatala mihindu himi saha piriwara ge poto ekak eanna loketama pennawi " menna nihindu haamuduruwo muwa dadayame yanawooo" kiyala. budu baneth kiyala thiyenawa danna bawa nodanna modayek koyala. ehema neda athula ruupakayo. ruupakaya kiyanne ruupnaya karannata neda?
  • Dinesh Deckker "ඊයේ ඔබ මෙවැනි ප්‍රශ්නයක් අසා
    ඔබ විහිලුවක් වූ වෙලාවේ"

    කෙනෙක්ට මුණ දෙන්න අකැමති ඔබ වගේ මිනිස්සු FB වීරයෝ වෙන්න try කරන එක අහන්න දෙයක් නැහැ.
    ඔව් මම අභියෝග කළා...

    ඒ කලේ තරහකට නෙමෙයි... සහෝදර ශිල්පියෙකුට අභියෝගයක් කරන්න බැරිද?
    ඔබ එන නොඑන එක ඔබේ වැඩක්. නමුත් කෙනෙක්ට අභියෝග කරන්න අයිතියක් නැද්ද?
    සහෝදර අනික් ශිල්පීන් එක්ක කිසිම අභියෝගයකට යන්න අවශ්‍ය නැහැ මොකද ඔවුන් ක්‍රියාවෙන් ඔවුන්ගේ දක්ෂතාව පෙන්වලා තියෙනවා. ඔබ වගේ වැඩබැරි tutor ලා නෙමෙයි..
  • Dinuka Senarath Mendis
    Agree with
    Dinesh Deckker ... Athula.... Meloo rahak nathi photos daalaa Sanga Rathnayata apahaasa karanna epaaa ulamooo... Meee group eka thiyennee photos gana kathaa karanna.... BTW .. Mama Jaathi waadiyekmiii...
  • Athula Siriwardhane .
    Dinesh Deckker
    මින් පසු මගේ පුද්ගලික හැසිරීම් පිළිබඳව
    ඔබට ඇති ප්‍රශ්න ඔබේ වෝල් එකේ දමා
    මට ටැග් කරන්න. මම එන්නම්..


    මෙහි කතා කරනවා නම්
    මේ ඡායාරූපය පිළිබඳව
    මා දක්වන අදහස් හා
    ඍජුවම ගැටෙන්න.
  • Dinesh Deckker
    හරි... කෙලින්ම කියන්නම් කෝ....

    පින්තූරේ වැඩක් නැහැ..
    සමාජීය ප්‍රශනයක් කියල දාන හැම එකක්ම ෆොටෝ talk එකේ දැම්මොත් නියමෙට තියෙයි..
    අවරුදු ගානකට සැරයක් විතරක් කලාත්මක ෆොටෝ එකක් දැක ගන්න පුළුවන් වෙයි.
  • Dinesh Deckker
    ඒක නෙමෙයි අතුල මහත්තයෝ ....

    ඔබතුමාගේ පින්තුරේට like 16 අපේ හාමුදුරුවන්ගේ comment එක 18 ක් like කරලා.
  • Athula Siriwardhane .
    එයින් පෙනෙන්නෙ එක දෙයයි..
    මම හිතන විදියට හිතන අය 16 ක්
    හාමුදුරුවො හිතන විදියට හිතන අය 18 ක්
    මෙහි ඉන්නවා.

    ජර්මනියෙ වැඩි වශයෙන් හිටියෙ
    හිට්ලර් විදියට හිතන අය.
    ඒ නිසා ඔහු නිවැරදි වන්නේ නැහැ.

    Kithagama Wimalarathana Himi හිතන විදිය
    සහ ජීවත් වෙන විදිය
    බුදු හාමුදුරුවන්ට අනුව වැරදියි.
    ඔබට වඩා හොඳින්
    හාමුදුරුවො ඒ බව දන්නවා..
    එහෙම නැත්නම්
    නිබ්බාණස්ස සච්ඡි කිරියාච කියන එක
    ඡායාරූප ශිල්පයෙන්
    සාක්ෂාත් කරගත හැකි විය යුතුයි.

    මේ භික්ෂුවක්
    පැවිද්ද ලබා ගන්නාවිට
    දෙන පොරොන්දුවයි.
    ඒ පොරොන්දුව අමතක නම්
    ඔහු භික්ෂුවක්ද?

    https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/1044009_10200162216004831_835200581_n.jpg
    4 minutes ago · Edited · Like
    • Roville Jerome Wenaden  
      "siyura" vishaala wedagath kamak athi lo supathala bauddha Bakthiwanthayan Agaya Kota Salakana Wasthrayaki, a wage deyak pelandagena mewani de kireema itha awedagath, mema pinthurayen ismathu wanney, aaagamika Vinaashaya saha Kalakireema pamanai,,,,,Mema pinthuraya Aagama Dahama wenuwenwath ivath karagaththoth wedagath kiyelai mage mathaya!
    • Athula Siriwardhane .
      Roville,
      ඔබේ ඉල්ලීම
      දේශපාලන පාක්ෂිකයෙකු
      තම පක්ෂය බේරාගන්න කරන
      ඉල්ලීමක් වගෙයි.
      ඔබේ කලකිරීම
      පුදන්නන් වාලේ
      සිවුර කියන වස්ත්‍රය නොපුදා
      එහි වෙසෙන පුද්ගලයා දැක
      පිදිය යුත්තා තෝරාගන්නට
      ශක්තියක් කරගන්න.

      භික්ෂුව පෘථග්ජනයි!
      අපිත් පෘථග්ජනයි.

      අපි ඔවුන්ට වඳින්නෙ
      ඔවුන් අපිට ඉහළින් ඉන්නවා කියන
      පිළිගැනීම මත.
      අපි දෙගොල්ලම එක නම්
      වඳින්නෙ පුදන්නෙ මොකටද?

      අපි කළ යුත්තෙ
      හාමුදුරුවො පෘථග්ජනයි කියලා
      අහක බලාගන්න එක නෙමෙයි.

      පෘථග්ජන භික්ෂූන් අතරෙන්
      සැබැවින්ම පිදිය යුතු,
      පෘථග්ජන සිත ජයගත්
      සුපේෂල ශික්ෂාකාමී
      බුද්ධපුත්‍රයන් වහන්සේලා සොයාගෙන
      උන් වහන්සේලා වැඳීමයි පිදීමයි.
      අනුගමනය කිරීමයි...
      • Anushka Eranga  
        බුදුදහම තේරුම් ගත හැක්කේ බුද්ධිමතුන්ට පමණයි! Athula Siriwardhane මහතත්යා ඔබතුමා ඉන්නේ මෝහයෙන් මුල වෙලා.
      • ERanga Delm  
        i agree with Roville Jerome Wenaden ..boz Athula Siriwardhane u allways upload a picture with a monk and say thngs.i knw thngs mY B WRIGHT .BUT WTZ UR PURPOSE ? I FEEL LIKE U'RE not a buddhist ..u can make a comlaint and do your bit for buddhism .by ths u make all other religin people laugh at us ...dont be the person who see the wrong side ev time ..hav u evr uplaod ant thng good of a monk ? may b u have ..but i havn't seen ...
      • Athula Siriwardhane  
        Eranga and Roville should read the thread first..
      • ERanga Delm 
         Athula Siriwardhane...this is not good, ev day u're uploading picture and start a conversation ...tel me what u're expecting from this and how it will help for Buddhism ?
      • Athula Siriwardhane  
        Anushka Eranga [[[බුදුදහම තේරුම් ගත හැක්කේ බුද්ධිමතුන්ට පමණයි! Athula Siriwardhane මහතත්යා ඔබතුමා ඉන්නේ මෝහයෙන් මුල වෙලා.]]]

        බුදු වදනට අනුව
        භික්ෂුව හා විනය පිළිබඳව
        මා ශාසනාවතරණයෙන්

        උපුටා දැක්වූ කරුණු වලට අනුව හෝ
        ත්‍රිපිටකයට අනුව
        මට වැරදුණු තැන පෙන්වා දෙන්න.

        මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් සියය
        වැදගත් ප්‍රශ්න සඳහා
        ඉතිරි කර ගත යුතු හෙයින්
        ප්‍රස්තුතයට අදාළව
        කරුණු දැක්වීමකින් තොරව කරන
        හිස් දෝෂාරෝපණ වලට
        මා මින් පසු පිළිතුරු නොදිය යුතු යැයි
        මා සිතනවා.
      • ERanga Delm  
        Simple thing Athula Siriwardhane .. Tel me what u're expecting from this and how it will help for Buddhism ?
      • Athula Siriwardhane .
        ERanga Delm [[Simple thing Athula Siriwardhane .. Tel me what u're expecting from this and how it will help for Buddhism ?]]
        මගේ ප්‍රධාන අරමුණ
        ඡායාරූපමය වශයෙන් හා සමාජමය වශයෙන්
        මගේ කෝණය පිළිබඳව

        සහෝදර නවක ඡායාරූප ශිල්පීන්ගේ
        මතවාද විවේචන විමසීමයි.

        එක් භික්ෂුවකගේ වරදක් හෝ හොඳක්
        ප්‍රසිද්ධියේ මතුවෙන විට
        අන් භික්ෂූන්ගේ අවධානය
        අනිවාර්යයෙන්ම යොමුවෙනවා.
        එවිට සිහි මුළා නොවූ, නුවණ ඇති,
        කුලප්පු නොවූ සන්සුන් සිත් ඇති භික්ෂූන්
        තමා දෙස බලා තම වරද දකින්නටත්
        එය හදාගන්නටත් පෙළඹිය හැකියි.

        එකම එක් භික්ෂුවකගේ,
        එකම එක වරදක් හෝ නිවැරදි වුණොත්
        සාරා සැකි කප් සුවහස් කල්
        අප වෙනුවෙන් දුක් විඳි
        බුදුන් වහන්සේට මා තුළ ඇති
        අනන්ත අප්‍රමාණ ණයගැති බවෙන්
        අංශු මාත්‍රයක් හෝ
        මිදුණා වෙයි.
      • Dinesh Deckker  
        සමහර පුද්ගලයෝ තමන්ගේ දහම ඇතුලේ වෙන වැරදි උලුප්පල පෙන්නලා ඒ ගොල්ලෝ ධර්මේ පැහැදිලි කරන්න යනවා. මිනිස්සු නොමග යවනවා ඔලුව හෝදනවා. ඒ වගේ පුරුම රටක් මේක
        ඒ වගේ ######## තමා වඳුරඹ සිරිවර්ධන
        මෛත්‍රි බුද්ධ නමින් පෙනී ඉන්නේ..
        ඔයා ගැන නෙමෙයි අතුල අනික් සිරිවර්දන ගැන කිව්වේ.
      • ERanga Delm 
         if u realy want to make this happen in real time, u should have spoken to that monk .. not come home and upload a picture and be a super * ...this is like u watch all thngs and keep silent ..whn come home u act like a man in public web ...all monks are not the same ..by this u're tleng a picture like all are same ...
      • Roville Jerome Wenaden its pathetic,,,,,
      • Athula Siriwardhane .
        Dinesh,
        බුදුන් වදාළ දහමෙ
        කිසිම වරදක් මම දකින්නෙ නෑ දිනේශ්..
        මම මගේ දුක නිවා ගන්නෙත්

        ඒ දහම ඇසුරෙනුයි..
        ඒ දහම නිවැරදියි.

        සැණකෙළියක කෙළිදෙළෙන් පසුවෙන
        ගිහියන් අතර හරි හරියට හැසිරෙන
        කෙළිලොල් භික්ෂුවක් කියන්නෙ
        බුදු දහම නෙමෙයි.
      • Dinesh Deckker  
        Many people PM and ask me who is Athula Siriwardana..
        This is insane..
        What should I do Athula? Shall i post a picture? or give your number to contact or the address?
      • ERanga Delm  
        so then u should have spoke to him @ the time. u had all the time to take ap ict, come home, upload it and then as usual
      • Prabodh Koushalya  
        Mm hithana widiyta me anuradhapuraye pawathi kaniwal eka.... mmth mema sthanaye mema siddiya wena awasthawe hitiya.... aththatama me inneda awrudhu 10th 15th athara podi namak ithin own siwrak andata thama api wage hithana podi aya kiylai mama hithanne.... anika mema podi nama meke asun gena api wage ka gahala hu thiyala athal gaththe na... un wahanse patan ganeemata pera wadi wee awasan u pasu sanawarawa eliyta giya... waradak dakinne na.... mmth agamwadiyek!!!!!!
      • Dinesh Deckker ( Damn a Slap on u r Face)
        හොඳ ෆොටෝ එකක් දාල අවධානය ගන්න
        මේ වගේ 2.50 ආතල් ගන්න හදන්න එපා...
      • Athula Siriwardhane  
        Prabodh,
      • Dinesh Deckker  
        Photo Talk has become Dharma Talk (Rev Siriwardana)
      • Athula Siriwardhane .
        මෙහිදී මට මේ පිළිබඳව
        පුද්ගලික මතයක් නැහැ.
        මා මෙය දකින්නේ
        බුදු දහමට අනුවයි.


        මේ භික්ෂුව
        සාමණේර ශීලය බිඳගන්නා
        මෙවැනි තවත් දහස් ගණනක් භික්ෂූන්ගේ
        නියෝජනයක් පමණයි.
        බුදුන් වහන්සේත්
        උන් වහන්සේගේ දහමත්
        භික්ෂුවත් අතර ඇති සබඳතාවය නොදැන
        මතුපිටින් බලන අය සමග
        ඒ සබඳතාවය හදාරන කෙනෙක් වශයෙන්
        මට එකඟ වෙන්නට බැහැ.

        ඔබලාට හැකි නම්
        බුදු දහමට අනුව
        මේ භික්ෂුව නිවැරදි බව
        ඔප්පු කරන්න.
      • Prabodh Koushalya Athula piligannawa..... oba methana hitiyanam me de nokarai kiyla oba hithanawada mm nan karanawa... thama 6k 4k notherena me wage podi namakata mesa agourawa kireema tharaye hela dakinawa.... me inneth api wage hithannata awasara nathi unath api wage hithannata hithena thama rahath nowee podi namak... oba dakkada api mehi gaman kara akarayath mema podi nama gaman kara akarayth... oba mema sthanaye kochchara wela radee sitiyada... mema podi nama bohoma sanwarawa asun gena hitiyath api wage ka gahuwe na hu kiya kiya... mm eya hodata adyanaya kara....
      • Prabodh Koushalya  
        Dinesh... ow oba hari...
      • Awantha Abewardhana kohoma kese kiwath koheda balayak thiyenne sangayawahanse kenekuta mese pawasimata...sangaya wahanse kenekta riguwama chodana kireema waradiy...
      • Kithagama Wimalarathana Himi .
        අතුල සිරිවර්ධන මහතා නැවත මගේ නම සඳහන් කරමින් අදහස් දක්වා ඇති හෙයින්.. එයට අදහසක් ලියන්නට සිතුවෙමි.
        අතුල සිරිවර්ධන සඳහන් කරලා තිබුනා.
        (((අවුරුදු දෙදහස් හයසිය ගණනක් තිස්සේ
        පූජනීය ලෙස සලකන

        සමාජයේ ගෞර්වයට පාත්‍රවිය යුතු
        උදාර සංකේතයක්
        තමාගේ වගකීම පිළිබඳව
        හැඟීමකින් තොරව හැසිරෙන අවස්ථාවක්
        විශේෂ කොට සැලකිය යුතුයි.

        ඒ හැරෙන්නට
        ඡායාරූපයක් ලෙස
        මෙහි ගතයුත්තක් නැහැ. )))
        එසේ ඡායාරූපයක් ලෙස ගත යුත්තක් නොමැති නම් මෙය මෙහි පල කලේ භික්ෂුන් විවේචනය කරමින් ඔබගෙ පහත් වින්දනීය අරමුණ සාක්ෂාත් කර ගන්නටම නොවේද? බුදු දහම පහත් කොට සලන්නද? ඔබ මේ හැසිරෙන අයුරින් තව පිරිස් මේ ලෙස බුදු සසුන විවේචනය කරමින්
        කණ්ඩායමේ අරමුණු වලට විරුද්ධව යමින් මගේ නම සඳහන් කරමින් ඔබ යම් ප්‍රකාශයක් නිකුත කර තිබෙනවා.
        ඒ සඳහාද පිළිතුරක් දිය යුතුය.
        මගේ ආකල්ප මට වඩා හොඳට ඔබ දන්නේ කෙසේද? මා ජීවත් වන විදිහ බුදුන් වහන්සේගේ ක්‍රමයට අනුව වැරදි නම් ඔබ ජීවත් වන්නේ බුදුන් වදාල ක්‍රමයටද? තැන් තැන් වල එකිනෙකා හා අනර්ථ වාද විවාද වෙමින් ජීවත් විම බුදුන් වදල ක්‍රමයද? මේ ඔබ නිතර කරන බවට සඳහන් කරන විදර්ශනාවේ පිලිවෙලද? (කියන කෙනා කරන්නේ නෑ, කරන කෙනා කියන්නේ නෑ...) ඔන තරම් මේ සමූහය තුල මා පිරිස් ඉන්නවා විදර්ශනා වඩන. ඒ කිසිම කෙනෙක් ඔබ මෙන් තමාගේ විදර්ශනාව පිළිබඳ කියාපාන්නේද නැත.
        ඔබ දෙන අනුශාසනා මම නොපිලිගන්නා බවක් ද සඳහන් කර තිබුණා. වැද්දන්ගේ බණ අසා මට පුරුද්දක් නොමැති වීම එයට හේතුවයි..
        මා වැද්දන්ගෙන් බණ ඇසීමට මැලි බව කීවේ එක් විශේෂ හේතු නියසි. (මේ එක් උදාහරණයක් පමණි)
        අතුල සිරිවර්ධන වරක් සඳහන් කරනවා (((බිරිඳ විටෙක මවක්, සොයුරියක්, යෙහෙළියක් හා
        සයනයේදී වෛශ්‍යාවක් විය යුතුයැයි
        බුදුන් වහන්සේ පවසා තිබෙනවා.)))
        බිරිඳ විටෙක මවක්, සොයුරියක්, යෙහෙළියක් වන බව සඳහන් කළත් සයනයේදී වෛශ්‍යාවක් විය යුතුයැයි
        සඳහන් මූලාශ්‍ර ඉදිරිපත් කරන්න... මෙවැනි පරස්පර විරෝධී අදහස් ඉදිපත් කරමින් අන් අය නොමග යවමින් කියන වැදි බණ අසන පිරිස් ඇති. අප සමහර විට එයදුටුවත් නොදුවා මෙන් පසු වන්නේ වැද්දනට බණ කියවට වඩා වැදගත් කටයුතු තවත් ඇති නිසායි..
        මෙන්න එහි ලින්ක් එක
        https://www.facebook.com/photo.php?fbid=3956020945656&set=a.1482153900526.2063628.1434194439&type=1&theater

        Photo

        ගැහැණිය කටට රසැති ආහාරයක් මිස
        අන් කිසිවක් නොවෙයි.
        ------------------------------...See More

      • Dinesh Deckker බුද්ධිමත් සාමාජිකයෙනි..
        පෙනුනා නේද අතුලගේ අරමුණ...?
        ඔහු මේ පින්තුරේ යොදා ගත්තේ තමන් ධර්මය දන්නා බව පෙන්වීමට
        තමන් FB ධර්ම වීරයෙක් කියලා පෙන්වන්න
        අහෝ දුකකි....
      • Awantha Abewardhana oba wahanse hari....mema rupaya kotharam asampurnada? Chayarupaye thibiya yuthu kisima deyak nathi mema rupaya...thamange sithuwili walata wahal wee pahath vindanayak labaganeema sadaha pamanak prakasha kala ekak wiya hakiy...MAGE Athdakeem adu wuwath meme PHOTO eka thula kisima gunangayak dakinnata Natha..
      • Dinesh Deckker 4:45pm
        Athula Siriwardhane

        Dineash if you waste comments of my threads I may have to block you.. I am sorry..
      • Athula Siriwardhane .
        Prabodh,
        සත් හැවිරිදි සාමණේරයන් වහන්සෙ කෙනෙක්
        තමන් ඉන්න තැනේ වටිනාකම දැනගෙන
        මැරකමෙන් මුලු ඉන්දියාවම දිනාපු

        චණ්ඩාශෝක රජ්ජුරුවන්ගෙ සිහසුනේ ඉඳගෙන
        කියපු වචන කිහිපයක් නිසයි...
        ලංකාවට සහ දකුණු ආසියාවටම
        බුදු දහම ලැබුණෙත්.

        ළමයා වුණත්, වැඩිහිටියා වුණත්
        හිරවෙලා ඉන්නෙ තමන්ගෙම මනසින්...
        මනසෙ තියන සීමාවන් අතරෙ.

        නිසි ගුරුවරයෙක් ලැබුණා නම්..
        පිරූ පෙරුමනුත් තියනවා නම්
        සාමණේරයන් වහන්සෙ කෙනෙකකුට
        නිදහස් වෙන්න හොඳම විය
        ළමාවිය තමයි.
      • Athula Siriwardhane .
        Kithagama Wimalarathana Himi .
        ඔබ කියන්නේ
        සැණකෙළියක කෙළිදෙළෙන් පසුවෙන
        ගිහියන් අතර හරි හරියට හැසිරෙන

        මේ කෙළිලොල් භික්ෂුව
        බුදු වදනට අනුව නිවැරදියි කියාද?

        අපට විසඳා ගැනීමට ඇති
        ප්‍රධාන ගැටළුව එයයි.
      • Athula Siriwardhane Yes Dinesh... if you waste comments of my threads I may have to block you.. I am sorry.
      • Kithagama Wimalarathana Himi වරදෙහි හා නිවැරදි බවෙහි නෙමෙයි මෙතන තියන ගැටළුව අනුන්ගේ වරදින් හෝ නිවැරදි වීමෙන් හා මෙතන කතා කිරීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද? Phototalk සමාජිකයන්ට මේ පින්තූරයෙන් ගත හැක්ක මොනවාද තාෂ්ණය හා කාලාත්මක වටිනාකමද? ඒ කිසිම දෙයක් මේ තුළ නැහැනේ නිකම්ම නිකම් පොඩි 2 පන්තියේ ලමයෙක් ගත්ත පින්තූරයක් වගේනේ... ඒකයි මම කිව්වේ මෙ පල කිරීම් තුළින් ඔබ ලබන්නේ විවේචනාත්මක පහත් විනෝදයක්...
      • Athula Siriwardhane .
        Kithagama Wimalarathana Himi
        මේ ඡායාරූපයෙන් මා සටහන් කර ගත්තේ
        තමන්ට නොගැලපෙන තැනක
        නොගැලපෙන අයුරින් හැසිරෙන්නෙකුයි.

        ඔහු නිශ්චිත පුද්ගලයෙක් නොවෙයි.
        නිවන් මග යන්නට පොරොන්දුවී
        ඒ නිසාම ගිහි අපෙන් සිවුපසය ලබමින්
        අපටත් බුදුන් වහන්සේටත් ද්‍රෝහි වී
        සිල් බිඳගෙන වැරදි මග යන
        දහස් ගණනක් භික්ෂූන්ගේ
        නියෝජනයක් පමණයි.

        ඡායාරූපය පල කිරීමෙන් පසු
        ඔහුගේ ක්‍රියාව වැරදි බව තේරෙන අය
        ඒ බව ප්‍රකාශ කරනවා.
        ඔහුගේ හැසිරීම අනුමත කරන අය
        ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.
        මෙහි ගත යුත්ත එයයි..

        ඡායාරූපයක් කියන්නේ ප්‍රකාශනයක්.
        මා වැනි බිලින්දා,
        වර වර ළඟට කැන්දා
        දුක් සැප කුමන්දා,
        අසන නිරිඳෝ වෙන කොයින්දා
        කියා කුඩා දරුවෙක් කියූ කවි පෙළෙහි
        වචන වල ගත යුත්තක් නැහැ.
        ඒත් එයින් විශේෂ රජෙකු ගැන කියවෙනවා.
        වැදගත් වෙන්නේ කණට ඇහෙන වචන ටික නොවෙයි.
        හිතේ මැවෙන රූපයයි.

        මේ දසුන නැරඹූ මගේත්..
        ඒ අවට සිටි තවත්
        බෞද්ධයන්ගේත් මෙන්ම
        මේ ඡායාරූපය දකින
        ඕනෑම සැබෑ බෞද්ධයෙකුගේත්
        සිත රිදෙනවා.

        එහෙම වෙන්නෙ
        මගේ ක්‍රියාව නිසා නෙමෙයි.
        මේ භික්ෂුවගේ ක්‍රියාව නිසයි.
        එහෙම වෙන්නෙ
        තමන්ගේ සිතෙහි
        සඟ රුවන කෙරෙහි වූ ශ්‍රද්ධාවට
        භික්ෂුවකගෙන්ම වදින පහර නිසයි.

        ඔබේ ඡායාරූප
        ඉතා හොඳ මට්ටමක පැවතුණත්
        ශිල්පීය අතින්
        ඔබ දිනෙන් දින දියුණු වුවත්
        ඒ සුන්දර, ගුණාත්මක ඡායාරූප සමග
        භික්ෂුවකගේ නමක් දකින විට
        මගේ හිත හැමදාම රිදෙනවා.
        ඒ ඔබත් සමග ඇති
        පුද්ගලික අරෝවක් නිසා නෙමෙයි.
        බුදු මග යන්නට පිළිණ දුන්
        දක්ෂයෙක් යා යුතු මගෙන් බැහැරව
        නොමගක යන බව දැකීමෙන්.

        සිහිය සහ උපේක්ෂාවෙන්
        තමා දෙස බැලිය යුතු
        ප්‍රබල චිත්ත ශක්තියක්
        කැමරාව තුලින් ලෝකය දකින්නට
        වැය වෙනවා.
        ඒත් ඔබට ඒ සඳහා අයිතිය තියනවා.
        සැණකෙළියක කෙළිදෙළෙන් පසුවෙන
        ගිහියන් අතර හරි හරියට හැසිරෙන
        මේ කෙළිලොල් භික්ෂුවටත්
        ඒ සඳහා අයිතිය තියනවා.

        ඒ වගේම
        ඔබත් ඔහුත් නොමග යන බව දකින්නටත්
        ද්වේශයෙන් තොරව...
        සංවේගය පළකරන්නට
        මටත් අයිතියක් තියනවා.
      • Awantha Abewardhana Oba wahansege wadana Apuruy>>
      • Athula Siriwardhane .
        මෙහිදී මා හා ගැටෙන අය පවා
        මේ භික්ෂුව වැරදියි කියා දන්නවා.
        මේ භික්ෂුව වැරදියි කියා කියනවා.
        ඒ පිළිබඳව ඔවුන් මා හා එකඟයි.


        ඔවුන් ඒ සමගම කියන්නෙ
        ඒ වරද දැකීමත්
        අන් අයට පෙන්වීමත් වරදක් කියායි.

        මගේ වරදක් කියා ඔබ සිතන දේ
        පෙන්වන්නට ඔබට ඇති අයිතිය පිළිගන්නවා.
        ඒ වගේම
        ඔහු නොමග යන බව දකින්නටත්
        ද්වේශයෙන් තොරව...
        සංවේගය පළකරන්නට
        මටත් අයිතියක් තියනවා.
        වරද දැකීමත්
        අන් අයට පෙන්වීමත්
        වරදක් වන්නේ කෙසේද?

        වරදක් පෙන්වන්නා කරන්නේ
        සැඟවී ඇති නිධානයක් පෙන් වීමක්යැයි
        බුදුන් වහන්සේ කියනවා.
      • Awantha Abewardhana  
        OBage adahas witeka Namuth galapenne chayarupakaranayata miska...me sambanda kisiwakata noweya...
      • Athula Siriwardhane  
        Nogelapena wita karunu sahithawa penwaa denawaa nam hondayi, Awantha...
        Api eka samoohayak..
      • Kithagama Wimalarathana Himi .
        වරද පෙන්වීම හොඳයි වරද කරන්නාටම එය පවසනවානම්.
        දැන් එහෙම දෙයක් මෙතන වෙලා නැහැ නේද?

        අතුල මහතා පවසනවා

        ((ඔබ කියන්නේ
        සැණකෙළියක කෙළිදෙළෙන් පසුවෙන
        ගිහියන් අතර හරි හරියට හැසිරෙන
        මේ කෙළිලොල් භික්ෂුව
        බුදු වදනට අනුව නිවැරදියි කියාද?

        අපට විසඳා ගැනීමට ඇති
        ප්‍රධාන ගැටළුව එයයි.))
        දැන් මට තිබෙන ගැටළුව එවැන්නක් dramatic action (නාටකමය ක්‍රියාවන්) මේ ඡායාරූපයෙන් නිරූපණය වෙනවාද?
      • Athula Siriwardhane Kithagama Wimalarathana Himi .[[[දැන් එහෙම දෙයක් මෙතන වෙලා නැහැ නේද?]]]
        1, භික්ෂූන්ට
        සැණකෙළියක කෙළිදෙළෙන් පසුවෙමින්
        ගිහියන් අතර හරි හරියට හැසිරීම
        විනයට හා දශ ශීලයට අනුව කැපද?


        2, අකැප නම් එවැනි දේ කරන අය අතුරෙන්
        මේ ඡායාරූපය දකින අයට
        වරද පෙන්වා දීමක් නොවන්නේද?
      • Kithagama Wimalarathana Himi මට තිබෙන ගැටළුව එවැන්නක් dramatic action (නාටකමය ක්‍රියාවන්) මේ ඡායාරූපයෙන් නිරූපණය වෙනවාද?
      • Athula Siriwardhane .
        අපි භික්ෂුව ගැන පළමුව කතා කරමු.
        ඡායාරූපය නාටකීය වන්නේ
        ඔහු වැරදි නම්..

        1, භික්ෂූන්ට
        සැණකෙළියක කෙළිදෙළෙන් පසුවෙමින්
        ගිහියන් අතර හරි හරියට හැසිරීම
        විනයට හා දශ ශීලයට අනුව කැපද?
      • Kithagama Wimalarathana Himi ඔබ දැන් මේ පින්තූරයට ආදාලව කියනවා භික්ෂුව සැණකෙළියක කෙළිදෙළෙන් පසුවෙමින් ඉන්නවා කියලා. නමුත් මම කියනවා එක එහෙම නෙමෙයි කියලා . ඔබ කොහොමද එක ඔප්පු කරන්නේ මේ පින්තූරයට අදාලව.
      • Kus Fernando මම අතුලට එකගයි. මෙවැනි දෙයින් පටන්ගෙන දැන් ඇවිත් තියන තැන පේනවානේ.. මේවා වැරදි ආදර්ශ
      • Athula Siriwardhane .
      • Kus Fernando පොඩි විනෝදයක් ලැබීම කවුලක් නෑ නමුත් මේ ගැන සමාජ කියවීමක් අවශ්‍යයි අතුල කරමින් ඉන්න ක්‍රියාවේ ධනාත්මක පැත්ත ඒකයි
      • Sameera Liyanage මම ෆෝටෝග්‍රෆි වලට අළුත් කෙනෙක්. කරුණාකරලා කාටහරි කියන්න පුළුවන්ද මට මේ ෆොටෝ එකෙන් ෆෝටෝග්‍රෆි ගැන ඉගෙනගන්න තියන දේ මොකක්ද කියලා?
      • Amila Bandara මම අතුල මහත්මයගෙ සංවාද ගණනාවක්ම දැකල තියෙනවා. ඔහු කවදාවත් තමන් වැරදියි කියල පිලිගන්න කෙනෙක් නෙවෙයි. යමක් ගැන කෙලින්ම පෙන්නුවාම කරුණු දක්වපුවාම ඔහුට ආවේණික නිසඳැස් ලියවිල්ලෙන් ඔහේ හෑලි ලිය ලියා වටේ යනවා. ඒ නිසා මම නම් දැන් කමෙන්ට් කරන එක නවත්වලා තියෙන්නේ. අනිත් දේ මේ ෆොටෝ ටෝක් මිසක් භික්ෂූන්වහන්සේලාගේ සීලය ගැන කතාකරන ගෘප් එකක් නෙවෙයි. ඒ නිසා මෙතන කතාකරන දේ මේ ගෘපයට අදාල නැහැ. ෆොටෝ එක ගැන කියනවා නම් මේ ඡායාරූපය “මොලෝ රහක් නෑ“ කියන කැටගරියට දාන්න ඕනි... එහෙම මේ ගෘප් එකේ කැටගරයිස් කරන්න පුලුවන් නම් ඒ “මෙලෝ රහක් නැති“ කියන කැටගරියට අතුල මහත්මයගෙ ගොඩාක් ඡායාරූප දාන්න පුලුවනි.... (අතුල මහත්මා වරදවා වටහාගන්න එපා.. පුද්ගලික අමනාපයක් නැහැ. මෙහි ගොඩකාලයක සිට ඉන්න සාමාජිකයෙක් හැටියට දීර්ඝ කාලයක් තිස්සේ ඔබේ හැසිරීම් රටාව බලලයි මේ කිව්වේ)
      • Amila Bandara අනිත් දේ අතුල මහාත්මයාගෙ ඡායාරූප ගැන එතුමා ගොඩාක් දේවල් කියනවා. ඒ ඡායාරූපයෙන් කියවෙන “කතාව“ ගැන. අනේ මන්දා මට නම් කිසිම දවසක ඒ “කතාව“ දැනිල නෑ.. සමහර විට මගේ “නොමේරූ දැනුම“ නිසා වෙන්ට ඇති....
      • Athula Siriwardhane .
        නැහැ අමිල එහෙම හිතෙන්නෙ
        ඔබේ දැනුම
        මෝරා ඇති මට්ටමට අනුවයි.
        මම කරන කියන දේ කරන්නේත්
        මගේ දැනුම
        මෝරා ඇති මට්ටමට අනුවයි.

        මගේ ඡායාරූප ඉහළ මට්ටමේ ඒවායයි
        මා කිසි දිනක කියා නැහැ.
        මා එහෙම සිතන්නේත් නැහැ.
        එහෙම නම් මා චිත්‍ර ඇඳීම නවත්වා
        වෘත්තීය ඡායාරූපකරණයට
        යොමු වෙනවා.
        ඒත් මා හැකි හැම අයුරින්ම
        හොඳ ඡායාරූපයක
        අඩංගු විය යුතු ලක්ෂණ හොයනවා.

        මේ ඡායාරූපයත් පර්යේෂණයක්..
        මේ භික්ෂුවගේ ක්‍රියා කලාපය
        නොයෙක් අයුරින් සංවාදයට ලක්වීමයි
        මෙහි මට වැදගත්වෙන්නෙ.
      • Sameera Liyanage ko kawruth kiwwe naha ne?
      • Amila Bandara මගේ මිත්‍රයා ඔබට බොහෝ දුරට පිළිතුරක් කෙසේවෙතත් නිසඳැස් ආකාරයේ වටේ යාමක් අසාගැනීමට හැකිවෙනු ඇති
      • Sameera Liyanage ආහ් මේක මේ research ෆොටෝ එකක්නේ
      • Kithagama Wimalarathana Himi .
        ඔබේ අරමුණ දැන් ඉතා පැහැදිලියි. (((අපි භික්ෂුව ගැන පළමුව කතා කරමු))) මෙතන අතුල මහතා භික්ෂුන් පිළිබඳ කතා කරන තැනක් නොව පින්තූර ගැන පමණක් කතා කරන තැනකි. එයද සිහිබ තබා ගන්න.. සමූහයේ නම Phototalk . එහි අරමුණු නැවත කියවන්න...
        මා ප්‍රශ්න කිහිපයක් අතුල මහතා
        ට ඉදරිපත් කල නමුත් පිළිතුර ලැබී නැත. නමුත් මාහට ධර්මදේශනාවක් සඳහා දුර බැහැරක යාමට සිදවී ඇත. ඒ සඳහා මා දැන් පිට විය යුතුය. තවත් මේ තුළ එල්බගෙන හිඳීමේන් පමා වන්නේ මා බැවිනි. මා ඔබට ප්‍රශ්න කිහිපයක් යොමු කළා ඒවාට නිසි සෘජු පිළිතුරු ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.
        මා සඳහන් කළ ලින්කුවට ද මට පිළිතුරක් මේ වන විට ද ලැබී නැත.
        https://www.facebook.com/photo.php?fbid=3956020945656&set=a.1482153900526.2063628.1434194439&type=1&theater
        අතුල සිරිවර්ධන සඳහන් කරනවා (((බිරිඳ විටෙක මවක්, සොයුරියක්, යෙහෙළියක් හා
        සයනයේදී වෛශ්‍යාවක් විය යුතුයැයි
        බුදුන් වහන්සේ පවසා තිබෙනවා.)))
        බිරිඳ විටෙක මවක්, සොයුරියක්, යෙහෙළියක් වන බව සඳහන් කළත් සයනයේදී වෛශ්‍යාවක් විය යුතුයැයි
        සඳහන් මූලාශ්‍ර ඉදිරිපත් කරන්න...
        නැවත හමුවෙමු. සැමට තෙරුවන් සරණයි..!!!

        Photo

        ගැහැණිය කටට රසැති ආහාරයක් මිස
        අන් කිසිවක් නොවෙයි.
        ------------------------------...See More

      • Athula Siriwardhane .
        Kithagama Wimalarathana Himi [[[ඔබ දැන් මේ පින්තූරයට ආදාලව කියනවා භික්ෂුව සැණකෙළියක කෙළිදෙළෙන් පසුවෙමින් ඉන්නවා කියලා. නමුත් මම කියනවා එක එහෙම නෙමෙයි කියලා . ඔබ කොහොමද එක ඔප්පු කරන්නේ මේ පින්තූරයට අදාලව.]]]

        හොඳයි, අපි ඒ වචනය වෙනස් කරමු

        1, භික්ෂූන්
        සැණකෙළියක විනෝදය සඳහා වූ
        ගැලැක්සියේ ගමන් කරමින්
        ගිහියන් අතර හරි හරියට හැසිරීම
        විනයට හා දශ ශීලයට අනුව කැපද?

        2, අකැප නම් එවැනි දේ කරන අය අතුරෙන්
        මේ ඡායාරූපය දකින අයට
        වරද පෙන්වා දීමක් නොවන්නේද?

        ගැලැක්සිය කියන්නෙ
        එක කේන්ද්‍රයක් වටා කැරකෙන
        වෘත්තාකාරව ආසන පෙළක්
        සහිත යන්ත්‍රයක්.
        ඔබ කවදාවත් ගැලැක්සියක් දැක නැත්නම්
        මේ ඡායාරූපය බලන්න.

        Athula Siriwardhane's photo.
        • Indranatha Thenuwara දැඩි වෛරයකින් පෙළෙමින් සමාජ ප්‍රශ්න කතිකාවතකට යොමු කරන්න ගියාම, අවසානෙ වෙන්නෙ කතිකාවට බඳුන් විය යුතු සමාජ ප්‍රශ්නය යට ගිහින්, වෛරක්කාරයාට එරෙහි ව ජනයා පෙළ ගැසීමයි.
          කලාකරුවාගේ කාර්ය භාරය වන්නෙ වෛරය වැපිරීම නොවෙයි. දාර්ශනික ව නිර්මාණය ඉදිරිපත් කොට, කතිකාවතකට ජනයා පෙළ ගැස්වීමයි.
          මේක හරියට ලිප්ටන් වටරවුමෙ පිකටිං එකක් වගෙයි...!
          කට්ටියගෙ උගුර බැරැණ්ඩි වෙනව මිසක් ඇති වන සෙතක් නැහැ.
        • Athula Siriwardhane .
          වෛරයක් තියෙනවා
          කියන්නෙ කොහොමද තේනුවර.
          මෙ සමාජයෙ ප්‍රශ්නයකුත් නෙමෙයි..
          බුදු සසුන තුළ ප්‍රශ්නයක්
          භික්ෂුව බුදු වදනට පිටින් යෑම පිළිබඳ ප්‍රශ්නයක්.
        • Indranatha Thenuwara සමාජ ප්‍රශ්නයක් නෙමෙයිනම් ඇයි අප මේ පින්තූරෙ මෙතැක පළ කරගෙන කතා කරන්නෙ.
          එහෙනම් ඒක බුදු සසුනට අදාල තැනෙක පළ කරල කතා කරන්න.
        • Athula Siriwardhane .
          මේ සමූහය තුළ කතාකළ යුත්තේ
          සමාජ ප්‍රශ්න පමණයි කියා
          සම්මුතියකුත් නැහැනෙ.
          කතාකළයුතු මේවායි
          සම්මුතියකුත් නැහැනෙ.Thenuwara
          ඡායාරූපය මතුකරන
          කොතෙකුත් දේ ගැන
          අපි කතාකරනවානෙ.
          ඇයි බුදු සසුන නොගැලපෙන්නෙ.

          අනික මේ කතිකාව
          මා වචනයෙන්
          මතුකළ දේකුත් නෙමෙයි.
          මා යෙදූ වචන ගැන කිසිවෙක්
          වචනයක්වත් කීවේ නැහැ.

          ඡායාරූපය තුළ
          සාමාජිකයන් දුටු දෙයින්
          මතුවූ හැඟීම් අනුව
          සාමාජිකයන් අදහස් දැක්වූවා.
          මා කලේ මතුවූ අදහස් හා චෝදනා වලට
          පිළිතුරු දීමයි.