- Athula Siriwardhane
shared Fiqri Ismail's photo.ගස් වලට පණ තියනවද?
ජීනියස්ලට ප්‍රශ්නයක්..
=====================
මගේ දුව ඔය ප්‍රශ්නෙ ඇහුවා නම්...
See More
Fiqri Ismailදුව: තාත්තා ගස් වලට පන තියෙනවද ?
මම: නැහැ ගස් වලට මිනිස්සුන්ට සත්තුන්ට වගේ එහෙම පණක් නැහැ
දුව: එහෙනම් ගස් ලොකු වෙන්නේ වැවෙන්නේ කොහොමද ?
මම: ඒ ලෝකෙට මුලින්ම ආපු ආදී කල්පිත බ්‍රහ්ම මිනිස්සුන්ගේ (එයා දන්නවා මේ අය ගැන .. අග්ගඥ්ඥ සූත්‍රය මම කියලා දීල තියෙනවා) සිතුවිලි නිසා හට ගත්ත ශක්තිය නිසයි ඒ ගස් වල තාම ලොකු වෙන්නේ ඵල දරන්නේ ..
දුව: ඒ කිව්වේ ?
මම: දැන් හිතන්න මෙතන රෝදයක් තියෙනවා.. ඔයා අද ඇවිල්ලා ලොකු ශක්තියක් යොදල කරකවනවා.. දැන් රෝදේ කැරකෙනවා...
දුව: ඔව්
මම: දැන් හෙට කෙනෙක් ඇවිල්ල කියනව ආනේ මේ රෝදෙට පන තියෙනවා නේද එක කැරකෙන හැටි බලන්න කියල.. අන්න ඒ වගේ තමා ගස් වැලුත් ...
දුව: ආ හරි හරි .. දැන් තේරුණා ... - Shanaka Iroshana Peiris අතුල මහත්මයා,ඔබ තුමා අහන්න හදන දේ හෝ කියන්න හදන දේ මට පැහැදිලි නැහැ

- Athula Siriwardhane ගස් වලට පණ තියනවද?
ෆික්රිගෙ දුවගෙ ප්‍රශ්නෙ..
මගේ උත්තරේ පසුව බලන්න.. 
- Upali Kannangara පණ තිබේ. එහෙත්, හැඟීම් නැත ?
අප පාසල් සමයේ උගැන්වූ කතාවක් සිහිපත් වේ.
ඉන්දීය විද්‍යාඥයකු විද්‍යුත් සංඥා අනාවරණය කළ හැකි යන්ත්‍රයක් පැළයක අත්තකට සවි කොට එහි ම තවත් අත්තකට දැල්වෙන ගිනි කූරක් ඇල්ලුවා. විද්‍යුත් සංඥා නිකුත් වන බව යන්ත්‍රයෙන් අනාවරණය කළා. ඒ පැළෑටියේ වේදනාවේ විලාපය බව අපිට කියා දුන්නා. 
- Athula Siriwardhane Kaush KG [[[[ අතුල දන්නවද ගස්වැල් වලටත් මතකයක් තියෙනවා කියලා]]]]
ගස්වැල් වලට වඩා
සතුන්ට මතක තියනවා.
ඊට වඩා අපට මතක තියනවා..
තියන ගැටලුව නම්
අපි දකින්නෙත්,
විඳින්නෙත්,
මතක තියාගන්නෙත්
අපි දකින දෙයින්
එක කොටසක් විතරයි..
අපි සැලකිලිමත් වෙන්නෙ
අපි කැමති වෙන හෝ
අකැමති වෙන දේට තමයි..
දහදෙනෙක් එක දෙයක් දැක්කොත්
ඔවුන් දකින්නෙ දහ විදියකට..
ඔවුන්ගෙ කැමති අකැමති අනුව.
සමස්තයක් වශයෙන් දකින්නයි
බුදු දහමෙ උගන්වන්නෙ.
ප්‍රඥාව කියන්නෙ,
කැමැත්ත අකැමැත්ත අභිබවා
සමස්තයක් ලෙස දැකීමටයි. 
- Chanaka Aruna Munasinghe .
මේක ඔව් හෝ නෑ උත්තරයක් තියෙන ප්‍රශ්නයක් නෙවේ. විවිධ කෝණ වලින් (විද්‍යාත්මකව , ආගම්වලට අනුකූලව ආදී ලෙස ) විවිධ ආකාරයේ විග්‍රහයන් දිය හැකියි.
.
විද්‍යාත්මකව ගත්තත් අහන කෙනාගෙ වයස දැනුම ආදිය අනුව ආරම්භක විද්‍යාවෙන්ද , සාමාන්‍යපෙළ විද්‍යාවෙන්ද , ශාඛ විද්‍යාවෙන්ද, රසායන විද්‍යාවෙන්ද උත්තර දෙන්නෙ කියල තෝරා ගන්න වෙනවා. 
- සුජීව කොකාවල මේක පාස්.
පවතින විද්‍යා දැනුම සමග මේ එකම උත්තරයක්වත් ගැලපෙන්නේ නැහැ. ඒත් ආගමිකයන් රැසක් එක්ක නිදහසේ දැනුම ගැන කතා කරන්න බැහැ. 
- Athula Siriwardhane .
විද්‍යාව පිළිගන්න අයට
ආගමිකයන් එක්ක කතා කරන්න
දහම් දැනුම අවශ්‍යයි..
අවම වශයෙන්
කියවන්නවත් සංයමය අවශ්‍යයි..
විද්‍යාව ප්‍රතික්ෂේප කරන
ආගමිකයන්ටත් ඔය ගැටලුවම තියනවා.
විද්‍යාව කිව්වම එන්නෙ තරහක්..
දන්නෙ නැතුවම ප්‍රතික්ෂේප කරලා.
විද්‍යාවට කය වැදගත්..
ආගමට හිත වැදගත්..
මිනිහෙකුට ඔය දෙකම ඕන.. 
- Shanaka Iroshana Peiris සුජීව හැකිනම් ඒ දැනුම මෙතනට එකතු කරන්න

- Chanaka Aruna Munasinghe .
විද්‍යාව පමණක් අයට අනුව හිත කියා දෙයක් නැත. හිත යනු වෙනම දෙයක් නොව මොළයේ ක්‍රියාකාරීත්වයයි . එනම් මිනිසාට හිත සහ කය කියා 2ක් අවශ්‍ය නැත grin emoticon 
- Shanaka Iroshana Peiris Athula මහත්මයා හැකිනම් මෙහි යමක් සටහන් කරද්දී පේළි කඩන්නේ නැතුව එක දිගට සටහන් කරන්න.පේළි කැඩීම නිසා පෝස්ටුව දික් වෙනවා,මුලු ස්ක්‍රීන් එකටම පෙනෙන්නේ ඔබේ ප්‍රශ්නය පමණයි,එයින් වක්‍රාකාරයෙන් අනෙකුත් සාමාජිකයන්ට අසාධාරණයක් වෙනවා

- Subhaga Herath විද්‍යාවට කය වැදගත්..
ආගමට හිත වැදගත්../// ආගමට නම් ඕන හිත තමයි - ඒක අපි දන්නවා - හැගීම් තිබ්බම ඇති කියලා pacman emoticon
විද්යාවට ඔන මොලය නැත්නම් බුද්ධියයි 
- සුජීව කොකාවල [[විද්‍යාව පමණක් අයට අනුව හිත කියා දෙයක් නැත. හිත යනු වෙනම දෙයක් නොව මොළයේ ක්‍රියාකාරීත්වයයි . එනම් මිනිසාට හිත සහ කය කියා 2ක් අවශ්‍ය නැත]]
බුදු දහමට අනුවත් හිත කියා වෙනම දෙයක් නැත. හිත කියන්නේ සංවේදනා මත අප ගොඩනගන නාම රූප [අර්ථදැක්වීම්] වලින්බිහිවෙන පලයකි. වෙනම හිතක් ගැන හිතන්නේ එබ්‍රහමික දර්ශන වලින් බුදුදහම කියවන ය නේද? 
- Athula Siriwardhane .
බුද්ධියටත් විද්‍යාවටත්
යන්න පුලුවන් සීමාවක් තියනවා.
තරහ දුක බය කාමය වගේ ආවේග
මොලයටවත් බුද්ධියටත් පාලනය කරන්න බෑ.
තරහ දුක බය කාමය වගේ ආවේගවලින්
වියරු වැටෙන උගත්තුන්ට වුණත්
විද්‍යාවෙන් කරන්නෙ
මදකිපුණ ඇතෙකුට වගේ
නිර්වින්දකයක් දීලා මෙල්ල කිරීමයි.
ඔවුන්ගෙ උගත් කමත් බුද්දියත් දෙකම
ආවේග ශීලී වුණ හිතට යටයි..
සුභගට තරහ ආවොත් හෙම
ඔය උගත්කම් බුද්ධිය ඔක්කොම ගැලවිලා ගිහින්
මුඩුක්කුවක් කොල්ලෙක් වගේ
වාචාල කතාවෙන් මට බනින්න පුලුවන්. 
- Athula Siriwardhane සුජීව කොකාවල [[[[ බුදු දහමට අනුවත් හිත කියාඅවෙනම දෙයක් නැත. හිත කියන්නේ සංවේදනා මත අප ගොඩනගන නාම රූප [අර්ථදැක්වීම්] වලින්බිහිවෙන පලයකි. වෙනම ක්හිතක් ගැන හිතන්නේ එබ්‍රහමික දර්ශන වලින් බුදුදහම කියවන ය නේද?]]]
මනෝ පුබ්බංගමා ධම්මා
කියන්නෙ ඇයි..
සතර සතිපට්ඨානයෙ චිත්ත ධම්ම කියා
වෙනම අනුපස්සනා දෙකක් තියෙන්නෙ ඇයි.. 
- සුජීව කොකාවල ඔය ඔක්කොම තිබ්බට බුදු දහමේ කයින් පරිබාහිරව පවතින සිතක් ගැන කියලා නැහැ.

- Athula Siriwardhane මනඃ වචී කාය කියලා
සංවරය තුනකට බෙදෙන්නෙ ඇයි..? 
- Athula Siriwardhane .
හිත වෙන් කරගන්න බැරි බව ඇත්ත.
ඒත් හිත ක්‍රියා කරන හැටි වෙනම දකින්න පුලුවන්.. 
- Chanaka Aruna Munasinghe .
[ වෙනම ක්හිතක් ගැන හිතන්නේ එබ්‍රහමික දර්ශන වලින් බුදුදහම කියවන ය නේද?]
.
බුදුදහමට අනුව පරමාර්ථ 82 කි. ඒවානම් චිත්තය චෛතසික 52, රූප 28, හා නිර්වාණයයි. රූපාඅදීයට සංවේදනා රහිත අවස්ථා වලදී පවා සිත ඇතිවේ. කෙනෙක් නිදියගෙන ඉද්දි ඇතිවන හිත (භවාංග චිත්තය ) ඇති වන්නේ කවරනම් සංවේදනා මතදැයි කිව හැකිද ? 
- Shanaka Iroshana Peiris //හිත වෙන් කරගන්න බැරි බව ඇත්ත.
ඒත් හිත ක්‍රියා කරන හැටි වෙනම දකින්න පුලුවන්//
ඒ ක්‍රියා කරන හැටිත් හිතේ හිතලුවක්ම පමණයි 
- Athula Siriwardhane .
සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා කියලයි
බුදුන් වහන්සේ කියන්නෙ
සමව සරන කයෙහි වේදනාවක් නැතිව
හිතේ වෙනසක් වෙන්න බැහැ.. 
- Athula Siriwardhane .
සතර සතිපට්ඨානයෙ චිත්ත ධම්ම කියා
වෙනම අනුපස්සනා දෙකක් තියෙන්නෙ
සිත දකින්න පුලුවන් නිසයි..
හිත දකින්න නම්
කාය වේදනා දෙක සමග
මේ මොහොතෙම දැකිය යුතුයි..
පසුගිය මොහොත දකිනවා නම්
ඒක හිතලුවක් තමයි.. 
- සුජීව කොකාවල මූලික පොයින්ට් එක ආවේ මෙතනින්
"විද්‍යාව පමණක් අයට අනුව හිත කියා දෙයක් නැත. හිත යනු වෙනම දෙයක් නොව මොළයේ ක්‍රියාකාරීත්වයයි . "
බුදුදහම අනුවත් මේක මෙහෙමම තමඅකියන්නයි මට අවශ්‍ය.
බුදුදහම හිත ගැන සැලකිලිමත් වීමේ වටිනාකමතේරෙනවා. කොම්පියුටරේක සොෆ්ටෙව්‍යා කියලා එකක් භෞතිකව වෙන්ව නැහැ. ඒ වුනාට අයි ටී ට්‍රේඩ් එකේ වැඩි පිරිස හැප්පෙන්නේ ඒ සොෆ්ට්වෙයා එක්ක. ඒ මත කල හැකි දේ ඉලෙක්ට්‍රොනික් වලින් කරන්න බැහැ
හැබැයි මට කියන්න අවශ්‍ය වුනේ චානක් කියූ සේ වෙන්ව පවතින සිතක් නැහැ, සිත ඇතිවන්නේ කයෙහි පලයක් ලෙස තමයි බුදුදහම අනුවත්.
ලංකාවේ විශ්ව විද්‍යාලයක දර්ශනවාදය විෂයට මෝනිස්ට් වර්සස් ඩුවලිස්ට් සංවාදයකට මමසහබාගි වුනා. එතන උන්නු ඉතිරි ඔක්කොම බෞද්ධ. උන් ඔක්කොම කිව්වා උන්ගේ චින්තනයේ මූල්‍ය බෞද්ධ දර්ශනය කියලා. හැබැයි එකෙක් හැර ඔක්කොම ඩුවලිස්ට් ලා. එකයි බුදුදහමේ මෝනිස්ට් නැඹුරුව දැක්කේ. බුදුදහම වඩාත් සමීප මෝනිස්ට් මතයට. එබ්‍රහමික ආගම් ඩුවලිස්ට් 
- Athula Siriwardhane .
හිත කියන්නෙ සිතිවිලි
කියා සිතීමත් වරදක්..
හොඳටම තරහෙන් ඉන්න කෙනෙකුට
සිතිවිලි පහල නොවෙන්න පුලුවන්.
ඒත් හිතේ ද්වේශය ප්‍රබලව තියනවා. 
- Chanaka Aruna Munasinghe .
[ කයින් පරිබාහිරව පවතින සිතක් ගැන කියලා නැහැ.]
ඒක හරි. ඒත් කය සහ සිත 2ක් ලෙස ප්‍රත්‍ය විභාගයේදී ගන්නේ.
.
මේ බුදුදහමට අනුව පරමාර්ථ (සැබැවින්ම පවතින ) දේ ගැන කියන හැටි. එතනදි සිත (චිත්ත ) , සිතේ ස්වභාවයන් ( චෛතසික ) හා රූප වෙන වෙනම පරමාර්ථයන් ලෙස ගන්නෙ.
.
සරලව කීවොත් සිත හා කය කියා 2ක් තිබේ. එහෙත් කය සමඟ මිශ්‍රණයක් වශයෙන් පවතිනවා විනා සිත තනිව නැත. එහෙත් සිත නැති කයවල් ඇත 
- සුජීව කොකාවල [[සරලව කීවොත් සිත හා කය කියා 2ක් තිබේ. එහෙත් කය සමඟ මිශ්‍රණයක් වශයෙන් පවතිනවා විනා සිත තනිව නැත. එහෙත් සිත නැති කයවල් ඇත]]
විද්යාතමක දැනුමත් ඉන්නේ මෙතනම තමා. 
- Athula Siriwardhane සුජීව කොකාවල[[[ සිත ඇතිවන්නේ කයෙහි පලයක් ලෙස තමයි බුදුදහම අනුවත්.]]]
ඔව්.. කය නැතුව සිතට පවතින්න බැහැ..
සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා කියලයි
බුදුන් වහන්සේ කියන්නෙ
සමව සරන කයෙහි වේදනාවක් නැතිව
හිතේ වෙනසක් වෙන්න බැහැ.. 
- Athula Siriwardhane .
සිතුවිල්ලක් කියන්නෙ
කයෙහි ඇතිවෙන ජෛව රසායනික වෙනසක් නිසා
අපේ පැරණි අත්දැකීම අනුව කරන
අපිටම ආවේණික අර්ථ දැක්වීමක්.
එකම මොහොතක ඔරුව පෙරළිලා වතුරට වැටුණොත්
හැම කෙනෙකුටම එකම සිතිවිලි පහළ වෙන්නෙ නැහැ.
ඒත් හැම කයකටම ඇති වෙන ප්‍රශ්නය එකම ප්‍රශ්නයක්. 
- Chanaka Aruna Munasinghe .
[ සිත ඇතිවන්නේ කයෙහි පලයක් ලෙස තමයි බුදුදහම අනුවත්.]
නැහැ. සිත කය එක්කම තිබ්බත් කය ප්‍රත්‍ය නොවී සිත් හා චෛතසිකම ප්‍රත්‍ය වී තවත් සිත් ඇති වන අවස්ථා ගැන සඳහන්.
.
(ඔප්පු කරන්න කියන්න එපෝ . මෙහෙම දෙයක් සඳහන් කියා පමණයි කියන්න අවශ්‍ය . ප්‍රායෝඅගිකව මම අත්දැකල නෑ අනික පොත් පත් වල මම කියවපු මේ කරුණු වල වචනාර්ථය මම වැරදියට තේරුම් ගත්තා වෙන්නත් පුලුවනි ) 
- Athula Siriwardhane සුජීව කොකාවල [[සරලව කීවොත් සිත හා කය කියා 2ක් තිබේ. එහෙත් කය සමඟ මිශ්‍රණයක් වශයෙන් පවතිනවා විනා සිත තනිව නැත. එහෙත් සිත නැති කයවල් ඇත]]
විද්යාතමක දැනුමත් ඉන්නේ මෙතනම තමා.
---------------------------------------------------------
ඒත්
සිත දමනය කිරීමක් ගැන
විද්‍යාව දන්නෙ නෑ.
විවිධ ආගම් සිත පාලනය කරගන්න
නොයෙක් ක්‍රම භාවිතා කරනවා.
බුදු දහම විපස්සනා මගින්
හිතේ ක්‍රියාකාරිත්වය ගැන සිහියෙන්
හිතේ ක්‍රියාකාරිත්වයට වහල් නොවී
හිතේ ක්‍රියාකාරිත්වයෙන් නොකැළඹී
හිතේ ක්‍රියාකාරිත්වයට උපෙක්ෂාවෙන් ඉඳලා
සිත දමනය කරගන්න
පුහුණු කරනවා.
මේ පුහුණුවෙදි ඇත්ත වශයෙන්ම
හිත දමනය කරගන්නෙ
වේදනා ලෙස කයෙහි ප්‍රකට වෙන
හිත ගැන සිහියෙන් සිටීමෙනුයි.
සතර සතිපට්ඨානයෙදි
චිත්ත ධම්ම දෙකට කලින්
කාය වේදනා අනුපස්සනා අවශ්‍ය වෙන්නෙ
ඒ නිසයි..
කෝපයට පත් වුණාම
කෙනෙක් ප්‍රතික්‍රියා කරන්නෙ
හිතේ ඇතිවෙන කෝපය නිසා නොවෙයි.
කයෙහි ඇතිවෙන ජෛව රසායනික වෙනස
ඔහුට අප්‍රසන්න නිසයි.
විද්‍යාවෙන් කරන්නෙ
ඔහු නිර්වින්දනය කරන එකයි.
බුදු දහම විපස්සනා මගින් කරන්නෙ
සිතෙත් කයෙත් ඇතිවෙන වෙනස ගැන සිහියෙන්..
ඒ දුකට උපේක්ෂාවෙන් නොවිඳ සිටීමයි.
අථ නිබ්බින්දති දුක්ඛෙ..
ඒස මග්ගෝ විසුද්ධියා.
ඒ විදියට ඉන්න කොට
මතුවෙන කෙලෙස් නැසිලා
සත්වයා විශුද්ධියට පත්වෙනවා. 
Athula Siriwardhane Chanaka Aruna Munasinghe .
[ සිත ඇතිවන්නේ කයෙහි පලයක් ලෙස තමයි බුදුදහම අනුවත්.]
නැහැ. සිත කය එක්කම තිබ්බත් කය ප්‍රත්‍ය නොවී සිත් හා චෛතසිකම ප්‍රත්‍ය වී තවත් සිත් ඇති වන අවස්ථා ගැන සඳහන්.
-------------------------------------------------------------------
කය ප්‍රත්‍ය නොවී
සිත් හා චෛතසිකම ප්‍රත්‍ය වී
තවත් සිත් ඇති වන අවස්ථා
තියෙන එක සත්‍යයක්..
මන කියන්නෙත් ආයතනයක්..
ඇස කණ නාසය ආදියට
බාහිර උත්තේජන අවශ්‍ය වුණාට
මනසෙ ඇතිවෙන රූපයක්
පෝෂණය කරන්න
මනසට පුලුවන්..
ඒත් ඒ හැම ක්‍රියාකාරිත්වයකදිම
කයෙත් වෙනසක් සිදු වෙනවා.
භය දුක සතුට නිසා කෙනෙක්
මැරෙන්නෙ ඒ බලපෑම නිසයි..
ආවේගය ඇතිවෙන්නෙ හිතේ වුණාට
මාරාන්තික වෙනස වෙන්නෙ කයේ..
[ සිත ඇතිවන්නේ කයෙහි පලයක් ලෙස තමයි බුදුදහම අනුවත්.]
නැහැ. සිත කය එක්කම තිබ්බත් කය ප්‍රත්‍ය නොවී සිත් හා චෛතසිකම ප්‍රත්‍ය වී තවත් සිත් ඇති වන අවස්ථා ගැන සඳහන්.
-------------------------------------------------------------------
කය ප්‍රත්‍ය නොවී
සිත් හා චෛතසිකම ප්‍රත්‍ය වී
තවත් සිත් ඇති වන අවස්ථා
තියෙන එක සත්‍යයක්..
මන කියන්නෙත් ආයතනයක්..
ඇස කණ නාසය ආදියට
බාහිර උත්තේජන අවශ්‍ය වුණාට
මනසෙ ඇතිවෙන රූපයක්
පෝෂණය කරන්න
මනසට පුලුවන්..
ඒත් ඒ හැම ක්‍රියාකාරිත්වයකදිම
කයෙත් වෙනසක් සිදු වෙනවා.
භය දුක සතුට නිසා කෙනෙක්
මැරෙන්නෙ ඒ බලපෑම නිසයි..
ආවේගය ඇතිවෙන්නෙ හිතේ වුණාට
මාරාන්තික වෙනස වෙන්නෙ කයේ..
No comments:
Post a Comment