Viroon Deshitha Jayasekaraදහම් සබාව--------
Viroon Deshitha Jayasekara Athula Siriwardhane වේදනාව යනු ඔබ ගත් අර්ථය ?
Athula Siriwardhane .
Viroon ...
ඔබේ අත උස්සගෙන
ටිකක් වෙලා
අත ගැන සිහියෙන් ඉන්න.
උර හිසේ ඉඳලා
ඇඟිලි තුඩු වලට වෙනතුරු
නොයෙක් වර්ගයේ වේදනා වර්ග රැසක්
ඔබට දැනේවි.
කය තුල වේදනා දැනේවි.
බැහැරිනුත් දැනේවි.
ඔබේ සිහියෙ ප්‍රමාණයට
දැනෙන වේදනා වර්ග ගණනත්
දැනෙනෙ ප්‍රමාණයත්
තීරණය වෙයි.
වේදනා කියන්න ඒ දැනෙන දේටයි.
මහ දැනමුත්තො
එක එක විකාර කියල
ඔබ පඹගාලක පටලවන්න හදාවි.
ඒත් ඔය වේදනා වර්ග ඔක්කොම
බුදුන් වහන්සෙ වර්ග තුනකට
වෙන් කරනවා.
ඔබ දිගටම අත උස්සගෙන ඉන්න
උත්සාහ කරන්න.
ඔබට අත පහල නොදාම බැරි වුණාම
පහළ දාන්න.
ඒ වෙලාවෙ ඔබේ චිත්තය
සදෝස චිත්තයක්.
සමහර විට
මා එක්ක ව්‍යාපාදයත්
ඇති වෙන්න පුලුවන්.
Viroon Deshitha Jayasekara ඔව්
ඔබ ඔය පැහැදිලි කරන්නේ කය තුලින් ඇතිවන වේදනා නේ.එතකොට පටිච්චසමුප්පාදයට
අනුව සලායතන වල ස්පර්ශය තුලින් වේදනා ඇතිවීම විස්තර කරනවද ?
Athula Siriwardhane .
ඔබ මම කියපු දේ කරල
ඔබේ අත්දැකීම කියන්න.
ඔබට දැනෙන ප්‍රමාණය බලල
ඉදිරියට කතා කරමු.
Athula Siriwardhane Good night
Viroon Deshitha Jayasekara ගොඑන්කා technique මට උගන්නන්න ඔන් නෑ අතුල එකේ කතන්දරේ මම හොදට දන්නවා ..මට මේකට බුද්ධ දේශනාවට අනුව පිළිතුරු දෙන්නකෝ වෙන බයිලා නැතුව
පටිච්චසමුප්පාදයට අනුව සලායතන වල ස්පර්ශය තුලින් වේදනා ඇතිවීම විස්තර කරනවද ?
Athula Siriwardhane .
ඔබ මම කියපු දේ කරල
ඔබේ අත්දැකීම කියන්න.
ඔබට දැනෙන ප්‍රමාණය බලල
ඉදිරියට කතා කරමු.
Madusanka Rathnayake අතුල දන්න ඔක්කොම කිවුව තව කියන්න දන්නෙ නැති නිසා අමාරුවෙ දාන්න එපා Viroon Deshitha Jayasekara
මම දන්න විදියටනම් බුදුන් වහන්සේ දේශනා කරන ලද වේදනාව කියන්නෙ අපි සම්මතයේ පිලිගන්න ඇඟේ අමාරු වලට නෙමෙයි වේදනාව කියන්නෙ දැනීම එහෙමත් නැත්තම් සංවේදී බව.
සලායතන පච්චයා ඵස්ස කියන්නෙ චක්කායතන සෝතායතන ඝානායතන ජිව්හායතන පොට්ටබ්බායතන හා මනායතන කියන ආයතන හය නිසා ස්පර්ශය ඇතිවන බව.
ඵස්ස පච්චයා වේදනා කියන්නෙ ස්පර්ශය තුලින් ඇතිවන වේදනාව එනම් ස්පර්ශය නිසා ඇතිවන අරමුණට අප විඥ්ඥානය විසින් ඇති කරගන්නා සංවේදීතාවයයි.
පිරිමියෙක් ලස්සන කාන්තාවක් දකින අවස්ථාවක් උදාහරන ලෙස අරන් මම රූප වේදනාව ඇති වන ආකාරය පැහැදිලි කරන්නම්.
ඇස රූපය දකිනවා එය රූප වේදනාවයි විඥ්ඥානය එය ගැහැණු රූපයක් බව හඳුනගන්නවා ඉන්පසු එය ඉච්චයි සුඛයි අත්තයි ලෙස සංඥා ඇති කරගෙන එය ආරම්මණයක් බවට පත් කරගන්නවා.
එම ආරම්මණය ඉච්ච සුඛ අත්ත නිසා ලස්සන වස්තුවක් ලෙස එය උපාදානය කරගන්නවා.
සුඛ සංඥාවක් නිච්ච සංඥාවක් අත්ත සංඥාවක් ලෙස පෘතජන පුද්ගලයින් අවිද්‍යාව නිසා උපාදානය කරගන්නා සංඛාර නිසා භව ඇති වෙනවා මේ භව නිසා ඇතිවන කර්ම බීජ හේතුවෙන් ජාති ජරා මරණ සෝක ආදී සංසාර ඵල ඇති වෙනවා.
මේ ගැන අදහස් කියන්න...
Viroon Deshitha Jayasekara ඔව්.නමුත් අතුල සතිපට්ටනය කියලා කියන්නේ ඇගේ තියෙන වේදනා දිහා බලන් උපේක්ෂාවෙන් ඉන්න එකට.
Athula Siriwardhane .
බුදුන් වහන්සෙ කියල තියෙන්නෙ
වෙන කොහේ තියන වේදනා ගැනද විරූන්?
Viroon Deshitha Jayasekara සලායතන වලට ඵස්ස වන වේදනා සියල්ල. කයේ විතරක් නෙමේ
Athula Siriwardhane වෙන කොහෙද?
Viroon Deshitha Jayasekara චක්කායතන සෝතායතන ඝානායතන ජිව්හායතන පොට්ටබ්බායතන හා මනායතන කියන ආයතන හය
Athula Siriwardhane .
මේ ආයතන හයට දැනෙන වේදනා
දැනෙන්නෙ කයේ නෙමෙයිද?
Athula Siriwardhane .
Viroon Deshitha Jayasekara
ඔබට මේ ආයතන හය තියනවද?
නැත්නම් ඔබ කියන්නෙ
පොතේ තියන ආයතන හයක් ගැනද?
ඔබේ මේ ආයතන හයට දැනෙන වේදනා
ඔබට දැනෙන්නෙ කයේ නෙමෙයිද?
Athula Siriwardhane Ko me Viroon Deshitha Jayasekara ?
Viroon Deshitha Jayasekara අතුල ඇස,කන,දිව,නාසය,මන,කය කියල වෙන් කරලා වෙන් කරලා බුදු පියාණන් දේශනා කලේ.මස් ලේ කය තනිව ගත්තේ නෑ..
Viroon Deshitha Jayasekara ඔබ ඉතින් මේවා විග්‍රහ කරන්නේ කොහොමද ඉස්සෙල්ල වේදනාව යන්න පැහැදිලි කරන්නකෝ
Athula Siriwardhane .
න්‍යායිකව පැහැදිලි කිරීම වෙනස්..
ප්‍රායෝගිකව සතිපට්ඨානයෙ
කායානුපස්සනාවෙදි මේ සියල්ල එකක්.
වෙන කරන්නෙ ධම්මානුපස්සනාවට ආවමයි..
ධර්මය වල්ගෙන් අල්ලගන්න එපා..
කියල උන් වහන්සෙම කියල තියනවනෙ.
Athula Siriwardhane .
බුදුන් වහන්සෙ වේදනාව කියන්නෙ
ඇඟේ අමාරු වලට "විතරක්"නෙමෙයි.
බුදුන් වහන්සෙ වේදනා කියන්නෙ
අපි ඇතුළත සිදුවෙන හැම දේමත්
බැහැර සිදු වෙන හැම දේමත් නිසා
කයෙහි සිදු වෙන සියලුම වෙනස් වීම් වලට.
ශරීරය කියන්නෙ වෙදනා මල්ලක්.
කය ගැන සිහිය තියනවා නම්
පිළිකා සෛල හැර
පණ තියන හැම සෛලයක්ම
දැනෙන්න ඕන.
මේ වෙනස් වීම්
සියල්ලම දකින්න තරම්
සාමාන්‍ය පුහුදුන් පුදගලයාගෙ
හිත සංවේදී නැහැ.
ඔහුගෙ ගොරෝසු හිතට දැනෙන්නෙ
හිසේ කැක්කුම, දත් කැක්කුම,
කාමය වගේ ගොරෝසු වේදනා විතරයි.
වේදනාවට සිහිය උපේක්ෂාව නැති
පුහුදුන් පුද්ගලයා හිතන්නෙ
වේදනා දැනෙන එක
රෝගී තත්වයක් කියලයි.
හැම වේදනාවක්ම
රෝගී තත්වයක් නෙමෙයි.
මොළයට වේදනා දැනෙන්නෙ නැහැ කියල
වෛද්‍ය විද්‍යාවෙ තියනවා.
හිසේ දැනෙන කැක්කුම
ශරීරයෙ වෙනත් තැනක
වෙනස් වීමක ඵලයක්.
හිසේ කැක්කුමක් ආවම
ඕනම කෙනෙක් කරන්නෙ
ඊට හේතුව සොයල
බෙහෙතක් කරන එක නෙමෙයි.
වේදනාව නොදැනෙන තත්වයට
හිත නිර්වින්දනය කරන එකයි.
පැනඩෝල්, ඩිස්ප්‍රින් ආදී
වේදනා නාශක නමින් හඳුන්වන
නිර්වින්දකයක් ගන්න එකයි.
.
ඒත් වේදනාවට උපේක්ෂාව නැති නිසා
ඔහු වෙදනා මතුවෙන්න දෙන්න නැහැ.
ඒ යටපත් වෙන වේදනා
කහටක් වගේ හිතේ තැන්පත් වෙමින්
ඔහුගෙ සංවේදී බව නැති කරනවා.
නිර්වින්දනය මගින්
වයසට යනවිට ඔහුගෙ කය
දර ලීයක් වගේ වෙනවා.
හිත කිසිවක් නොදැනෙන
හිස් අවකාශයක් වෙනවා.
ලෞකික ධ්‍යාන වැඩීමෙනුත්
මේ දේම සිදුවෙනවා.
හිත නිවන් දැක්කා වගෙයි.
කය හිරි වැටිලා තියෙන්නෙ.
එවැනි ධ්‍යාන තියන අය
සමාජයෙන් ඈත් වෙලා ඉන්නෙ.
ඔවුන් සමාජයට ආවත්
හීනයක වගෙයි ජීවත් වෙන්නෙ.
ඔහුට සමීප වෙන අය
ඔහුට ඇහුම්කන් දෙන අයත්
ඒ නිර්වින්දනයට ගොදුරු වෙනවා.
තමන් නිවන් දැකලයි කියල
ඔවුන් රැවටෙනවා.
ඒ සුවය මායාවක්.
දුක තමයි සත්‍යය.
සැබෑ දුකට නිර්වින්දනය වෙලා
දුක තේරුම් ගන්න
ධර්ම දේශනා අහනවා..
කටපාඩම් කරගන්නවා.
ආයෙත් කියනවා.
නිර්වින්දනය නිවන නෙවෙයි.
නිවන් දුටු කෙනෙකුට
තමා තුළ නිරන්තරව සිදුවෙන
ඇතිවෙන නැතිවෙන ස්වභාවය
පෙනිය යුතුයි.
ඔහු පණ තියෙන පුද්ගලයෙක්
සත්වයා පණ තියෙන පුදගලයෙක් වෙන්නෙ
වේදනාව දැනෙන නිසයි.
වේදනා නොදැනෙන මිනිසා මළ මිනියක්.
පමාදෝ මච්චුනො පදං.
වේදනා පවතින්නෙ අතීතය නෙමෙයි.
මේ මොහොතෙයි.
අප්‍රමාදී පුද්ගලයාට වේදනා දැනෙනවා.
අප්පමාදෝ අමත පදං.
මේ නැතිවී ගිය ප්‍රාණය
යළි ලබා දෙන්නෙ විදසුන මගිනුයි.
විදසුන කාරණා පහකට
ඒකායන මග කියලා
බුදුන් වහන්සෙ දේශනා කරන්නෙ
ඒ නිසයි.
බුදුන් වහන්සේ
විදසුන සොයා ගන්න කලින්
සිහියත් උපේක්ෂාවත්
එකවිට දියුණු කරන
කරමයක් තිබුණෙ නැහැ.
තමා තුළ ඇතිවෙමින් නැතිවෙන වේදනා
නොදැනෙන පුද්ගලයා තුළ
පවතින්නේ මෝහයයි.
එය උපේක්ෂාව මෙන්ම
නිවන කියාත් බොහෝ අය හිතනවා.
එවැන්නන්
මහා සතිපට්ඨානයට
විවිධ අර්ථ දෙන්නේ ඒ නිසයි.
මහා සතිපට්ඨානයෙ මුල් පියවර දෙක
පස්පංගුව කසාය මෙන් සරලයි.
වේදනාවට උපේක්ෂාව නැති
පුහුදුන් පුද්ගලයන්
මහා සතිපට්ඨානය අරගෙන
පටලවන පඹගාල
ඔවුන්ට වේදනා නොදැනීමෙන්
සතර සතිපට්ඨානය
වරදවා තේරුම්ගැනීමෙ ප්‍රතිඵලයයි.
නිරන්තරයෙන් මුළු සිරුර පුරාම
වේදනා සිහියෙන් දකින කෙනාට
දුක කියන දේ සත්‍යය පෙනෙනවා.
ඒ සත්‍යය දකින ඔහුට
ඉතිරි සත්‍යතා තුන සොයන්න කියල
කවුරුවත් කියන්න අවශ්‍ය නැහැ.
විදසුන වඩන්නා
දුක දකින මොහොතක් පාසා
දුක නිරුද්ධ වීමත් වෙනවා.
Viroon Deshitha Jayasekara ඔය කියන්නේ ශරීරය අභ්‍යන්තරයේ වේදනා ගැන්නේ එතකොට "ඵස්ස පච්චයා වේදනා" කෝ ඵස්ස වීම? කෝ තන්හා වීම ?
Athula Siriwardhane .
බුදුන් වහන්සෙ වේදනා කියන්නෙ
අපි ඇතුළත සිදුවෙන හැම දේමත්
බැහැර සිදු වෙන හැම දේමත් නිසා
කයෙහි සිදු වෙන සියලුම වෙනස් වීම් වලට.
Viroon Deshitha Jayasekara <<වේදනාවට උපේක්ෂාවෙන් ඉන්න
විදසුන් වඩන්නාට
තණ්හාව, උපාදාන වීම
වෙන්නෙ කොහොමද?>>උපාදාන නෑ එහෙනම් බව නෑ ජාති නෑ රහත්ද
Viroon Deshitha Jayasekara <<Athula Siriwardhane .
විදසුන් වඩන ඒ මොහොත විසින්
භවය නිර්මාණය කරන්නෙ නෑ.ආතාපි...වීර්යය පිරිහුණ ගමන්
නැවත යන්ත්‍රය වැඩ...
භවය හදනවා.>>
රහත් වෙනවා ආයිත් නැති වෙනවා වගේ වැඩක්නේ
විදසුන් වඩන ඒ මොහොතේ මැරුනොත් උපතක් නැ ඔබ කියන විදියට නේද අතුල
ඔබ අලුත් දහමක් ලොවට හදුන්වා දෙනවා
Viroon Deshitha Jayasekara අතුල අභ්‍යන්තරයේ වේදනා බලන්න ගිහින ඔබ සියල්ල පටලවාගෙන.
ඇස,කන,දිව,නාසය,සරීරය,මන ආයතන ලෙස ගත් විට රුප,ශබ්ද,රස,ගන්ධ,ස්පර්ශ,දම්ම ආයතන වල ස්පර්ශ වී තනහා වීම සිදුවනවා ..ඉහත Madusanka Rathnayake ත් පෙන්වා දුන්නා.
සලායතන තුලින් කෙලෙස් රැස් වීම දැක ප්රහාණය වීමයි සිදු විය යුත්තේ.නැතුව අභ්‍යන්තර වේදනා දිහා බලාගෙන හිරි වට්ටලා වගේ උපේක්ඛාවෙන් සිටීම නොවේ.
සබ්බ කාය පටිසංවේදී වීම සරලව සතර සතිපට්ටානයේ හරය මෙයයි.
ගොඑන්කාගේ ක්‍රමය තුල ම සිර නොවී මං මුලා නොවී ප්‍රයෝගිකව කෙලෙස් නසන දහම දකින්න
තෙරුවන් සරණයි..
Athula Siriwardhane . Viroon Deshitha Jayasekara
සබ්බේ ධම්මා වෙදනා සමො සරණා.
සලායතන හා වේදනා පිළිබඳව
විරූන්ගෙ ගැටලුවට පිළිතුර මෙහි තියනවා.
ඔබට සොයා ගන්න බැරි නම් කියන්න.
සොයා ගත්තොත් පළ කරන්න.
Athula Siriwardhane .
වේදනා දැනෙන්නෙ නෑ කියන්නෙ
සෝවාන් වීම නෙවෙයි..
තමන් ගැන හරි සිහියක් නෑ
කියන එකයි.
සෝවාන් වුණ කෙනෙකුට
පුහුදුන් අපිට වඩා
කාය, වේදනා, චිත්ත, ධම්ම ගැන
සිහිය තියෙන්න ඕන.
No comments:
Post a Comment